7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය:  සමාජයේ පවතින බලවේග

7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය: සමාජයේ පවතින බලවේග

ad-bannerඅධ්‍යාපනය

Published on 5/3/2020

237 Views

ආදරණීය දුවේ පුතේ අපි අද ඔබට ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ පුරවැසි අධ්‍යාපනය පාඩම් මාලාවේ එකොළොස්වැන්නයි. ජන සමාජයේ පවතින හිතකර සහ අහිතකර බලවේග හඳුනාගැනීම දරුවන් වශයෙන් ඔබට ඉතාමත් වැදගත්. බලන්න එය කෙතරම් රසවත් අධ්‍යයනයක්ද කියලා.

පවුලේ සාමාජිකයෙකු ලෙස මෙන්ම පුරවැසියෙකු ලෙස ජීවත්වීම සඳහා යහපත් සිතුම් පැතුම් ආචාරධර්ම සිරිත් විරිත් අප විසින් ප්‍රගුණ කළ යුතුයි. එමෙන්ම හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීම ජීවිත සාර්ථකත්වයට අත්‍යවශ්‍ය සාධකයකි. මේ නිසා එම ගුණාංග වර්ධනයට සහ අවශ්‍යතා ඉටුකර ගැනීමට ආධාර වන බලවේග ජීවිත සාර්ථකත්වයට හිතකර බලවේග ලෙස හඳුන්වන්නට පුළුවනි. එම හිතකර බලවේග හඳුනා ගෙන ඒවා අපගේ ජීවිතයට ළං කර ගැනීමට නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. ඔබේ ජීවිත සාර්ථකත්වයට හිතකර බලවේග වලට නිදසුන් ලෙස පවුල, ආගමික ස්ථාන, කල්‍යාණ මිත්‍රයන්, පොත්පත්, හොඳ මාධ්‍ය වැඩසටහන් ආදිය හඳුන්වා දෙන්නට පුළුවනි. ඔබේ දෙමව්පියන් සහ වැඩිහිටියන් නිරන්තරයෙන්ම ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරයි. ඔවුන්ගේ උතුම් බලාපොරොත්තුව වන්නේ ඔබ යහපත් පුරවැසියකු ලෙස සමාජයට දායාද කිරීමයි. ඔබ තුළ යහගුණ වර්ධනය කිරීමට ඔබේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඔබට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට ඔවුන් සෑම දෙනාම කැපවීමෙන් කටයුතු කරයි. දෙමව්පියන් පූර්වාචාර්යවරුන් ලෙස සමාජය පිළිගනු ලබන්නේ ඒ නිසාවෙනි. ඔවුන්ගේ ආදර්ශ අවවාද පිළිපදිමින් යහපත් ජීවන චරිතයක් ගොඩනඟා ගැනීමට යොමු වීම ඉතාමත් වැදගත්.

ළමා වියේ දී ඔබ සාමාජිකත්වය ලබන ජීවිතයට ඉතා වැදගත් වන ආයතනයක් ලෙස පාසල හඳුන්වන්නට පුළුවන්. පාසල තුළ ක්‍රියාත්මක කෙරෙන සියලු ක්‍රියාකාරකම් ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා මෙහෙයවීම අරමුණු කරගෙන සැලසුම් කර ඇත. අධ්‍යාපනය ලබා දීම, ඔබගේ විවිධ වූ දක්ෂතා ඔප් නැංවීමත් සහ ආධ්‍යාත්මික දියුණුව ඇති කිරීම තුළින් රටට දෙයට යහපත් පුරවැසියෙකු දායාද කිරීම පාසලෙන් ඉටුවන මහඟු සේවයකි. එම සේවාව ඉටු කිරීම සඳහා ගුරුවරුන් ඇතුළු කාර්යමණ්ඩලය ඔබ වෙනුවෙන් කැප වී කටයුතු කරයි. එමනිසා පාසලද ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට නිරතුරුවම වැදගත් වේ. ඔබ බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් හෝ වෙනත් ආගමක් අදහන අයෙක් විය හැකියි. අප කුමන ආගමක් ඇදහුවද ආගමික ස්ථාන වල ක්‍රියාත්මක වන වැඩසටහන් වල මූලික අරමුණ වන්නේ දහම් දැනුම ලබා දීම, පුද්ගලයන් හොඳ මගට යොමු කිරීම සහ යහපතෙහි පිහිටුවීමයි. ආගමික ආයතන මගින් අපේ ජීවිත සාර්ථකත්වය සඳහා ඉටු කරන මෙහෙවර ඉතා වැදගත්. මේ නිසා එම ආයතන සමඟ සමීප සබඳතා ගොඩනඟා ගැනීම, මෙම ආයතන වල පැවැත්වෙන වැඩසටහන්වලට සහභාගි වීම අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner