7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය: දත්ත සහ තොරතුරු

7 ශ්‍රේණිය - පුරවැසි අධ්‍යාපනය: දත්ත සහ තොරතුරු

ad-bannerඅධ්‍යාපනය

Published on 5/3/2020

283 Views

ආදරණීය දුවේ පුතේ මෙම ලිපිය ඔබගේ පුරවැසි අධ්‍යාපනය පාඩම් මාලාවේ සත්වැන්නයි. මෙහිදී දත්ත සහ තොරතුරු ජන සමාජයේ යහ පැවැත්ම පිණිස යොදාගන්නා ආකාරය පිළිබඳව දූලා පුතාලට තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන් ඉදිරිපත් කර තිබේ. බලන්න එය කෙතරම් රසවත් සහ ප්‍රායෝගික පාඩමක්ද කියලා.

දත්ත යනුවෙන් හඳුන්වන්නේ කිසියම් විශේෂ ක්ෂේත්‍රයක් සම්බන්ධව තොරතුරු ඉදිරිපත් කරන මූලාශ්‍ර. මෙමගින් නිශ්චිත අදහසක් නිවැරදිව ප්‍රකාශ කළ හැකි යි. එසේම යම් දත්තයක් එක් රැස් කරන්නේ නම් කිසියම් අවශ්‍යතාවක් සඳහා යි. වර්තමාන ලෝකය දත්ත සහ තොරතුරු වලින් පිරුණු එකකි. දත්ත සහ තොරතුරු ගලා එන මාධ්‍ය විශාල සංඛ්‍යාවක් ද දක්නට ලැබේ. දත්ත සහ තොරතුරු තම අවශ්‍යතා සහ සමාජ අවශ්‍යතා වලදී ඒවා නිවැරදිව සහ විචාරශීලීව පරිහරණය කිරීම ඉතාමත් වැදගත්. විශේෂයෙන් අන්තර්ජාල පරිහරණය සහ සමාජ වෙබ් අඩවි පරිහරනයේදී බුද්ධිමත්ව කටයුතු කිරීම සහ තොරතුරුවල වහලෙකු නොවී මංමුළා නොවී කටයුතු කිරීම වැදගත්. තොරතුරු ලබා ගැනීමට ඇති ප්‍රවේශ පහසු වී ඇති බැවින් ඒවා අධ්‍යාපන අවශ්‍යතා සඳහා ඵලදායීව භාවිතා කළ යුතුයි.

අපට එදිනෙදා ජීවිත අවස්ථාවලදී විවිධ සිද්ධි වලට මුහුණ දීමට සිදුවේ. එහි එළඹෙන තත්ත්ව සහ අවස්ථාවලදී දත්ත සහ තොරතුරු ඉතාම වැදගත්. නිවැරදි තොරතුරු සහ දත්ත අප සතු නම් සියලු කාර්යය ඉතා පහසුවෙන් කළ හැකි අතර ගැටලු සහ ප්‍රශ්න අවම වන ආකාරයට කටයුතු කිරීමටද පුළුවනි. දත්ත සහ තොරතුරු යනු ලිඛිත දෑ පමණක් නොව අපගේ ජීවිත අත්දැකීම්ද ඵලදායි දත්ත සහ තොරතුරු වෙයි. අප සතු පෙර අත්දැකීම් ඇත්නම් ඕනෑම සිද්ධියකට අවස්ථාවකට අභියෝගයකට ඉතා පහසුවෙන් මුහුණ දෙන්නට පුළුවන්. මේ අනුව අප සතු දත්ත සහ තොරතුරු පුද්ගලයාට මෙන්ම සමාජයටද වැඩදායි වන ලෙස යොදා ගැනීම වැදගත්. එය ජීවන පුරුද්දක් බවට ද පත් කර ගත යුතුයි. ජනමාධ්‍ය මගින් නිරන්තරයෙන්ම මිනිසුන්ගේ ආර්ථික සමාජ සහ වෙනත් අවශ්‍යතා සඳහා තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. කාලගුණ අනාවැකි, විනිමය අනුපාත, වෙළෙඳපොළ මිල ගනන්, හදිසි සහ වැදගත් දුරකතන අංක, වෙළඳ දැන්වීම්, ලූහුඩු දැන්වීම්, රාජ්‍ය නිවේදන, රැකියා තොරතුරු යනාදිය දෛනිකව ඉදිරිපත් කෙරෙන අපට අත්‍යවශ්‍ය වන තොරතුරු කිහිපයකි.

ජනතාවට අවශ්‍ය විවිධ තොරතුරු මාධ්‍ය මගින් ඉදිරිපත් වෙයි. මෙම තොරතුරුවල අතිශයෝක්තිය සත්‍ය අසත්‍ය බව අව්‍යාජත්වය විශ්වාසවන්ත භාවය පිළිබඳ සැකමුසුතැන් තිබිය හැකියි. එබැවින් තොරතුරු භාවිතා කිරීමේදී අවිචාරවත් නොවී විචාරශීලීව කටයුතු කිරීම වැදගත් වේ. විශේෂයෙන්ම වර්තමාන බොහෝ මාධ්‍ය මගින් ව්‍යාපාරික අරමුණු පෙරදැරි කරගෙන ජනප්‍රිය පුද්ගලයින් හා අවස්ථා ොදාගනිමින් භාණ්ඩ සහ සේවාවන් සඳහා කරනු ලබන ප්‍රචාරන කටයුතුවලදී ඒවා කෙරෙහි වහල් නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම සහ තීරණ ගැනීම වැදගත්. විශේෂයෙන් ආහාර පාන වර්ග විලාසිතා තාක්ෂණික උපාංග ආදිය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබට ලැබෙන ගැටලුවලදී මෙන්ම අභියෝග වලදී පළා නොයා යුතු අතර ශක්තිමත් හෝ ඒ සඳහා සාර්ථකව මුහුණ දීම අවශ්‍ය වේ. නිදසුන් ලෙස විභාගය අසමත් වුවහොත් කුමක් කළ යුතුද. මෙම ප්‍රශ්නයේ දී බොහෝ පිරිසක් තම බලාපොරොත්තු සුන් කර ගනී. එහෙත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට විකල්ප රැසක් හමුවේ පවතී. එබැවින් එවැනි අභියෝගයක දී ජීවිතයෙන් පලා යාම ජීවිතය විනාශ කර ගැනීම පරාජය භාර ගැනීම කළ කිරීම ආදී සෘණාත්මක ආකල්ප ඇති කර නොගත යුතුයි. එවැනි අවස්ථා සඳහා සාර්ථකව මුහුණදීමට අවශ්‍ය මනෝසමාජීය ශක්තීන් වර්ධනය කර ගැනීම කළ යුතුය.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner