7 ශ්‍රේණිය - ICT : පරිගණකයේ ආරක්ෂාව

7 ශ්‍රේණිය - ICT : පරිගණකයේ ආරක්ෂාව

ad-bannerඅධ්‍යාපනය

Published on 4/14/2020

651 Views

දූලා පුතාලා දන්නවාද අපේ පරිඝණකයක් අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. එහි පිළිබඳව අවබෝධයක් ලබාදීම සඳහා මෙම ලිපිය අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

පරිගණකයේ පැවැත්ම සහ ආරක්ෂාව සඳහා විවිධ පූර්ව ආරක්ෂක උපක්‍රම යොදාගෙන තිබීම ඉතා වැදගත්. පරිගණක පද්ධතියේ ආරක්ෂාව කොටස් දෙකකට බෙදා වෙන් කළ හැකියි. එනම් දෘඩාංග වල ආරක්ෂාව සහ මෘදුකාංග වල ආරක්ෂාව යනුවෙනි. පරිගණකයක අතින් ඇල්ලිය හැකි මෙන්ම දැකිය හැකි කොටස් පරිගණක දෘඩාංග සංරචක ලෙස හඳුන්වන්නට පුළුවනි. මේ බවට නිශ්චිත හැඩයක් ඇති අතර පරිගණකයක බාහිරින් පමණක් නොව පරිගණකයක පද්ධති ඒකකය තුළද පරිගණක දෘඩාංග පවතී. සංදර්ශකය හෙවත් monitor, මූසිකය හෙවත් mouse, යතුරු පුවරුව හෙවත් keyboard දැකිය හැකි පරිගණක දෘඩාංග කිහිපයකි. හදිසි විදුලි විසන්ධි වීම මගින්, පරිගනක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත්වීම, අධික විදුලි ධාරාවක් ලැබීම, සොර සතුරු උවදුරු සහ පරිගණක දෘඩාංග මත දුවේ තැන්පත්වීම සහ කෘමි උවදුරු යනාදිය මගින් පරිගනකයේ දෘඩාංග වලට හානි සිදුවිය හැකියි. පරිගණක විද්‍යාගාරයේ ඇතුළත වායු සමනය කිරීම සඳහා වායුසමීකරණ යොදා ගැනීම, පරිගණකය තුල අධිකලෙස රත්වන උපාංග මත සිසිලන පංකා සවිකිරීම, පාවහන් ගලවා විද්‍යාගාරයට ඇතුළු වීම මගින් විද්‍යාගාරය තුළ වැලි දූවිලි ආදියෙන් තොර පරිසරයක් පවත්වා ගැනීම, විද්‍යාගාරය තුළ ආහාර ගැනීමෙන් බිම වැටුණු ආහාර කැබළි වලට කුහුඹුවන් වැනි කෘමීන් ඇදී ඒම වලක්වා ගැනීම, විද්‍යාගාරයේ දොර ජනෙල් හොඳින් අගුළු දැමිය හැකි ලෙස සැකසීම, පරිගණකයේ පද්ධති ඒකකය ඉබි යතුරු මගින් ආරක්ෂා කිරීම, පියවූ පරිපථ රූපවාහිනී කැමරා භාවිතය යනාදිය ඒ සඳහා ගත හැකි ආරක්ෂක පියවර කිහිපයකි.

පරිගණකය තුල ඇති දත්ත තොරතුරු සහ විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා වැඩසටහන් පරිගණක මෘදුකාංග යටතට ගැනේ. උදාහරණ වශයෙන් මෙහෙයුම් පද්ධතිය, වදන් සැකසුම් මෘදුකාංග, ලිපි ලේඛන ඇතුලේ ගොනු සහ පින්තූර ඇතුලත් ගොනු පෙන්වා දිය හැකියි. අහඹු ලෙස ගොනු මැකී යාම හෝ උඩින් ලියවීම, අනවසර ප්‍රවේශවීම, මෙහෙයුම් පද්ධතියේ ඇතිවිය හැකි ව්‍යාකූලතා, හදිසි විදුලි බිඳවැටීම්, ස්වභාවික අාපදා ත්‍රස්ත උවදුරු ආදිය මෘදුකාංග වලට තර්ජන ඇතිවිය හැකි ප්‍රධාන අවස්ථා කිහිපයකි. මෘදුකාංගමය විසඳුම් ලබා දීම, භෞතික අගුල් භාවිතය, ප්‍රතිවෛරස මෘදුකාංග භාවිතය, උපස්ථ පිටපත් ලබා ගැනීම ආදිය මගින් පරිගණක මෘදුකාංග සංරචක ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.

තවත් රසවත් තොරතුරු සහ සංනිවේදන තාක්ෂණ පාඩමක් සමඟින් නැවතත් හමුවෙමු.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner