8 ශ්‍රේණිය විද්‍යාව: දහනය

8 ශ්‍රේණිය විද්‍යාව: දහනය

ad-bannerඅධ්‍යාපනය

Published on 5/1/2020

688 Views

පදාර්ථය විපර්යාස පිළිබඳව කතා කිරීමේ දී බොහෝ රසායනික විපර්යාසයන් සඳහා දහනය උපයෝගී කරගන්නවා.එම නිසා මෙම විද්‍යාව පාඩම් මාලාව තුල දහනය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා.

දහනය සඳහා වාතයේ ඇති ඔක්සිජන් වායුව අවශ්‍යයයි. වාතය තිබෙන දහන පෝෂක වායුව ඔක්සිජන් වේ.දහනයට භාජනය වන ද්‍රව්‍ය මෙන්ම දහනය නොවන ද්‍රව්‍ය ඇත.එසේ දහනයට භාජනය වන ද්‍රව්‍ය දාහ්‍ය ද්‍රව්‍ය නමින් හඳුන්වන අතර දහනයට භාජන නොවන ද්‍රව්‍ය අදාහ්‍ය ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා .

දාහ්‍ය ද්‍රව්‍ය නිදසුන් :- කපුරු පෙති, ඉටි ,ගෙන්දගම් සීනි ලාකඩ කඩදාසි තාර පිටි පෙට්රල් භූමිතෙල්

අදාහ්‍ය ද්‍රව්‍ය නිදසුන් :- වීදුරු වැලි ගල්

දාහ්‍ය ද්‍රව්‍ය දහන පෝෂක වායුවක් සමඟ ප්‍රතික්‍රියා කිරීම “දහනය”යි. දහනය නම් ප්‍රතික්‍රියාවේ ඇති සුවිශේෂී ලක්ෂණය වන්නේ එය තාප ශක්තිය ආලෝක ශක්තිය පිට කරමින් සිදුවන රසායනික විපර්යාස විපර්යාසයක් වීමයි .දාහ්‍ය ද්‍රව්‍යයක් දහනය සඳහා (ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කිරීම ආරම්භ වීම සඳහා) එක්තරා උෂ්ණත්වයකට රත් වීම අවශ්‍යයයි. එම උෂ්ණත්වය ද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයට වෙනස් වෙයි .දාහ්‍ය ද්‍රව්‍ය වාතයේ දහනය වීම ආරම්භ වන උෂ්ණත්වය හඳුන්වන්නේ එම ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වය හෝ ජ්වලන අංකය වශයෙනි .

ඒ අනුව ඉක්මනින් ගිනි ගන්නා ද්‍රව්‍ය අඩු ජ්වලන උෂ්ණත්වයකින් යුක්ත වන අතර පහසුවෙන් ගිනි නොගන්නා ද්‍රව්‍ය ඉහළ ජ්වලන උෂ්ණත්වයෙහි යුක්තව වේ .දාහ්‍ය ද්‍රව්‍යයක් දහනය වීම ඇරඹෙන්නේ එය එහි ජ්වලන උෂ්ණත්වය දක්වා රත් වීමෙන් අනතුරුවය යි.

මේ අනුව දහනය සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් පවතී. එම සාධක මෙසේය.

> දාහය ද්‍රව්‍ය තිබීම
> දහන දහන පෝෂකයක් (ඔක්සිජන් )ලැබීම
> දාහ්‍ය ද්‍රව්‍ය ජ්වලන උෂ්ණත්වයට රත් වීම

යම්කිසි දහනයක් සිදු වීමට අවශ්‍ය සාධක කතා කරනවා සේම හදිසි අනතුරක් නිසා ඇතිවන ගිනි ගැනීමක් අවස්ථාවක දී ඔබ විසින් අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව කතා කිරීම වැදගත් වෙනවා .ගින්නක් නිවීමට නම් ගින්න ඇතිවීමට හේතුවන සාධක ගින්නෙන් ඉවත් කළ යුතු වෙනවා.ඒ අනුව ගින්න නිවීමට ගින්නට දහන පෝෂක ලැබීම වැළැක්වීම, ජ්වලන උෂ්ණත්වය ට පත් වීම වළක්වාලීම, එනම් තාපය ලැබීම වලක්වා ලීම හා දාහය ද්‍රව්‍ය ඉවත් කිරීම සිදු කළ යුතුයි .

බොහෝ විට ගිනි නිවීමට අප යොදා ගන්නා ක්‍රමය දැවෙන ද්‍රව්‍ය මතට ජලය ඉසීමයි .මීට අමතරව වැලි ,තෙත ගෝනි වැනි දේ වලින් ද්‍රව්‍යය වැසීමද සිදුකරනු ලැබෙනවා .


ගිනි අඟුරු මත ජලය ඉසින විට ගින්න නිවේ. එසේ වන්නේ ජලය ගිනි අඟුරු වන තාපය උරාගෙන වාෂ්ප බවට පත් වන විට ගිනි අඟුරු වල උෂ්ණත්වය ,ජ්වලන උෂ්ණත්වය ට වඩා පහත වැටෙන බැවිනි.


ඇඳුමකට ගිනි ඇවිලුනු විට දී දිව යෑමෙන් වැලකිය යුතුය. දුවන විට ඔක්සිජන් වායු හොඳින් ලැබීම නිසා ගින්න තවදුරටත් වර්ධනය වේ. ගින්න නිවීමට දහන පෝෂකය වන වාතය හා ගිනි ගෙන ඇති ද්‍රව්‍යයත් අතර සම්බන්ධය බිදීම සිදු කළ යුතුය. ඒ සඳහා බිම පෙරළීම ඝනකම් ද්‍රව්‍යකින් සිරුර ආවරණය කිරීම වැනි ක්‍රම අනුගමනය කළ යුතුය.


ගින්නක් නිවීම සඳහා ඇති එකමඇති එකම ක්‍රමය අනුගමනය කළ නොහැකිය ඉන්න ස්වභාවය හඳුනාගෙන සුදුසු ක්‍රමය තෝරා ගත යුතුවේ නිදසුනක් ලෙස විදුලි කාන්දු වීමෙන් ඇතිවන ගිනි තෙල් දහනය වීමෙන් ඇතිවන ගිනි නිවීම සඳහා ජලය භාවිතය නුසුදුසුය.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner