e-class: 10 ශ්‍රේණිය සඳහා ව්‍යාපාර සංවිධාන - 1

e-class: 10 ශ්‍රේණිය සඳහා ව්‍යාපාර සංවිධාන - 1

ad-bannerඅධ්‍යාපනය

Published on 4/11/2020

791 Views

මේ සූදානම් වෙන්නේ නිවසටම වෙලා ඉන්න 10 11 ශ්‍රේණි වල ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් සරල විදියට ව්‍යාපාර අධ්‍යයන පාඩම් මාලාව ඉදිරිපත් කරන්න. ව්‍යාපාර සංවිධාන පාඩමෙන් අපි පටන්ගමු.

ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද?

ව්‍යාපාරයක් කියන එක නිර්වචනය කරනකොට මතක තියාගන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ව්‍යාපාරයක් කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනා ඉෂ්ට කරන්න භාණ්ඩ හා සේවා සපයන්න පුද්ගල කණ්ඩායමක් එකතුවෙලා සකස් කරපු සංවිධානයක් වෙනවා. ලෝකය පුරා තියෙන ව්‍යාපාර විවිධ ක්ශේත්‍ර වලට විහිදිලා යනවා. කොටසක් අමුද්‍රව්‍ය යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරනකොට තවත් කොටසක් තමන්ගේ කුසලතාවය හා හැකියාව සේවාවන් විදියට අලෙවි කරනවා. ඒ කියන්නේ ලෝකය පුරාම දකින්න තියෙන ව්‍යාපාර කොටස් දෙකක් තියෙනවා. ඒ

* භාණ්ඩ නිෂ්පාදනය කරන ව්‍යාපාර සහ *සේවා සපයන ව්‍යාපාර
විදිහට. මතක තියාගන්න ඕන වැදගත්ම කාරණය තමයි අද ලෝකේ වැඩි ඉල්ලුමක් තියෙන්නේ කුසලතා අලෙවිකරණ ව්‍යාපාරවලට.

ව්‍යාපාරයකට සම්බන්ධ පාර්ශවකරුවෝ ගණනාවක් ඉන්නවා. ඒ අය හඳුන්වන්නේ ඇල්මැති පාර්ශව කියලා. එක කට්ටියක් තමයි ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන අය. ඒ අය එහි අයිතිකාරයෝ වෙනවා . ලෝකය පුරා බිහිවෙලා තියෙන ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන්. ඒසඳහා මූලික පදනම් තුනක් තියෙනවා.

1. හිමිකාරත්වය අනුව වර්ගීකරණය

හිමිකාරත්වය අනුව ව්‍යාපාර වර්ග කරන්න පදනම් වන්නේ ව්‍යාපාරය සඳහා මුදල් යොදවන්නේ කවුද ව්‍යාපාරයේ ලාභ පාඩු අවදානම භාර ගන්නේ කවුද කියන එක මත. ඒ අනුව ප්‍රධාන ව්‍යාපාර වර්ග දෙකක් තියනවා.


      a. පෞද්ගලික අංශයේ ව්‍යාපාර
      b. රාජ්‍ය අංශයේ ව්‍යාපාර


පෞද්ගලික අංශය මුදල් යොදවලා ව්‍යාපාරය ආරම්භ කරලා එහි ලාභ පාඩු භුක්ති විදිනවා නම් ඒ ව්‍යාපාරය අයිති වෙන්නේ පෞද්ගලික අංශයට. රාජය මුදල් ආයෝජනය කරලා එහි ව්‍යාපාර කටයුතු කරගෙන යනවා නම් අවදානම භාරගන්නවා නම් එය අයිති වෙන්නේ රජයට.
 

2. අරමුණ අනුව වර්ගීකරණය

ව්‍යාපාරයක් ආරම්භ කරනකොට එහි විවිධ අරමුණු තියෙන්න පුළුවන්. ඒ නිසා ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ තියෙන අරමුණ අනුව ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්.


        a. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර
        b. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර

3. පරිමාණය අනුව වර්ගීකරණය


පරිමාණය අනුව වර්ගීකරණය ටිකක් සංකීර්ණයි. ව්‍යාපාරයක පරිමාණය තීරණය කරන්න ප්‍රධාන සාධක හතරක් සලකනවා. ඒ

   i ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය
  ii සේවක සංඛ්‍යාව
 iii එහි භාවිතා කරන බලශක්ති වල ප්‍රමාණයන්
 iv ව්‍යාපාරයට ඇති වෙළෙඳපොළ කොටස


ඔය කියන කරුණු ටික සලකලා බලලා පරිමාණය අනුව ව්‍යාපාර කොටස් දෙකකට බෙදෙනවා. ඒ
      a. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
      b. මහා පරිමාණ ව්‍යාපාර විදිහට


මතක තියාගන්න ඕන වැදගත් කාරණය තමයි එකම ව්‍යාපාරයක් මේ පදනම් තුනම යටතේ වර්ග කරන්න පුළුවන් කියන එක. යම් ව්‍යාපාරයක් පෞද්ගලික සුළු පරිමාණ අරමුණු කරගත් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් ව්‍යාපාරයක් රාජ්‍ය මහාපරිමාණ ලාභ අරමුණ කර නොගත් එකක් වෙන්න පුළුවන්.

 

 

 

 

 

 

 

by Dilki Shamani

photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner