සිරුර ලස්සන කරන කොහොඹ

සිරුර ලස්සන කරන කොහොඹ

ad-bannerවිශේෂාංග

Published on 3/21/2020

422 Views

කොහොඹ කියන්නේ කුඩා දරුවාගේ සිට තරුණ මහලු සියලු දෙනාටම අවශ්‍ය ඉතාම ගුණදායක ඖෂධීය ශාකයක්. සම හිසකෙස් වගේම ශරීර අභ්‍යන්තරයේ හටගන්නා රෝග වලට කොහොඹ නැතුවම බැරි ඖෂධයක්. එමෙන්ම සම පැහැපත්වීම කුරුලෑ ආසාදන පාලනය ලප කැළැල් මකා දැමීම් ආදී ප්‍රයෝජන රාශියක් කොහොඹ වලින් ලැබෙනවා. කොහොඹ ෆේස් පැක් එකක් හදන විදිය බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය
*කොහොඹ කොළ මිටක් *දෙහි බිංදු එකක් හෝ දෙකක්

සාදා ගන්නා ආකාරය පළමුව කොහොඹ සාමාන්‍ය ජලයේ සෝදා කුණු දූවිලි ඉවත් කර භාජනයක් ලිප තබා ජලය ස්වල්පයක් එකතු කර කොහොඹ කොළ ටික තම්බා ගන්න. පසුව තම්බාගත් කොහොඹ කොළ ටික වතුර පෙරා වෙන්කර ගන්න. කොහොඹ කොළ වංගෙඩියට දමා කොටා ගන්න. මෙලෙස සකස් කරගත් කොහොඹ කොල පේස්ට් එකට දෙහි බිංදු කිහිපයක් එකතු කරන්න. සියල්ල හොඳින් මිශ්‍රකර පේස්ට් එක සාදා ගන්න. ඝණකම වැඩි නම් කොහොඹ කොළ තම්බා ගත් ජලය ස්වල්ප ස්වල්පයක් එකතු කර ආලේප කළ හැකි පදමට සකස් කරගන්න.

භාවිතා කරන ආකාරය පළමුව කොහොඹ කොළ තම්බා ගත් ජලයෙන් මුහුණ හොඳින් සෝදාගන්න. කපු පුළුන් කැබලි දෙකක් ආධාරයෙන් මුහුණ හොඳින් තෙත මාත්තු කරන්න. මුහුණේ ජලය සියල්ල වියලී ගිය පසුව පසුව සාදාගත් පැක් එක සම මත ආලේප කරන්න. ඉන්පසු විනාඩි විස්සක් පමණ සැහැල්ලුවෙන් සිටිය යුතුයි. ආලේප කළ පැක් එක සම මත ඝන වූ පසුව මඳ උණුසුම් ජලය ස්වල්පයක් භාවිතා කර ඇඟිලි තුඩුවලින් ඒවා ඉවත් කර ගත යුතුයි. අවසානයට කොහොඹ කොළ තම්බා ගත් ජලයෙන් නැවත මුහුණ සෝදා පිරිසිදු කරන්න. මෙම සත්කාරය සතියකට දින තුනක් පමණ භාවිතා කල යුතුයි. ඊට අමතරව කුරුලෑ ආසාදන තත්ත්වයන් පවතිනවා නම් දිනපතා උදෑසන කොහොඹ කොළ හා වෙනිවැල්ගැට තැම්බූ ජලය මුහුණ සේදීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකි. මේ සත්කාරය කරන අතරතුර ක්‍රීම් වර්ග රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමෙන් වැලකිය යුතු වෙනවා.

හිසකෙස් ගැලවීම සත්කාර

අවශ්‍ය ද්‍රව්‍ය,

  •      - කොහොඹ කොළ ස්වල්පයක්
  •      - පිරිසිදු පොල්තෙල් ස්වල්පයක්
  •      - ඔලිව් තෙල් ස්වල්පයක්
  •      - උළුහාල් පවුඩර් තේ හැඳි දෙකක් පමණ
  •      - විටමින් ඊ කරල් දෙකක් පමණ


සාදා ගන්නා ආකාරය පළමුව පොල්තෙල් ටික භාජනයකට දමන්න. ඉන්පසු සියල්ල කලවම් කොට ලිපේ තබා මදගින්නේ කකාරවා ගන්න. කොහොඹ කොළ වල කොළ පැහැ දුඹුරු පැහැයට හැරෙන විට දී හොඳින් කළවම් කොට ලිපෙන් බා ගන්න. මද වේලාවක් නිවෙන්නට තබා පෙරා ගන්න. මේ තෙල් බෝතලයකට දමා හොඳින් වසා පාවිච්චියට ගන්න.

භාවිතා කරන ආකාරය

පළමුව ගැට කඩා හොඳින් හොදින් හිසකෙස් පීරා ගන්න. ඉන්පසු හිසකෙස් කුඩා තීරුවලට බෙදා වෙන්කර පුළුන් කැබැල්ලක් ආධාරයෙන් හිස්කබල සහ හිසකෙස් මූල සාදාගත් තෙල හොඳින් ආලේප කරන්න. ඉන්පසු ඇඟිලි තුඩු ආධාරයෙන් සියුම්ව මසාජ් කරන්න. හිසකෙස් අධිකව ගැලවී යනවා නම් මසාජ් කිරීම නොකළ යුතුයි. අවසානයට උණුසුම් ජලයෙන් තුවායක් පොඟවා එහි වතුර මිරිකා හිසකෙස් ඉහලට කරගැට ගසන්න. ඉන්පසු මද උණුසුම් තුවාල මගින් හිසකෙස් හොඳින් ආවරණය කර පැය භාගයක් පමණ තබන්න. සාමාන්‍ය සෝදා ඉවත් කර ගන්න. හිසකෙස් හොඳින් පීරමින් සත්කාරය දහවල් කාලයේ කළ යුතු අතර සෙම් රෝග තිබෙන අය දවල් දොළහට පමණ කළ යුතුයි. සතියකට වතාවක් සිදු කිරීමෙන් ඉතාම ගුණදායී ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner