7 ශ්‍රේණිය විද්‍යාව - ප්‍රභාසංස්ලේෂණය, ශාක පත්‍ර සහ මල්

7 ශ්‍රේණිය විද්‍යාව - ප්‍රභාසංස්ලේෂණය, ශාක පත්‍ර සහ මල්

ad-bannerඅධ්‍යාපනය

Published on 4/14/2020

944 Views

ආදරණීය දුවේ පුතේ ඔයාලගේ පාසල් නිවාඩු කාලය වඩාත් අර්ථවත්ව ගතකිරීම ඉතාමත් වැදගත්. විනෝද වීම පමණක්ම නොව අධ්‍යාපන කටයුතුවලටද අවධානය යොමුකිරීම ඔයාලා කරන්නම ඕනි. විද්‍යාව විෂය ධාරාවට අයත් පාඩම් කිහිපයක් ආශ්‍රිතව ඔබට ඉදිරිපත් කරන මෙම පාඩම් පෙළ බලන්න කෙතරම් වටිනවාද කියලා. අද අපි ඉදිරිපත් කරන්නේ ප්‍රභාසංස්ලේෂණය ශාක පත්‍ර සහ මල් පිළිබඳවයි.

 



ප්‍රභාසංශ්ලේෂණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ශාක පත්‍ර තුළයි. මෙම ක්‍රියාවලියට ශක්තිය ලබා ගන්නේ සූර්යාලෝකයෙන්. එබැවින් සෑම විටම ශාක පත්‍ර උපරිම ලෙස හිරු එළිය ලබාගත හැකි ආකාරයට පිළියෙල වී ඇති බව ඔබ දන්නවාද. ශාක පත්‍රය විවිධ හැඩ විවිධ ප්‍රමාණ මෙන්ම විවිධ පැහැයන්ගෙන් ද යුක්ත විය හැකියි. නමුත් සාමාන්‍යයෙන් ශාක පත්‍රයක පත්‍ර වෘන්තය, මැද නාරටිය, ශාඛා නාරටි, පත්‍ර අග්‍රය, පත්‍ර තලය, පත්‍ර දාරය, පත්‍ර පාදය යනාදී කොටස් දැකගත හැකියි. ශාක පත්‍රයක නාරටි පිහිටා ඇති රටාව නාරටි වින්‍යාසය ලෙසින් හඳුන්වයි. ශාක පත්රවල නාරටි වින්‍යාසය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් දැකගන්නට පුළුවන්. එනම් ජාලාභ නාරටි වින්‍යාසය සහ සමාන්තර නාරටි වින්‍යාසය. ජාලාභ නාරටි වින්‍යාසයක් නම් විශාල මැද නාරටියෙන් පටන් ගන්නා ශාඛා නාරටි පත්‍රය පුරා දැලක් මෙන් විහිදී පවතී. සමාන්තර නාරටි වින්‍යාසයක් නම් විශාල මැද නාරටියට සමාන්තරව ශාඛා නාරටි පත්‍රයෙහි විහිදී පවතී. ශාක පත්‍ර වල යටි පැත්ත නිරීක්ෂණය කිරීමෙන් දූලා පුතාලට මෙම නාරටි වින්‍යාසය පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. ශාක පත්‍රයක පත්‍රතලය කොටස්වලට බෙදී නැති විට වා සරල පත්‍ර ලෙස හඳුන්වන අතර සමහර සරල පත්‍රවල පත්‍ර තලය අර්ධ ලෙස බෙදී තිබිය හැකියි. සංයුක්ත පත්‍ර වල පත්‍රතලය සම්පූර්ණයෙන්ම කොටස් කිහිපයකට වෙන් වී පවතී. මෙසේ වෙන් වී ඇති කොටස් පත්‍රිකා ලෙස හැඳින්වේ. එවැනි පත්‍රිකා සහිත ශාක පත්‍ර සංයුක්ත පත්‍ර ලෙස හඳුන්වන්නට පුළුවන්.

 


මල් වල හෙවත් පුෂ්ප වල ප්‍රධාන කාර්යය ගෙඩි හෙවත් වල ඇති කිරීමයි. විශ්වයක ඇතිරිලිවල නිපදවෙන පරාග ඩිම්බකෝෂය තුළ ඇති නුඹ සමග එකතු වීමෙන් ඵල සහ බීජ හට ගනී. ඒ සඳහා හැඩගැසී ඇති ව්‍යුහය පුෂ්පයයි. පල තුළ ඇති බීජ මගින් අලුත් ශාක ඇති කරන අතර එම ඵල සහ බීජ විවිධ ක්‍රම මගින් පැතිරී යන බව ඔබ දන්නවාද. එනම් සතුන් මගින් සුළඟ මගින් ජලය මගින් සහ ස්පෝටනය මගින්. ශාකයක ඇති විවිධ කොටස් අතරින් පුෂ්පය ආකර්ෂණීය කොටසක් වේ. සුවඳ හැඩය වර්ණය මෙන්ම ප්‍රමාණයෙන්ද පුෂ්ප විශාල පරාසයක විවිධත්වයක් පෙන්වයි.

විවිධ ශාක වල පුෂ්ප අතර ඉතා විශාල විවිධත්වයක් දක්නට හැකි අතර සෑම පුෂ්පය කම අඩංගු වන ප්‍රධාන කොටස් 3 කි. එනම් මනිපත්‍ර දල පත්‍ර සහ ජායාංගය යි. වද පුෂ්පයක මෙම සෑම කොටසක්ම ඉතා පැහැදිලිව දූලා පුතාලට නිරීක්ෂණය කළ හැකියි. සාමාන්‍යයෙන් මණිපත්‍ර කොළ පාටයි. මනිපත්‍ර මුල ප්‍රධාන කාර්යය වන්නේ ලපටි පුෂ්ප ආරක්ෂා කිරීමයි. මල්පෙති හෙවත් දල පත්‍ර මලක ඉතා ආකර්ෂණීයම කොටසයි. වර්ණවත් දල පත්‍ර මගින් පරාගණය සඳහා කෘමීන් ආකර්ෂණය සිදුකරන අතර පුෂ්පයේ අභ්‍යන්තර කොටස් ආරක්ෂා කිරීම ද සිදුකරයි. පුෂ්පයක රේණු එහි පුමංගය ලෙස හැඳින්වේ. රේණුවක ප්‍රධාන කොටස් දෙකක් ඇති අතර එනම් පරාගධානිය සහ සූත්‍රිකාවයි. පුමාංගයෙ කාර්යය වන්නේ පරාග නිපදවීම වන අතර මල්වල විවිධ හැඩැති රේණු දැකගැනීමට දූලා පුතාලට හැකියාවක් පවතී. ජායාංගය තුළ කොටස් කිහිපයක් හඳුනා ගත හැකියි. එනම් කලංකය කීලය සහ ඩිම්බකෝෂයයි. ඩිම්බ කෝෂය තුළ ඩිම්බ පිහිටන අතර ජායාංගයෙ කාර්යය වන්නේ බීජ නිපදවීමට දායකත්වයක් සැපයීමයි.

තවත් මෙවැනිම විද්‍යා පාඩමකින් නැවත හමුවෙමු.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner