8 ශ්‍රේණිය විද්‍යාව: ක්ෂුද්‍ර ජීවීන්

8 ශ්‍රේණිය විද්‍යාව: ක්ෂුද්‍ර ජීවීන්

ad-bannerඅධ්‍යාපනය

Published on 4/20/2020

4698 Views

අපගේ පියවි ඇසට පැහැදිලි ව දකින්නට ලැබෙන ජීවීන් මෙන්ම එසේ පැහැදිලිව නොපෙනෙන ජීවින් ද අවට පරිසරයේ සිටී .තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් ගොඩනැගී අප පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන ජීවින් ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වේ .මොවුන් පියවි ඇසට පැහැදිලිව නොපෙනෙන බැවින් මෙම ජීවීන් පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අන්වීක්ශ භාවිතයට ගනී .

ක්ෂුද්‍ර ජීවීහු සෑම පරිසරයකම ජීවත් වේ. වායුගෝලය ,ජලය, පස ,ජීවී දේහ මත හා ජීවී දේහ තුළ මෙන්ම අන්තරික පරිසරය තුළ එනම් ජීවීන්ට ජීවත් වීමට අපහසු පරිසර වල පවා එනම් හිමකඳු ,කාන්තාර, සාගර පතුල, උණුදිය උල්පත් හා ලවණ වගුරු ආදියේද මෙම ජීවීන්ට ජීවත් විය හැකිය. මේ හෙයින් මෙම ජීවීන් පුලුල් විවිධත්වයකින් යුක්ත වෙයි.එම නිසා මෙම ක්ෂුද්‍ර ජීවීන් පෝෂණ ක්‍රම හා රූපීයව ද වර්ගීකරණය කරනු ලැබේ .නිදසුනක් වශයෙන්
බැක්ටීරියා, ඇතැම් ඇල්ගී ,ඇතැම් දිලීර ,ඇමීබා හා පැරමීසියම් වැනි ප්‍රොටොසොවාන් ක්ෂුද්‍ර ජීවීන් ලෙස දැක්විය හැකි ය .

ක්ෂුද්‍ර ජිවීන්ගේ ක්‍රියාකාරීත්වයට ප්‍රධානතම සාධක වන්නේ යෝග්‍ය වූ තෙතමනය හා උෂ්ණත්වය.අප ශීතකරණය ආහාර ද්‍රව්‍ය තබා ගැනීමට භාවිතා කරන්නේද ක්ෂුදු ජීවී ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන එම යෝග වූ තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරන බැවිනි .

ක්ෂුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයඔබට එදිනෙදා ජීවිතයේදී ඕනෑ තරම් දකින්නට ලැබේ.උදාහරණයක් වශයෙන් පාන් පෙත්තක් ජලය ස්වල්පයක් වැදි දින කිහිපයක් තැබූ විට එම පාන් පෙත්ත මත කළු පැහැති ව්‍යුහ දක්නට ලැබෙයි.සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මෙය හඳුන්වන්නේ පුස් වශයෙනි . නමුත් මේ පිළිබඳව විද්‍යාත්මක ඇසින් බැලූ විට මෙසේ සිදු වන්නේ සිදුවන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය නිසයි.මෙවැනි තත්ත්වයන් එදිනෙදා ජීවිතයේ ඕනෑ තරම් දකින්නට ලැබේ . මෙලෙසින් ආහාර නරක් වීමට ද ප්‍රධානම හේතුවක් වන්නේ ආහාර මත ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමයි .

ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට සුදුසු උපස්තරය ජලය ,යෝග්‍ය වූ උෂ්ණත්වය හා PH පරාසය පාලනය කිරීම තුළින් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය පාලනය කරගත හැකිය.

ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසාට ප්‍රයෝජනවත් මෙන්ම හානිදායක අවස්ථාද තිබේ.ක්ෂුද්‍ර ජීවීන් මගින් මිනිසාට හිතකර අවස්ථා පිළිබඳව කතා කළොත්,අතීතයේ සිට අද දක්වා ම විවිධ කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කරයි .නිදසුනක් ලෙස


     - කිරි මිදවීම
     - යෝගට් නිෂ්පාදනය
     - චීස් නිෂ්පාදනය
     - බේකරි නිෂ්පාදන
     - ප්‍රතිජීවක ඖෂධ
     - ආහාරයට යොදා ගන්නා හතු
     - විනාකිරි නිෂ්පාදනය

 

ආදි වූ බොහෝ කර්මාන්ත සඳහා ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය පාලනයකින් යුතුව සිදු කිරීම තුළින් බොහෝ ආහාර වර්ග නිෂ්පාදනය කරයි .

ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය මගින් සිදුවන හානි දායක ප්‍රතිඵල ගැන කතා කිරීමේ දී මිනිසාට ,සතුන්ට හා ශාකවලට යන ත්‍රිවිධාකාරයෙන් ම කරුණු ඉදිරිපත් කළ හැකි ය .

ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා මිනිසාට ඇතිවන බල පෑම,


බැක්ටීරියා - ක්ෂය රෝගය ,ලාදුරු, උණසන්නිපාතය
ප්‍රොටොසොවාන් - මැලේරියාව, ඇමීබා අතීසාරය , ලීෂ්මානියාව
දිලීර - අලුහම් ,දද

සතුන්ට වැළඳෙන රෝග,
    > මුඛ හා කුඩ රෝග
    > බුරුළු ප්‍රදාහය රෝගය

ශාක වලට ඇතිවන බලපෑම,
   - කොළ කොඩ වීම
   - පත්‍ර විචිත්‍ර රෝගය
   - පිට මකුනු රෝගය.

මෙසේ ක්ෂුද්‍ර ජීවීන් මිනිසාට හිතකර මෙන්ම අහිතකර ලෙස ද බලපෑම් ඇති කරයි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner