ලොව සුපතල එංගලන්තයේ මායා මල JK Rowling

ලොව සුපතල එංගලන්තයේ මායා මල JK Rowling

ad-bannerවිනොදාස්වාද

Published on 10/27/2019

754 Views

ලෝකය ජයගත් කාන්තාවන් බොහෝදෙනා ආ ගමන් මග එතරම් සුන්දර නොවේ. අනේකවිධ දුක් කම්කටොලු,නින්දා අපහාස මැද ජීවිතය ජයගත් කාන්තාවෝ කොතරම් අප අතර සිටිනවාද. මේ කතාබහ තවත් එවැනිම කාන්තාවක් පිලිබඳවයි.


වර්ෂ 1965 ජූලි 31 දින එංගලන්තයේ බිස්ටල් ප්‍රදේශයේ උපත ලද J K Rowling ගේ පියා වෘත්තීයෙන් ගුවන් යානා ඉංජිනේරුවරයෙක් වන අතර මව රසායන විද්‍යාතාක්ෂණ ශිල්පිනියක් විය. ඉතාම හොඳ ආර්ථික පසුබිමක් ඇති පවුලක උපන් Rowling ගේ ළමා කාලය එතරම් සුන්දර නොවූයේ ඇගේ පියා ඔවුන් කෙරෙහි දැක්වූ නොසැලකිලිමත් කමයි. නමුත් ඇය සහජයෙන්ම ඉගෙනීමට ඉතා දක්ෂ වූ අතර නිර්මාණශීලී පරිකල්පන හැකියාවෙන් පරිපූර්ණව සිටියා. ඇයට කුඩ කාලයේ සිටම අවශ්‍යව තිබුනේ ලේඛිකාවක වීමටයි. Rowling සිය පළමු පොත ලියා තිබෙන්නේ ඇයට වයස හයේදී. ඒ හාවෙක් පිලිබඳ කතන්දරයක්. "ශාපලත් දියමන්ති හතක් හා ඒවගේ අයිතිය" ඇය එකොළොස් වැනි වියේදී රචනා කළ පළමු නවකතාවයි.



අනේකවිධ පවුලේ ගැටලු හා අරගල හමුවේ ඇය සිය අධ්‍යාපන නිමකර පළමු රැකියාව සදහා පෘතුගාලයට පැමිණෙනවා. වයස 27 වනවිට ඇය විවාහ වන්නේ එහිදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් ලෙසයි. නමුත් ඇගේ ජීවිතයට යලිත් අවාසනාව ගෙන දෙන්නේ පීඩාකාරි විවාහ ජීවිතයට සමුදීමත් සමගයි. මාස 4ක් වයසැති සිය කුඩා දියණිය සමග තනිව දිවි ගෙවන Rowling රැකියාවක් නොමැතිව දැඩි ලෙස අසරණව කාලය ගත කරනවා. මෙවන් අතිශය දුෂ්කර කාලයකදී ඇය දුම්රියෙන් ගමන් කරමින් සිටින විට හදිස්සියේම එක් කතාවකට නිමිත්තක් පහළ වනවා. ඒ ලොකු කුඩා සියලුදෙනාගේම ආදරයට පාත්‍රවූ හැරී පොටර් කතාමාලාවේ ආරම්භයයි. ඇය ලත් අත්දැකීම් හා දැනුම වගේම ඇගේ නිර්මාණශීලීත්වය යොදාගෙන හැරී පොටර් පළමු කෘතිය රචනා කරනවා. නමුත් ඇයට සිය කතාව ප්‍රකාශයට පත් කිරීම අතිශය දුෂ්කර කාර්‍යක් වෙනවා.

 



Rowling තම කෘතියේ අත්පිටපත භාරදුන් පළමු ප්‍රකාශන ආයතන 12ම ඇගේ කතාව ප්‍රතික්ෂේප කරනවා. අවසානයේදී එක් ප්‍රකාශකයකුගේ කුඩා දියණියගේ බලවත් ඉල්ලීම පරිදි ඔහු ඇගේ කෘතිය පවුම් 1500කට මිලදී ගන්නවා. Rowling ට වාසනාව ගෙනඑන නිධානය වූයේ එයයි. එතැන් පටන් ලොව පුරා වාර්තා තබමින් අලවි වන හැරී පොටර් කතා මාලාව ලොව වැඩිම මිලක් ඇති සන්නාමය බවට පත්වනවා.


අභියෝග හමුවේ නොසැලී ජීවිතයට මුහුණදුන් මේ එංගලන්තයේ මායා මල කාන්තාවකගේ අධිශ්ඨානයේ හා කැපවීමේ ශක්තිය මුලු ලෝකයටම පෙන්වා දී තිබෙනවා.

 

by Dilki Shamani

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner