දිව ඔසු බදු විස්මිත තෙල් වර්ග

දිව ඔසු බදු විස්මිත තෙල් වර්ග

ad-bannerවිශේෂාංග

Published on 3/10/2020

1123 Views

වර්තමානයේ දී බොහෝමයක් දෙනා විවිධාකාර ලෙඩ රෝග සඳහා තෙල් ආලේප කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. ඕනෑම නිවසක කුමන හෝ වර්ගයක බෙහෙත් තෙල් බෝතලයක් වරදින්නේ නම් නැහැ. තෙල් වලින් විශ්මිත ගුණයක් ශරීරයට ලැබෙන නිසාවෙන් ඒවා ඉවත දැමීම නොකළ යුතුයි. වියපත්වීම සමගම සන්ධි ආශ්‍රිත ගෙවී යාම නිසා වේදනාව, අස්ථි දුර්වල වීම, නැගිටින්න වාඩි වීම වැනි චලන දුර්වල වීම සාමාන්‍ය තත්ත්වයකි. එවැනි අපහසුතාවයන් සඳහා ඔබට තෝරාගත හැකි තෙල් වර්ග බොහෝමයක් අද වන විට වෙළෙඳපොළේ පවතී. එවැනි පරපුරෙන් පරපුරට එන ආයුර්වේද තෙල් වර්ග කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.


නාරායන තෛලය වේදනා සමනයට ඇති කදිම ඔසුවකි. මෙම තෙලේ වැඩි වශයෙන් අඩංගුව පවතින්නේ බැබිල සහ දස මුල් ය. ඊට අමතරව හාතවාරිය, අමුක්කරා ,අරත්ත අල, කපුඇට මද, කරඳ ඇට, එඩරු මුල්, උදු වැනි ද්‍රව්‍ය හැට දෙකක් පමණ අඩංගුයි. මෙම ද්‍රව්‍ය භාවිතා කරමින් තල තෙල් යොදා ගනිමින් නාරායන තෛලය සිද ගනු ලබයි. ස්නායුගත ආබාධ වන හිරිවැටීම, අවයව වල අප්‍රාණිකත්වය සහ ක්‍රියාකාරී බව අපහසුව සඳහා පමණක් නොව මස්පිඩු ක්ෂය වී යාම හෙවත් දියවී යාමට ද ගුණදායකයි. සන්ධි ආශ්‍රිතව සිදුවන ගෙවී යාම හේතුවෙන් ඇතිවන රෝග සඳහා ගුණදායක තෙලක් ද වේ. මූලික ප්‍රතිකාරවලින් පසුව දිගින් දිගටම ආලේපනය කිරීමෙන් සන්ධි ආශ්‍රිතව ඇතිවන ගෙවීයාම අඩුවන අතර වේදනාව සම්පූර්ණයෙන්ම පහව යයි.

 

 

සිද්ධාර්ථ තෛලය ද විවිධ ගුණ රැසක් අඩංගු ඖෂධ තෙල් විශේෂයකි. පපුවේ නැත්තං හෘදයේ වේදනාවක්, හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන තෙක් ආලේප කළ හැකි තෙලකි. සිරුරේ වෙනත් ස්ථානවල සාමාන්‍ය වේදනාවකට භාවිතා කිරීම සුදුසු නොවේ. කෙසේ වෙතත් මෙම තෙල් පහල සිට ඉහලට ආලේප කරන්න. නීලයාදී, නිර්ගුණ්ඩ්‍යාදී, ත්‍රිපලා තෙල් ද බොහෝ ගුණ ඇති තෙල් විශේෂ කිහිපයකි. වයස් භේදයකින් තොරව දිනපතා හිසට තෙල් ගැල්වීම අත්‍යවශ්‍ය වන අතර හිසරදය ඇතිවිට භාවිතා කළ යුතු වන්නේ මෙම තෙල් වර්ග වලින් එකකි. කෙසේ වෙතත් සෙම නිසා ඇතිවන හිසරදයක් නම් නිර්ගුණ්ඩ්‍යාදී තෙල් වඩාත් සුදුසුයි. ගැස්ට්‍රයිටිස්, අධිරුධිර පීඩනය නිසා ඇතිවන හිසරදයක් නම් ප්‍රතිකාර වලට අමතරව නීලයාදී තෙල් හිස ගල්වන්න. නිතර කිවිසුම් යන සොටු දියර ගලන පීනස සහිත අයට රතු ලූනු, පාඨා, නිර්ගුණ්ඩ්‍යාදී තෙල් ගුණදායකයි. ත්‍රිඵලා සහ කුමරි තෙල් දිනකට කෙස් ගස් සීයකට වඩා ගැලවී යයි නම් ඊට හේතුව වන්නේ හිසේ උෂ්ණත්වය වැඩිවීම බැවින් ගැල්වීම යෝග්‍ය වේ. එමගින් එම රෝගය සමනය කරගත හැකිය. කුමරි තෙල් සිඳ ගැනීම සඳහා භාවිතා කරන එක් ද්‍රව්‍යයක් වන්නේ කෝමාරිකාය. තවද හිසකෙස් අකලට පැසෙන නැතහොත් සුදු වන අවස්ථාවකදී වෘංගාමලක, කේශා රන්ඳන තෙල් භාවිතා කිරීම සුදුසුයි.


සෑම විටම විවිධාකාර රෝග සඳහා බටහිර වෛද්‍ය ක්‍රම වලට අනුව ඖෂධ පෙති වර්ග සිරුරට ලබා ගන්නවාට වඩා බාහිරින් ආලේප කළ හැකි මෙවැනි තෙල් වර්ග භාවිතය තුළින් ඉක්මන් සහනයක් ලබාගන්නට හැකිවේවි.

 

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner