7 ශ්‍රේණිය විද්‍යාව : සත්ත්ව ලෝකය

7 ශ්‍රේණිය විද්‍යාව : සත්ත්ව ලෝකය

ad-bannerඅධ්‍යාපනය

Published on 4/14/2020

3455 Views

අද අපේ දූලා පුතාලට ඉදිරිපත් කරන්නට යන්නේ විද්‍යාව විෂය ධාරාව යටතේ අප විසින් ඉදිරිපත් කරනු ලබන තුන්වන පාඩමයි. එනම් සත්ව ලෝකය පිළිබඳවයි. සතුන් මිලියන ගණනකින් සමන්විත වන සත්ව ලෝකයේ විවිධත්වය පිළිබඳව මෙම පාඩම හරහා හදාරමු.

මිනිසා ද සත්ත්ව ලෝකයේ එක් සාමාජිකයෙකි. සත්ව ලෝකය තුළ සත්ත්ව විශේෂ ඉතා විශාල සංඛ්‍යාවක් ඇත. මෙම සත්ව විශේෂ නම් කිරීම හඳුනාගැනීම පහසුවීම පිණිස මෙන්ම ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීමේ පහසුව සඳහාද සතුන් කාණ්ඩවලට වෙන් කර තිබේ. විවිධ නිර්ණායක පදනම් කරගනිමින් ඔබ සතුන් කාණ්ඩ ගත කළ ආකාරය මොහොතකට සිහිපත් කර බලන්න. නමුත් විද්‍යාත්මක ක්‍රමයක් යටතේ සතුන් වර්ග කිරීම මෙහිදී ඉතාමත් වැදගත්. ඔබගේ පාසලේ විද්‍යාගාරයේ තිබෙන මිනිස් සැකිල්ලක රූප සටහනක් හොඳින් අධ්‍යයනය කරන්න. හිස් කබලේ පිටුපස සිට සිරස්ව පහලට දිවෙන අස්ථි පෙළක් ඇති බව ඔබට දැකගත හැකිවෙයි. ඔබගේ ශරීරයේ පිට පෙදෙස ස්පර්ශ කර එම අස්ථි පෙළ හඳුනා ගැනීමට පුළුවනි. එසේ ඔබට අතට අසුවන අස්ථි පෙළ කොඳුඇටපෙල හෙවත් කශේරුව යන නමින් හඳුන්වයි. මිනිසා ඇතුළු බොහෝ සතුන්ට මෙවැනි කොදු ඇටපෙළක් පවතී.

අප අවට පරිසරයේ දක්නට ලැබෙන ඇතැම් සතුන්ට කොදු ඇටපෙළක් නැති බව දූලා පුතාලා දන්නවාද. කොඳුඇට පෙලක් දක්නට නොමැති සත්ව විශේෂ කිහිපයක් නම් කූඩැල්ලා, සමනලයා, කුරුමිණියා, ඉස්සා, ගොලුබෙල්ලා යනාදියයි. මේ අනුව සතුන් කොඳු ඇට පෙළක් ඇති සහ කොඳු ඇට පෙළක් නැති සතුන් යනුවෙන් වර්ග කළ හැකි බව දැන් ඔබට වැටහෙනවා ඇති. කොඳුඇට පෙලක් ඇති සතුන් පෘෂ්ඨවංශීන් ලෙසද කොඳුඇට පෙලක් නැති සතුන් අපෘෂ්ඨවංශීන් ලෙස ද හඳුන්වයි. සතුන් විවිධ පරිසරවල ජීවත්වන බව ඔබ දැක ඇති. ජලය ගොඩබිම වායුගෝලය මෙන්ම වෙනත් ජීවීන් මත සහ ජීවීන් තුළ ද සතුන් ජීවත් වේ. මේ හැරුණු විට හිම මත, ගැඹුරු මුහුදේ පතුලේ සහ කාන්තාර වලද ජීවත් වන සතුන් සිටී. ඔවුන්ට එම අහිතකර පරිසර තත්ත්ව යටතේ පවා ජීවත් වීමට හැකියාව ලැබී ඇත්තේ එම සතුන්ට එම පරිසරයට හැඩ ගැසීමට ඇති හැකියාව නිසයි.

සතුන් තම පරිසරයට දක්වන හැඩගැසීම් අනුවර්තන ලෙස හඳුන්වයි. මෙම අනුවර්තන ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සපුරා ගැනීමට උදවු කරන බව ඔබ දන්නවාද. එමගින් ජීවීන් පරිසරය තුළ සිය පැවැත්ම තහවුරු කර ගනිති. සමහර සත්ත්ව විශේෂ තම ශරීර වර්ණය තමා සිටින පරිසරය සමඟ ගැලපීම මගින් සිය පැවැත්ම තහවුරු කරගැනීමට අනුවර්තන දක්වයි. මේ ආකාරයට බොහෝ සතුන් තම පරිසරය සහ ගැලපීම නිසා විලෝපියන්ට පහසුවෙන් දර්ශනය නොවී ආරක්ෂා වේ. ශරීරයේ වර්ණය පරිසරය වර්ණය සමඟ ගැලපීම නිසා සත්වයන් පහසුවෙන් පරිසරයෙන් වෙන් කර ගැනීම අපහසු වීම වේශාන්තරනය ලෙස හඳුන්වයි.

නැවතත් රසවත් විද්‍යා පාඩමක් සමඟින් හමුවෙමු.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner