දීපිකා පදුකෝන්ගේ අලුත්ම චරිතය ලක්ශ්මි අගාර්වල්

දීපිකා පදුකෝන්ගේ අලුත්ම චරිතය ලක්ශ්මි අගාර්වල්

ad-bannerවිනොදාස්වාද

Published on 11/10/2019

275 Views

සුපිරි බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන්, මේ දිනවල Meghna Gulzar අධ්‍යක්ෂණය කරන Chhapaak චිත්‍රපටයේ සුවිශේෂී චරිතයක් සඳහා තම රංගන දායකත්වය ලබා දෙමින් සිටිනවා.මෙම චිත්‍රපටය සඳහා පසුබිම් වී ඇත්තේ ඇති ඇසිඩ් ප්‍රහාරයකට මුහුණ දී එයින් දිවිගලවා ගත් දිරිය ඉන්දියානු කාන්තාවක් වන ලක්ෂ්මි අගාර්වල්ගේ ජීවිත කතාවයි.Chhapaak පිළිබඳව කතාබහ ඇරඹෙන්නේ දීපිකා පදුකෝන් තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කළ විශේෂ ඡායාරූපයක් නිසයි.පිලිස්සුම් තුවාල කැලැල් සහිත මුහුනකින් යුතු නමුත් සුන්දර සිනාවකින් සිටින එම ඡායාරූපය ලක්ශ්මි අගාර්වලගේ සමස්ත ජීවිත කතාවම මැනවින් කියාපානවා.ලක්ශ්මි අගාර්වල්ගේ ජීවිත කතාව දිග හැරෙන්නේ මෙලෙසින්. ඉන්දියාවේ නව දිල්ලි නුවර, මධ්‍යම පාන්තික පවුලක තමයි ලක්ශ්මි උපත ලබන්නේ. වයස අවුරුදු 15 වනවිට ලක්ශ්මිගේ සිහිනය වන්නේ කෙසේ හෝ ගායිකාවක් වීමයි.ඒ අතරතුර කාලයේදී ඇයට, 32 හැවිරිදි නඊම් ඛාන් නම් පුද්ගලයෙකුගෙන් විවාහ යෝජනාවක් ලැබෙනවා.ඇයට වඩා දෙගුණයක් වයසින් වැඩිමල් මෙම පුද්ගලයාව ලක්ශ්මි දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.මේ හේතුව නිසා, 2005 වසරේ එක් දිනක ඛාන් වෙළඳපොලේදී නඊම්ගේ ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීමට ඇයට සිදුවනවා.මහපාරේ තනියම, දරාගත නොහැකි වේදනාවකින් ජීවිතය යදිමින් සිටි ලක්ශ්මිගේ පිහිටට පැමිනෙන්නේ අසල සිටි කුලී රථ රියදුරෙක්.ඩේලි මේල් වෙබ් අඩවිය සමඟ සිදුකල සම්මුක සාකච්ඡාවකදී ලක්ශ්මි පවසා සිටියේ "මම මොහොතකට සිතුවෙ කවුරුහරි මගෙ මුලු සිරුරටම ගිනි තැබුවා කියා. මගේ අත්වල සහ මුහුනේ හම ගැල්වී යමිනුයි තිබුණේ."ඉන්පසු රෝහලේ ගත කල මාස තුනක කාලය තුල ඇයට සිදුවනවා සැත්කම් කිහිපයකටම මුහුණ දීමට.වෙබ් අඩවියට තවදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ කියා සිටියා. "මම හිටපු රෝහල් වාට්ටුවේ කණ්නාඩියක් තිබුණේ නැහැ. සෑම උදෑසනකම හෙදියක් මට වතුර භාජනයක් ගෙනත් දෙනවා මගේ පිරිසිදු කිරීම් කරගන්නට. එම වතුර භාජනයෙන් මම මගේ මුහුණ බලාගන්න උත්සහ කලත් මට දැකගන්න පුලුවන් වුණේ මුහුණ පුරා තිබුණු තුවාල වෙලුම්පටි විතරයි. ඉන් සෑහෙන කලකට පසුව මම මගෙ මුහුණ දුටුවම මගේ මුහුණ සහමුලින්ම විනාශ වෙලා තිබුණා. ඇත්තටම මුහුණ ගැන කතා කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ."2006 වසරේදී ඇය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට ගොස් ඇසිඩ් අලෙවිය සහමුලින්ම නැවැත්වීමට කටයුතු කරන මෙන් නඩුවක් ගොනුකර සිටියා. එයට පිළිතුරු ලෙස 2013 වසරේදී ඇසිඩ් අලෙවිය සම්බන්ධයෙන් තහංචි පැනවීමට ශේෂ්ඨාධිකරණය කටයුතු කළා.මේවන විට දියණියකගේ මවක් වන ලක්ශ්මි හිටපු ජනාධිපති ආර්යා මිශෙල් ඔබාමා අතින්, "අන්තර්ජාතික දිරිය කාන්තව" (International Women of Courage) සඳහා වූ සම්මානය දිනාගනු ලැබුවා.මෙම චරිතය සම්බන්ධයෙන් දීපිකා ගේ අදහස වූයේ ජීවිත කාලය පුරාවටම ඇයත් සමග ලක්ශ්මිගේ චරිතය පවතිනු ඇති බවයි.එළබෙන ජනවාරි මස 10 වන දින මෙම චිත්‍රපටය තිරගත කිරීමට එහි කාර්යමණ්ඩලය බලාපොරොත්තුවෙන් සිටිනවා.



ඒ බලාපොරොත්තුවත් සමග ලක්ශ්මිගේම වදනකින් ලිපිය අවසන් කරන්න සිතුවේ, ඉතාමත් තාවකාලික රූපයක් ලබාගැනීම තම එකම අභිප්‍රාය කරගත් යුවතියන් විශාල පිරිසක් සිටින ලෝකයක රූපය පසුපස නොව තම සිහින පසුපස යන්නේනම් අගනේදැයි යන්න සිහිපත් කිරීමටයි.



"ඔහු ඇසිඩ් ගැහුවේ මගෙ මුහුණට මිසක මගෙ සිහින වලට නොවේ."

 

by Nimanthi Muthukudaarachchi

Photo credits : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner