නිතර විසබීජ නාශක පාවිච්චි කරන්නේ පරිස්සමින්

නිතර විසබීජ නාශක පාවිච්චි කරන්නේ පරිස්සමින්

ad-bannerවිශේෂාංග

Published on 3/11/2020

1940 Views

ලෙඩ රෝග රෝගවලින් ආරක්ෂාවීමට අපි බොහෝ වෙලාවට විසබීජ නාශක යොදා ගන්නවා. විෂබීජ නාශක ක්‍රමානුකුල නියමිත ප්‍රමාණවලින් භාවිතා කිරීම මගින් ඉක්මනින් තුවාල සුව කරගත හැකියි. ඒ වගේම විෂබීජ නාශක හිතුමතේට භාවිතා කිරීම මගින් පැරණි තුවාල විශාල වීම ගැඹුරු බවට පත්වීම දකින්න ලැබෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ක්ලොක්‍රොක්සිලෙනෝල්

මේ විෂබීජ නාශකය විවිධ නම් වලින් තියෙනවා. අලුත් තුවාළ සීරීම් වැනි අවස්ථාවල විෂබීජ මර්දනය සඳහා මෙය ප්‍රයෝජනවත් වෙනවා. මෙම ද්‍රවණය වැරදි ලෙස ශරීරයේ ඇතැම් ස්ථාන පිරිසිදු කිරිමට යොදා ගැනීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් ඇතිවෙනවා. දහඩිය දමන ස්ථාන පිරිසිදු කිරීමට මෙම ද්‍රාවණය භාවිතා කිරීමෙන් අනිසි ප්‍රතිඵල ලෙස දහඩිය වැඩියෙන් පිටවන ඉකිලි කිහිලි දෙපා කළු ගැන්වීම එම ස්ථාන කැසීමට පටන් ගැනීම කුඩා බිබිලි සෑදීම දැකිය හැකි වෙනවා.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්

මෙම විෂබීජ නාශකය මගින් තුවාල මත දූවිලි හා බැක්ටීරියා ඉවත් කර දමනවා. මේ ගුණය ක්‍රියාත්මක වෙන්නේ දූවිලි හා වෙනත් අපද්‍රව්‍ය සහිත අලුත් තුවාල මත හා පැසවූ පැරණි තුවාල මත. නමුත් සුවවෙමින් පවතින තුවාල වල මෙම විෂබීජ නාශකය ගැල්වීම සුදුසු වන්නේ නැහැ. එසේ ගැල්වීමෙන් තුවාල සුවවීමට කල්ගත වෙනවා. එමෙන්ම තුවාල නැවත ආසාදනය වීමට බලපානවා.

විෂබීජ නාශක සබන් වර්ග

විෂබීජ නාශක සබන් කැට සබන් දියර වශයෙන් වෙළෙඳපොළේ දකින්න තියෙනවා. මේ සබන් මගින් කරන්නේ වෛරස් වර්ග අත් වලින් ඉවත් කිරීම මිස විනාශ කිරීමක් නොවේ. එම නිසා විෂබීජ නාශක සබන් වලින් අනෙකුත් සාමාන්‍ය සබන් වලට වඩා විශේෂ කාර්යයක් ඉටුකරනවා. එසේ වුවත් බැක්ටීරියා වර්ග විශාල ප්‍රමාණයක් මෙම සබන් නිසා මර්දනය වෙනවා. විෂබීජ නාශක සබන් භාවිත නිසා රෝග වැළඳීමේ විශාල අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. විෂබීජ නාශක සබන් වලට කාලයක් මුහුණදීම නිසා විෂබීජ නාශක වලට ඔරොත්තු දෙන බැක්ටීරියා විශේෂ ඇතිවීම වැළැක්විය නොහැකි කාරණයක් වෙනවා. එසේම බැක්ටීරියා මර්ධනය කිරීම සඳහා අලුත් සහ මිල අධික ප්‍රතිජීවක ඖෂධ එන්නත් භාවිත කිරීමට සිදුවෙනවා.

 

විෂබීජ නාශක සබන් වලින් සමහරු රෙදි සෝදනවා. මේ හේතූන් නිසාද විෂබීජ නාශක වලට ඔරොත්තු දෙන බැක්ටීරියාවල වර්ධනයක් ඇති වෙනවා. ඊට අමතරව මෙම විෂබීජ නාශක පානීය ජලයට එක් කිරීමත් නොවැළැක්විය හැකි කාරණයක්. විෂබීජ නාශක ලෙස භාවිතා කරන ක්ලෝරොක්සිහෙක්සිනෝල් හා ඇසිටික් ඇසිඩ් වැනි ද්‍රව්‍ය යට ඇඳුම්වල හා අනෙකුත් ඇඳුම් වල තැන්පත් වීමක් දක්නට ලැබෙනවා. මෙම ඇඳුම් ඇඳීම නිසා එම රසායන ද්‍රව්‍ය අපේ සිරුර සමග නිතර ගැටීමක් ඇතිවී එහි ප්‍රතිඵල ලෙස සමේ නොයකුත් ආසාත්මිකතා ඇති වෙනවා. මේ නිසා විෂබීජ නාශක භාවිතයේදී නිරන්තර සැලකිල්ලක් දක්වමින් ප්‍රමාණාත්මක ලෙස ඒවා භාවිතා කිරීමට වගබලා ගත යුතු වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner