බොත්තම් පිටුපස සැඟවුණු කතාව

බොත්තම් පිටුපස සැඟවුණු කතාව

ad-bannerවිශේෂාංග

Published on 3/10/2020

139 Views

වර්තමානයේ දී කාන්තා පිරිමි භේදයකින් තොරව සෑම දෙනාම විවිධ විලාසිතාවන්ගෙන් හැඩවීමට දක්වන්නේ දැඩි ප්‍රියතාවක්. කාර්යාලයට යන විට, යහළු යෙහෙළියන් සමග විනෝද ගමන් යන විට, අධ්‍යාපන කටයුතු සඳහා යනවිට මෙන්ම අනෙකුත් ගමන් බිමන් යන විටදී විවිධාකාර ඇඳුම් පැළඳුම් අඳින්නට බොහෝ දෙනෙක් පුරුදු වී සිටි. එසේ ඔබ අඳින ඇඳුම් වල සවිකර ඇති බොත්තම් පිටුපස සැඟවී ඇති කතාව ඔබ දන්නවාද. කාන්තාවන්ගේ කමිස වල බොත්තම් වම් පසිනුත්, පිරිමින්ගේ කමිස වල බොත්තම් දකුණු පසිනුත් පිහිටා ඇති බව ඔබ දන්නා කරුණක්. ඒත් ඔබ මොහොතකටවත් සිතුවාද එලෙස වර්ගීකරණයක් සිදු කර තිබීමට හේතුව කුමක්ද කියලා. අද අපි ඔබට කියන්නේ එම හේතුව පිළිබඳවයි.


කාන්තා කමිස වල බොත්තම් වම්පසින් ඇල්ලීම දහතුන්වැනි සියවස දක්වා ඈතට දිව යයි. බොත්තම් සොයාගැනුනේ දහතුන් වැනි සියවසේදීය. අතීතයේ සිටි ධනවත් කාන්තාවන්ට ඇඳුම් ඇන්දවීමට සේවිකාවන් සිටි අතර බොහෝ අයට දකුණත හුරු නිසා බොත්තම් වම් පස පිහිටා තිබීමෙන් සේවිකාවන්ට ඇඳුම් ඇන්දවීමට පහසු විය. එම හේතුව නිසාවෙන් කාන්තාවන්ගේ ඇඳුම් වල බොත්තම් වම් පස පිහිටා තිබේ. වර්තමානයේ දී බොහෝ කාන්තාවන්ගේ ඇඳුම් වල බොත්තම් වම් පස පිහිටා තිබෙනවා ඔබට දැකගන්නට පුළුවනි. පිරිමි පාර්ශවයෙ ඇඳුම් වල බොත්තම් පිහිටා ඇත්තේ දකුණු පසිනි. එයට ප්‍රධානම හේතුව වන්නේ අතීතයේ මිනිසුන්ගේ ආයුධ රඳවා ගැනීමට අවශ්‍ය ආකාරයට ඇඳුම් නිමවා ඇති බවයි.

 

පිරිමින්ගේ අත්‍යවශ්‍ය දේවල් කමිසයේ තබාගැනීමට සිදු වුවහොත් අතින් ඒ සඳහා ලඟාවීමට පහසු වන ආකාරයට මෙය සකස් කර තිබේ. බොහෝ අය භාවිතා කරන්නේ දකුණු අත නිසා දකුණු පස බොත්තම් පිහිටා තිබීම ඔවුන්ට පහසුවක් වුණ බව ද කියැවේ. අන්න ඒකයි පිරිමි ඇඳුම් වල බොත්තම් දකුණුපසින් ද ගැහැණු ඇඳුම් වල බොත්තම් වම් පසින් ද පිහිටන්නට හේතුව. කෙතරම් බොත්තම් සහිත ඇඳුම් ඇඳීම සිදු කළ ද ඔබ අද වන තෙක් එම බොත්තම් පිටුපස සැඟවුණු රහස නොදැන සිටියා නේද. කාන්තා ඇදුම් වලට සාපේක්ෂව බොහෝවිට පිරිමි පාර්ශ්වයේ ඇඳුම් වල බොත්තම් පිහිටීම අනිවාර්ය කාරණාවක් වී ඇත. කුඩා කාලයේදී බොහෝ දරුවන්ට මෙම බොත්තම් දමා ගැනීම යම්තාක් දුරට අසීරු කාරණයක් වේ. ඔබත් කුඩා කාලයේදී මාරුකරමින් බොත්තම් දැමූ අවස්ථා දැන් ඔබට සිහි වනවා ඇති. මෙතැන් පටන් බොත්තම් දමන සෑම අවස්ථාවකදීම ඔබට බොත්තම් පසුපස සැඟවී ඇති කතාව මතකයට නැගේවි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi 

photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner