ලොව සරාගීම ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

ලොව සරාගීම ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

ad-bannerවිනොදාස්වාද

Published on 10/27/2019

441 Views

පසුගියදා සිදුකළ ශ්‍රේණිගත කිරීමකට අනුව ලොව සරාගීම ක්‍රීඩකයන් අතර පළමු තැන හිමිව තිබෙන්නේ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හටයි. අපේ රටේ එතරම් ප්‍රචලිත නොවුනත් ලොව වැඩිම ජනතාවක් ආදරය කරන වැඩිපුර රටවක් සංඛ්‍යාවක ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්වී ඇත්තේ පාපන්දු ක්‍රීඩාවයි. ඉතින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ලෝකයේ ප්‍රභලයෙක් වීම මෙම වාර්තාවට බොහෝ ඉවහල්වී තිබෙන බවයි හෙලිදරව් වෙලා තියෙන්නේ. පා පන්දුවෙන් විස්කම් පා ලොවම වසග කළ ක්‍රීඩකයා ගැන තමයි මේ හරහා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ.

 


1985 වර්ශයේ පෘතුගාලයේ මැඩෙයිරා ගම්මානයේ උපත ලබන මොහු දැන් 35වන වියට එළබෙන විට සිව් දරු පියෙක්. දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවා වන රොනාල්ඩෝගේ මව ගෘහණියක්. ඒ වගේම පියා වෘත්තීයෙන් ප්‍රාදේශීය උද්‍යානය භාරකරුවෙක්. රොනාල්ඩෝට වයස 20 වන විට පියා ජීවිතයෙන් සමුගන්නේ අධික බීමත්කම නිසාය. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පළමුවෙන්ම පාපන්දු ක්‍රීඩාවට යොමුවන්නේ ඔහුට වයස 7ක් තරම් කුඩා අවධියේදී. එතැන් පටන් ඔහු පාපන්දු ක්‍රීඩාවට දක්වන දක්ෂතාවය විශ්මය ජනකයි. ඒ නිසාම ඔහු වයස 16දී එක් ක්‍රීඩා කණ්ඩායමක වයස අවුරුදු 16-18 වයස් කාණ්ඩය නියෝජනය සදහා තේරීපත් වනවා.

 

 

රොනාල්ඩෝ තම ප්‍රථම ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයට මුහුණ දෙන්නේ ඔහුට වයස 18 සම්පූර්ණ වීමටත් පෙර 2002 වසරේදීය. එහි විශිෂ්ඨ ක්‍රීඩාවක නිරතවන රොනාල්ඩෝ තම කණ්ඩායමට ගෝල 3-0 ජයක් හිමිකර දෙන්නේ ඉන් ගෝල 2ක අයිතිය තමන් සතුකර ගනිමින්. ඉන්පසු Manchester united කණ්ඩායම රොනාල්ඩෝව මිලදී ගන්නේ එතෙක් ඔවුන් විසින් ලාබාල ක්‍රීඩකයකු වෙනුවෙන් වෙන්කළ වැඩිම මුදල වන ඩොලර් මිලියන 12.24 ක් වැය කරමින්.


2003 සිට 2009 දක්වා වසර 6ක කාලයක් එම කණ්ඩායම සමග එක්ව තරග 15 ක් ජයග්‍රහණය කිරීමට ඔහු දායකත්වය ලබාදෙයි. එහි ගිවිසුම් කාලය අවසන් වූ පසු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම දායකත්වය ලබා දෙන්නේ Red Madrid කණ්ඩායමටයි.

 



දැනට සිව් දරු පියකු වන රොනාල්ඩෝ 2017 වසරේදී නිවුන් දියණයකට හා පුතුකට හිමිකරුවකු වුනා.සිය පෞද්ගලික ජීවිතය මාධ්‍යට නිරාවරණය කරන්න නම් ඔහු ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නෑ. මේවන විට ජෝර්ජිනා රොද්‍රිගෝ රොනාල්ඩෝගේ සහකාරිය බවට පත්වෙලා තියෙන්නේ 2015 වසරේදී රුසියානු ජාතික මෝස්තර නිරූපණය ශිල්පිනියක වන ඉරීනා සමග පැවති සම්බන්ධයෙන් පසුවයි. ස්පැනිෂ් ජාතික ජෝර්ජිනා රොද්‍රිගෝ 2017 වසරේදී ඇලානා මාර්ටිනා නම් දියණිය රොනාල්ඩෝට දායාද කළා.

 


රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් ගෙන ආ ගෞරවයට පෘතුගාලයේ ක්‍රීඩා කෞතුකාගාරයේ ඔහු වෙනුවෙන් ඔහුගේ පිළිරුවක් නිර්මාණය කර තිබෙනවා. දිළිදු ජීවිතයකින් ජීවිතය ආරම්භ කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද ලොව සුපතල ධනවත් ක්‍රීඩකයකු වී තිබෙන්නේ ඔහුගේ කැපවීම හා දක්ෂතාවය නිසාය.

by Dilki Shamani  Photo credits : Internet

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner