වෛරස් රෝග පාලනයට කුළුබඩු යොදා ගන්න

වෛරස් රෝග පාලනයට කුළුබඩු යොදා ගන්න

ad-bannerවිශේෂාංග

Published on 3/22/2020

760 Views

මේ වන විට දහස් ගණනක් ජීවිත බිලිගැනීමට වෛරස් රෝග සමත්වී තිබීම ඇත්තෙන්ම ශෝකජනක තත්වයකි. එවැනි වෛරස් රෝග සඳහා අවශ්‍ය ප්‍රතිශක්තිය සිරුරට ලබා දීමට ඔබ එදිනෙදා භාවිතා කරන කුළුබඩු වලට විශේෂ හැකියාවක් පවතින බව ඔබ දන්නවාද. ඖෂධීය ගුණයෙන් යුත් කුළුබඩු වර්ග භාවිතයට යොමුවීම තුළින් ඔබටත් පහසුවෙන්ම වෛරස් රෝග මැඬලීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම නිවසක කාන්තාවකට මේ ගැන ඇත්තේ ඉහළ දැනුමක්. ඒ නිසාම දිනපතාම වෑංජන සඳහා ඊට ගැළපෙන කුළුබඩු මිශ්‍රකරයි.

 

කොත්තමල්ලි, සූදුරු, මහදුරු ,වියළි කහ, ඉඟුරු, සුදුලූනු, ගම්මිරිස්, උළුහාල්, සාදික්කා, වසාවාසි, එනසාල්, අබ, ගොරකා, දෙහි ආදී සියල්ල කුළුබඩු වලට අයත් වන අතර මෙම සියළුම ද්‍රව්‍ය වල ඇත්තේ එකිනෙකට වෙනස් ඖෂධීය ගුණාංග කිහිපයකි. විවිධ රෝග සඳහා ප්‍රතිරෝධී බවක් උසුලන ඉහත සඳහන් කළ කුළුබඩු බෝවන මෙන්ම බෝ නොවන රෝගවලින් ද ආරක්ෂා කරයි. මේ දිනවල කතාබහට ලක්වී ඇති corona වැනි වෛරස සඳහා මෙන්ම සෙම්ප්‍රතිශාව, පැපොල, සරම්ප ආදී සීඝ්‍රයෙන් පැතිරී යන රෝග ඉන් කීපයකි. කොත්තමල්ලි, සූදුරු, මහදුරු වල පවතින්නේ බැක්ටීරියා නාශක ශක්තියයි. විශේෂයෙන් ම පෙණහලු තුළ සෙම පැවතීම සහ කැස්ස ඇතිවිට කොත්තමල්ලි වියළා කබලේ බැද වියළි ඉඟුරු සමග තම්බා බීමට සුදුසුයි. මෙම පානය නිසා සෙම කැස්ස පමණක් නොව උණද ඇති වීම වළක්වයි. කොත්තමල්ලි ඉඟුරු ඔසු පැන් ලෙස සාදා පානය කිරීමෙන් වෛරස් රෝග වලින් වැළකී සිටිය හැකියි.

 

තවද ඉඟුරු, එනසාල්, කුරුඳු වෙන්වෙන් වශයෙන් හෝ තේ සමග මිශ්‍ර කර පානය කිරීම ද කළ හැකියි. ආහාර දිරවීම සඳහා වඩාත් වැදගත් වන පිත නියමිත ගුණාත්මක තත්ත්වයෙන් පවත්වා ගැනීමට සූදුරු මහදුරු උපකාර වන බව ඔබ දන්නවාද. තවද බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන් බිහි කිරීම වැළැක්වීමට විශාල දායකත්වයක් සපයයි. දිනපතා ආහාර ගැනීමෙන් පසු සූදුරු තැම්බූ ජලය වීදුරු භාගයක් පානය කිරීමෙන් ආහාර හොඳින් දිරවන අතර ප්‍රතිශක්තිකරණය ඉහළ යාම ද සිදු කරයි. රතු ලූනු සෙම්ප්‍රතිශ්‍යාව පීනස වැනි සෙම් රෝග වළක්වයි. තවද ආහාර ජීර්ණය නිසියාකාරව සිදු කිරීමට දායකත්වයක් සපයයි. සුදු ලූනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට ගුණදායක බව වෛද්‍ය විද්‍යාත්මකවද තහවුරු කර තිබේ. එනසාල් යනු බැක්ටීරියා දිලීර වයිරස් වැනි ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ක්‍රියාත්මක විය හැකි කුළුබඩුවකි. එසේම ආමාශය තුළ ඇතිවන බැක්ටීරියා ආසාදන හේතුවෙන් එහි පටලවල ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් සුව කිරීමට ද දායකත්වයක් එනසාල් වලින් සපයයි.

 

මෙහිදී ඔබට තවත් වැදගත් කරුණක් ගැන අවබෝධයක් ලබාදිය යුතුයි. එනම් කිසියම් රෝගයක් ඔබට වැළඳුණත් නැතත් සතියකට වරක් හෝ කායම් හොද්ද සාදා පානය කරන්න. එමගින් වෛරස් රෝග වලින් නිරන්තරයෙන්ම ඔබව ආරක්ෂා කරනු ලැබේ. විශේෂයෙන්ම වෛරස් රෝග සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ සඳහා ඖෂධ සීමා සහිතව පවතින බව ඔබ දන්නවාද. කුළුබඩු නිසා සිරුරේ නිපදවෙන විෂ සහිත සංයෝග පිළිකාකාරක අඩපණ කරයි. එවන් අවස්ථාවලදී රෝග සුව වන්නේ සිරුර තුළ ඇති ඊට ඔරොත්තු දීමේ හැකියාව නිසයි. ඔබ විසින් සෑම විටම කළ යුත්තේ නියම තත්ත්වයෙන් යුත් පිරිසිදු කුළුබඩු ආහාරවලට එක්කර ගැනීමයි. එවිට ඔබටත් වෛරස් රෝග වලින් තොර සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක් ගත කිරීමට හැකියාවක් ලැබෙනු ඇත.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner