8 ශ්‍රේණිය විද්‍යාව : ප්‍රභාසංස්ලේෂණය

8 ශ්‍රේණිය විද්‍යාව : ප්‍රභාසංස්ලේෂණය

ad-bannerඅධ්‍යාපනය

Published on 5/13/2020

3573 Views

ශාක, පරිසරයේ පැවැත්ම එනම් පරිසර සුරක්ෂිතතාවය සඳහා දායක වන ප්‍රධාන ජිවි කාන්ඩයක් ලෙස සැලකේ .ශාක විසින් සිය පැවැත්ම සඳහා ජෛව ක්‍රියාවලි රාශියක් සිදු කරනු ලබයි .ඒ අතරින් ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය පිළිබඳ ව මෙම පාඩම තුළ කතා කරමු .

ශාක ස්වංපෝෂිත එනම් තම දේහය තුළම ආහාර නිෂ්පාදනය කර ගනු ලබයි .එම නිසා සිය පැවැත්මට මෙන්ම සතුන්ගේ පැවැත්මට දායක වීමට ශාක වලට හැකියාවක් ලැබී පවතී.ශාක විසින් සිදුකරන ලබන ආහාර නිපදවීමේ ජෛව ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හඳුන්වයි .

ශාක වල ආහාර නිපදවන ප්‍රධානතම අවයවය වනුයේ ශාක පත්‍රයයි.ප්‍රභාසංස්ලේෂණය මගින් ආහාර නිපදවීම සඳහා අවශ්‍ය සාධක සහ එම සාධක ලබා ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කලහොත් ඒ සදහා ප්‍රධානතම සාධක හතරක් පවතී .

කාබන් ඩයොක්සයිඩ් :- වායුගෝලයේ සිට පත්‍රවල පූටිකා හරහා කාබන්ඩයොක්සයිඩ් පත්‍ර තුළට ගමන් කරයි

ජලය :- පසේ සිට මූල කේශ තුලට ජලය අවශෝෂණය කෙරේ .ඉන් පසුව ශෛලමය පටක ඔස්සේ ශාක පත්‍ර කරා ගමන් කරයි .

හරිතප්‍රද (ක්ලෝරොෆිල් ):- හරිතප්‍රද යනු කොළ පැහැති වර්නකයයි .ශාක පත්‍රයේ සෛලවල ඇති හරිතලව තුළ හරිතප්‍රද පිහිටයි .හරිතප්‍රද මගින් ආලෝක ශක්තිය අවශෝෂණය කරයි

ආලෝක ශක්තිය :- ශාක පත්‍ර මත පතනය වන සූර්යාලෝකයෙන් ආලෝක ශක්තිය අවශෝෂණය කිරීම හරිතප්‍රද මගින් සිදු කරයි.

ශාක වල ආහාර නිපදවන්නේ ශාක සෛල තුළ පිහිටි හරිතලව නම් ඉන්ද්‍රියිකා තුළ ය ශාක සෛල තුළ ඇති හරිතප්‍රද සූර්යාලෝකයෙන් අවශෝෂණය කරගන්නා ආලෝක ශක්තිය භාවිතයෙන් කාබන්ඩයොක්සයිඩ් හා ජලය අමුද්‍රව්‍ය ලෙස යොදා ගෙන ශාක තුළදී සිදුවන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය “ප්‍රභාසංස්ලේෂණය”ලෙස හැඳින්වේ ප්‍රභාසංස්ලේෂණයේ දී ඵල ලෙස ග්ලූකෝස් හා ඔක්සිජන් නිපදවේ . මෙසේ නිපදවන නිපදවෙන ග්ලූකෝස් පත්‍රය තුළදී පෘෂ්ඨය බවට පරිවර්තනය වෙයි. මෙම පෘෂ්ඨය සුක්‍රෝස් බවට පරිවර්තනය වී ශාකයේ අවශ්‍ය ස්ථානවල (වර්ධන අග්‍ර සහ සංචිත අවයව කරා )පරිවහනය වේ .

ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය දී නිපදවන ඵල නිරික්ෂණය කිරීම සඳහා විද්‍යාගාරය පරීක්ෂණ සිදු කළ හැකියි .ඒ තුළින් ප්‍රභාසංස්ලේෂණය සිදු වී ඇති බව නිගමනය කළ හැකිය.ඒ අනුව ග්ලූකෝස් නැතහොත් පෘෂ්ඨය නිපදවී ඇති බව පරික්ෂා කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකමෙහි යෙදෙමු

ශාක පත්‍රයක් ගෙන එම පත්‍රය ජලයේ තම්බා රත්කර ගන්න ඉන්පසුව මද්‍යසාර සහිත කැකෑරුම් නලය තුල එම පත්‍රය බහා නලය එම ජල බීකරයේම ගිල්වා පත්‍ර වල පැහැය අවර්ණ වන තුරු රත්වීමට තබන්න ඉන්පසු එම පත්‍ර ඉවතට ගෙන පිරිසුදු ජලයෙන් සෝදා අයඩීන් ද්‍රවනයෙන් බිංදු කිහිපයක් ඒ මතට එක් කරන්න .එහිදී ශාක පත්‍රය තද නිල් පැහැයට හැරෙනු නිරීක්ෂණය කළ හැකිය. අයඩීන් හමුවේ පෘෂ්ඨය නිල් පැහැයට හැරේ.ඒ අනුව ශාක පත්‍ර තුළ පිෂ්ටය අඩංගු බව තහවුරු වේ .එනම් ශාක පත්‍රය තුළ ප්‍රභාසංස්ලේෂණය සිදුවී ඇති බව නිගමනය කළ හැකි ය .

ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය ක්‍රියාවලියේදී ඔක්සිජන් ඵල ලෙස නිපදවෙන බව අධ්‍යයනය කරමු.ද්‍රෝනිකාවකට ජලය පුරවා හයිඩ්‍රිල්ලා හෝ වෙනත් නිමග්න ජලජ ශාක කිහිපයක් පුනීලයක් ආධාරයෙන් ද්‍රෝනිකාවේ රදවන්න.පුනීලයේ නිදහස් අග්‍රය ද්‍රෝනිකාව තුළදී ජලයෙන් පුරවා ගත් කැකෑරුම් නලයකින් වසන්න.ඒ ඇටවුම සූර්යාලෝකයට නිරාවරණය කර තබන්න .ඉන් පසුව නලය පරිස්සමින් ඉවතට ගෙන ඉවතට ගත් වහාම ඒ තුළට පුළිඟු කීර ඇතුළු කරන්න.ජලජ ශාක වලින් වායු බුබුළු පිටවී ඒවා කැකෑරුම් නලයේ ඉහලට එකතු වනු නිරීක්ෂණය කළ හැකිය .පරිස්සමින් පිටතට ගත් කැකෑරුම් නලය තුළට පුළිඟු කීර ඇතුළු කළ විට එය දීප්තිමත්ව දැල්වෙනු නිරීක්ෂණය කළ හැකිය. පුළිඟු කීර දීප්තිමත්ව දැල්වීමට හේතු වූයේ කැකෑරුම් නලය තුල ඔක්සිජන් වායු තිබීමය මේ අනුව ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දී ඔක්සිජන් වායුව නිපදවෙන බව මේ තුලින් නිගමනය කළ හැකියි .

ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම පිළිබඳව කතා කළහොත්,


- ජීවීන්ට ආහාර නිෂ්පාදනය කර දෙන ප්‍රධානතම ක්‍රියාවලිය යි.
- වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරයි එමගින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යෑම අවම කරවයි
- ස්වසන සඳහය සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා දෙයි
- වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන බැවින් ගෝලීය උණුසුම ඉහළ යෑමේ වේගය පාලනය කරයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner