මී උණ පැතිරෙන්නෙ මෙහෙමයි

මී උණ පැතිරෙන්නෙ මෙහෙමයි

ad-bannerවිශේෂාංග

Published on 3/10/2020

243 Views

දිවයින පුරාම සෑම පළාතකින්ම මී උණ වැළඳුණු රෝගීන් බහුල වශයෙන් වාර්තා වෙනවා. මී උණ කියන්නේ Leptospira යනුවෙන් හැදින්වෙන වේගයෙන් චලනය වන බැක්ටීරියාවක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. ශරීරයේ කැපුම් සීරීම් හා තුවාල ඔස්සේ මේ විෂබීජය සිරුරට ඇතුල් වෙනවා. විශේෂයෙන්ම ඉතා කුඩා සීරීම් වලින් පවා බැක්ටීරියාව ශරීර ගත වීමේ අවදානම තියෙනවා. විසබීජ ශරීරගතවී දින පහක් දාහතරක් ඇතුලත රෝග ලක්ෂණ පිට කර දමනවා.
සමාන්‍යයෙන් පොදු පිළිගැනීම වන්නේ ගොවිපල සතුන් මගින් රෝගය අපට වැළඳෙන බවයි. නමුත් මෙම විෂබීජ සංසරණය වන්නේ කුඹුරේ ලියදි වල විතරක් නොවෙයි. බල්ලන් පුසන් ඌරු මීයන් මීයන් මුගටියන් වැනි සතුන් හරහා මේ රෝගය පැතිරෙනවා.

සාමාන්‍යයෙන් මී උණ රෝගයේ ලක්ෂණ වෙන්නේ උණ සීතල ඇස් රතුවීම කොන්දේ කැක්කුම මස්පිඩු ආශ්‍රිත වේදනාව වමනය මුත්‍රා තද කහ පැහැවීම මුත්‍රා සමග ලේ යාම වැනි ලක්ෂණ. අක්ම ප්‍රදාහයේදීමෙන් හෙපටයිටිස් රෝගයේදීද ඇතිවන රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ මෙහිදී ඇති වෙන්න පුළුවන්. මෙහිදී රෝගය ඇති නැති බව තහවුරු කරගැනීම සඳහා ප්‍රතිදේහය පරීක්ෂාවක් වෛද්‍යවරුන් විසින් සිදු කරනවා.

මුත්‍රා පරීක්ෂණයේදී ප්‍රෝටීන් ඇල්බියුමින් පැවතීම සහ රුධිර පරීක්ෂණයේදී WBC මට්ටම ඉහළ යාම රෝගය සම්බන්ධයෙන් ඉඟි සපයනවා.

මෙවැනි රෝග ලක්ෂණ ඇති විටකදී ප්‍රමාද නොවී ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගය බැරෑරුම් අදියට එළැඹීම වළක්වා ගත හැකි වෙනවා. මෙම රෝගය නිසා වකුගඩු අක්‍රිය වීමේ අවදානමක්ද තිබෙන නිසා එසේ වුවහොත් වහාම රුධිර පිරිසිදු කිරීම ආරම්භ කෙරෙනවා. මී උණ රෝගය පැතිර යාම වලක්වා ගැනීම සඳහා

> රෝගකාරක සතුන් ගැවසිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරීම පරිසරය පිරිසිදුව තබා ගැනීම.
>ගොවිපල වල වැඩ කිරීමේදී ආරක්ෂිත ඇඳුම් ඇඳීම.
> අපවිත්‍ර ජලය ඇතුළු නොවන සේ තුවාල ආවරණය කරගැනීම.
> ගංවතුරta නිරාවරණය නොවීම.
> උතුරා නිවාගත් ජලය පානය කිරීම.
> නෑමට හා බීමට ගන්නා ජල මූලාශ්‍ර සතුන්ගේ මල මුත්‍රා මිශ්‍ර වීමෙන් වළක්වා ගැනීම

 

සිදු කළ හැකි වෙනවා.

මේ බැක්ටීරියාව ශරීර ගත වීමේ වැඩි අවදානමක් ඇති අයට doxycyline නම් ඖෂධය සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස මගින් නොමිලේ සපයනවා. මේ ඖෂධ සතියකට වරක් ලබා ගැනීමෙන් රෝග කාරක ජජීවානුවට නිරාවරණය වුවත් රෝගය ඇති නොවී ඉන් රැකවරණයක් ලබා ගත හැකි වෙනවා.

කෙසේ වෙතත් ගොවිතැනට සම්බන්ධ පුද්ගලයන්ට පමණක් මෙම රෝගය වැළඳෙනවා යැයි සිතිය නොහැකි නිසා සැමවිටම ඉහත කරුණු අනුගමනය කරමින් මී උණ රෝගය පැතිරයාමේ අවදානම අවම කර ගැනීමට සියලු දෙනාම වගබලා ගතයුතු කාරණයක් වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner