නිරෝධායන වැඩසටහන නොතිබුණා නම්?

නිරෝධායන වැඩසටහන නොතිබුණා නම්?

ad-bannerවිශේෂාංග

Published on 3/22/2020

153 Views

කොරෝනා වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශිකයින්ට දින 14ක නිරෝධනයට යටත් කිරීමේ පියවර ලංකාවේ රජය විසින් ගෙන තියෙන්නේ මෙරට ජීවත්වන මිලියන විසි එකකට අධික ජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහායි. නමුත් ඇතැම් පාර්ශ්වයන් මෙයට විවිධ අර්ථකථන සැපයූ අතර කොටසක් අපේ රටේ කරනු ලබන මෙම ක්‍රියාවලිය පැසසුමට ලක් තවත් කොටසක් එය ගැරීමට ලක් කලා. එහෙත් එම වැඩපිළිවෙලේ වටිනාකම අද අපි සියලු දෙනාටම දැනෙමින් තියෙනවා. විශේෂයෙන්ම ඉතාලියේ සිට මෙරටට පැමිණි ලංකාවේ කිහිප දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළදීම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් ලෙස පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තියෙනවා. ඉන් පසු මෙරට ශ්‍රී ලාංකිකයන් මෙන්ම දෙස් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙය පැසුසුමට ලක්කළා. සමහරක් වෙලාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීම නොවන්නට ඉතාලියේ සිට පැමිණි අයගෙන් ඇතැමුන් නිරෝධායන නොවී තමන්ගේ ආදරණීයයන් වෙත ඒ මොහොතේ යෑම රජයට වලක්වන්න නොහැකි වෙන්න තිබුනා. නමුත් ඔවුන් එදා එසේ ක්‍රියා කළේ නම් ඔවුන් පළමුවෙන වෛරසය පතුරුවන්නේ තමන්ගේ ආදරණීයයන්ට බව දැන නොසිටීම නූගත්කම එළිපිට ප්‍රදර්ශනය කිරීමක් වගෙයි.
 


ඉන්පසු ඔවුන් ජීවත්වන පරිසරයටත් මුළු සමාජ වෛරසය බෙදාදීම නොමිලේම කරනවා. මෙවැනි තත්ත්වයන්ට උදාහරණ අදටත් අප සමාජයෙන් හමුවෙනවා. රටක පුරවැසියන් එම රට තුල ජිවත් නොවී රටින් පිට සිටියදී ඔවුන්ට මව්රටට පැමිණීමට අයිතියක් තියෙනවා. නමුත් ඔවුන්ටද මෙවැනි ව්‍යසනයක් නිසා මව් රටේ ජනතාව වෙනුවෙන් යම් යම් කැපකිරීම් කිරීමට වගකීමක් තියෙනවා. විශේෂයෙන් මේ වගේ මාරාන්තික වෛරසයක් ලෝකයේ සිටින බලවත්ම රාජ්‍යයන් පවා දණගස්සවා තියෙන මොහොතක තුන්වන ලෝකයේ රටක් වන අඩු පහසුකම් යටතේ ජීවත් අපේ රටේ මිනිස්සුන්ට රට ආරක්ෂා කරගැනීමේ වගකීමෙන් කොහොමවත් මිදෙන්න බැහැ.

සැමවිටම මානුෂීය ගුණයෙන් පිරි ජාතියක සාමාජිකයන් වන ශ්‍රී ලාංකිකයන් අප හැකි හැම විටම තමන්ගේ රටට ජාතියට උපරිමයෙන් යුතුකම් ඉටු කරමින් රටත් රටවැසියාත් බේරා ගැනීමට සහායදීම අනිවාර්යය වෙනවා. ඒ නිසා අදටත් නිරෝධාන මධ්‍යස්ථානවලට නොගොස් යම් අතපසුවීම් නිසා සමාජය තුළ සිටින පිටරටින් පැමිණි ජනතාව දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ස්වයං නිරෝධානයට ලක් වීම ජාතික අවශ්‍යතාවයක් වෙනවා. මේ කොරෝනා වෛරසය ශරීරයට ඇතුළු වීමේදී පුද්ගලයාගේ ජාතිය ආගම සමාජ තත්ත්වය අදාළ වන්නේ නැහැ. රෝගියෙකුට අවශ්‍ය වන්නේ ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියක්. ඒනිසා ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී මිනිසෙකු ලෙස රටටත් සමාජයටත් වගකීම් ඉටුකිරීමට ඉටු කිරීමට සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපදින උත්සාහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner