වෛරස් වලින් දරුවන් රැකගන්න

වෛරස් වලින් දරුවන් රැකගන්න

ad-bannerවිශේෂාංග

Published on 3/16/2020

2890 Views

මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව සමග සුළු උණ තත්ත්වයක් ගැන ඔබටත් නිතරම ඇසෙන්නට ඇති. මෙම වෛරස් රෝගයේ ප්‍රධාන ලක්ෂණය අධික කැස්සයි. කැස්ස සමඟ සෙම්ප්‍රතිශ්‍යාව සෑදෙන අතර නාසයෙන් සොටු දියර ගැලීමක්ද සිදු වේ. එමෙන්ම ලා උණ ගතියක් ද මතු වීමට පුළුවනි. මෙම තත්වය අද බොහෝ ප්‍රදේශවල කුඩා දරුවන් අතර දක්නට ලැබේ. මෙම සෙම කැස්ස වෛරස රෝගය වෙනත් රෝගයකින් පෙළෙන දරුවන්ට බලපෑම වැඩි වේ.

 

උදාහරණ ලෙස හෘද රෝග ඇති දරුවන් සඳහන් කළ හැකියි. උණ තිබේනම් දරුවාගේ වයස අනුව නියමිත මාත්‍රාවෙන් පැය 6කට වරක් පැරසිටමෝල් ඖෂධය ලබා දිය යුතුයි. මේ හැර සෙම කැස්සට සරල ප්‍රතිකාර ලබාදිය හැකි අතර මේ සඳහා රෝහල්ගත වීම අවශ්‍ය නැත. මෙම රෝගය ළමා ඇඳුමෙන් පෙළෙන දරුවන්ට ටික කාලයක් තිබිය හැකියි. එහෙත් රෝහල්ගත වීම අවශ්‍ය නැත. දරුවාට සෙම තත්ත්වය උත්සන්න වී ශ්වසන අපහසුතා තිබේනම් ප්‍රතිකාර ලබාදිය යුතුයි. මෙම තත්ත්වය වැඩි වී ඇදුම වැඩිවී තිබේ නම් දරුවා වේගයෙන් හුස්ම ගන්නේ නම් පිටතට ඇසෙන ලෙස ඇදුම හතිය ශබ්දය එනවනම් රෝහල්ගත කළ යුතුයි. මෙම තත්වය ඇති වන්නේ රාත්‍රී කාලයට වීම විශේෂත්වයකි. දරුවාට නිසි ප්‍රතිකාර වලට අමතරව අධික සීතල පාන වර්ග ලබා නොදිය යුතු අතර දූවිලි සහ වඩාත් සෙනඟ ගැවසෙන ස්ථානවලින් දරුවා ඈත් කර තබා ගැනීමද ඉතාමත් වැදගත්.

 

මෙම වෛරසය බෝ වෙන නිසාවෙන් කුඩා දරුවන් අතර පහසුවෙන් පැතිරී යයි. එම නිසා සුව වන තෙක් දරුවා පාසල් හෝ පෙර පාසල් නොයැවිය යුතු අතර නිවස තුළම දූවිලි වලින් බැහැර කර තබා ගැනීම කළ යුතුයි. මේ දිනවල අධික උණුසුම් කාලගුණයක් පවතින නිසාවෙන් දරුවා මද උණුසුම් ජලයෙන් සෝදන්න මව්වරුන්ට පුළුවනි. ස්නානය කරවීම සුදුසු නොවේ. මෙම ප්‍රතිශ්‍යා උණ දින හතක් පමණ පවතින අතර කැස්ස සති දෙකක් පමණ තිබිය හැකියි. එම කාලයේ රෝගය බෝවේ. මෙම වෛරසය කුඩා දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටත් සෑදිය හැකියි. එහෙත් වැඩිහිටියන්ට කුඩා දරුවන්ට තරම් අමාරු තත්වයක් ඇති නොවේ. වැඩිහිටියන්ට සෑදීමෙන් දින ගණනක් පවතින්නේ ද නැත. එහෙත් ශරීරයේ දුර්වලතා සහ වෙනත් රෝගවලින් පෙළෙන ලොකු කුඩා ඕනෑම කෙනෙකුට මෙම වෛරස් රෝගය බරපතල විය හැකියි.

 

මෙම වෛරස් ආසාදනයත් සමඟ හතිය ඇති වන්නේ වෛරසය ශ්වසන මාර්ගයට ආසාදනය වීම නිසාවෙනි. එවිට ස්වසන නාලිකා පහසුවෙන් හැකිලෙන ස්වභාවයක් ඇති වේ. මෙසේ වන්නේ රෝගී කාලයට පමණයි. එමනිසා වෛරසය ආසාදනය වූ විට දරුවන්ට රාත්‍රී සීතලට පින්නට සහ දහවල දූවිලි වලට ප්‍රතිචාර ලෙස හතිය ඇතිවේ. වෛරස් රෝග සෑදීමට පෙර සිරුරට ප්‍රතිශක්තිය ලබා දෙන ආහාර පාන වර්ග සහ දියර වර්ග ලබා ගැනීම තුළින් හැකි පමණ මෙවැනි රෝග වළක්වාගත හැකියි. මෙහිදී සඳහන් කළයුතු වන්නේ සුව කිරීමට වඩා වැළකී සිටීම ඉතාමත් වැදගත් බවයි.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner