මඤ්ඤොක්කා ගැන ඔබ නොදන්නා දේ

මඤ්ඤොක්කා ගැන ඔබ නොදන්නා දේ

ad-bannerවිශේෂාංග

Published on 4/10/2020

190 Views

අප්‍රිකාවේ මිලියන 70 කට ආසන්න පිරිසක් මූලික වශයෙන් යැපෙන මඤ්ඤොක්කා ලෝකයේ දුප්පතුන්ගේ ආහාර ලෙස සැලකේ. අනෙකුත් බෝග වගා කළ නොහැකි අහිතකර පරිසර තත්ත්ව යටතේ වුවද මඤ්ඤොක්කා වගා කළ හැකිවීමත් පහසු මිලට ලබාගත හැකි වීමත් නිසා මෙය ලොව පුරා ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමෙහිලා වැදගත් වේ. ලොව පුරා ආහාර සඳහා වගා කරන බෝග අතුරින් සිව්වන ස්ථානය උසුලන මඤ්ඤොක්කා ශාකයේ මුල්  මෙන්ම පත්‍රද සාමාන්‍යයෙන් ආහාරය සඳහා එක්කර ගනී. මඤ්ඤොක්කා ග්‍රෑම් 100ක තුළ කැලරි 160 ක් ද කාබෝහයිඩ්‍රේට ග්‍රෑම් 28 ක් ද ප්‍රෝටීන ග්‍රෑම් 1.36 සහ ලිපිඩ ග්‍රෑම් 0.28 පමණ අන්තර්ගත වේ. එසේම එහි සැලකිය යුතු ප්‍රමාණයක් විටමින් C විටමින් B2 විටමින් B3 මෙන්ම කැල්සියම් හා පොස්පරස් ද අඩංගු වේ.

ශරීරයට අවශ්‍ය පෝෂණ සංඝටක බහුලව අඩංගු වුවද මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගැනීම සුදුසු ද නොසුදුසු යන්න කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත. ඒ එහි අන්තර්ගත ශරීරයට අහිතකර සයනයිඩ් නැමැති රසායනිකය නිපදවීමට ඇති හැකියාව හේතුවෙනි. මඤ්ඤොක්කා ශාකය ස්වභාවිකව ආරක්ෂක උපක්‍රම ලෙස සයොනොජෙනික් ග්ලූකොසයිඩ් නැමති රසායනික සංයෝග කාණ්ඩය නිපදවයි. එය සාපේක්ෂව ශරීරයට විෂ දායක නොවේ. නමුත් ශාකයේ අඩංගු වන විවිධ එන්සයිම හා මිනිසුන්ගේ මෙන්ම සතුන්ගෙද ආහාර ජීර්ණ පද්ධතියේ අඩංගු එන්සයිම  ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඉහත සඳහන් සයොනොජෙනික් ග්ලූකොසයිඩ් මගින් HCN නිදහස් කෙරේ. එය මිනිසාට මෙන්ම සතුන්ට ද විෂ දායකවේ.
 කෙටි කාලයක් ඇතුළත සිදුවන HCN  විෂ වීම නිසා රුධිර පීඩනය පහත වැටීම, හෘද ස්පන්දනය හා ස්වසන ශ්‍රීඝ්‍රතාව ඉහළ යෑම, හිසරදය, උදරයේ වේදනාව සහ වමනය වැනි තත්ත්වයන් ඇති විය හැක. ස්වාභාවිකවම ශරීරයට විෂහරණය නොහැකි HCN ප්‍රමානයක් එක වර ඇතුලු වුවහොත් මරණය පවා සිදුවිය හැක.


දීර්ඝකාලීනව ඇතිවන HCN විෂවීම හේතුවෙන් ස්නායු පද්ධතිය හා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ආබාධ ඇති විය හැක. මෙම තත්ත්වය දිනපතා මඤ්ඤොක්කා ආහාර ගන්නා දුර්වල පෝෂණ මට්ටම් සහිත පුද්ගලයන් අතර දැකගත හැකිවේ. ආහාර පිළියෙල කිරීමේ දී භාවිතා කරන විවිධ උපක්‍රම තුලින් මේවායේ අඩංගු සිරුරට අහිතකර, විෂදායි රසායනික සංඝටක ප්‍රමාණය අවම කර ගත හැක. එබැවින් සයනයිඩ් අඩංගු නිසා මඤ්ඤොක්කා ආහාරට එක්කර ගැනීමට බිය වීම හෝ ආහාරට එක්කර ගැනීමෙන් වැළකී සිටීම අවශ්‍ය නොවේ. මඤ්ඤොක්කා පිළියෙළ කිරීමට පෙර පොතු ඉවත් කිරීම , කැබලිකපා තැම්බීම හා තැම්බීමෙදි බඳුන්වල පියන් විවෘත කර තැබීම ආදිය මගින් එහි අන්තර් ගත සයනොජෙනික් ග්ලූකොසයිඩ් ප්‍රමාණය අවම කර ගත හැක. මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගැනීම කතාබහට ලක්වීමට හේතු වී ඇති අනෙක් කරුණ වන්නේ එය සතු පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාවයි .  මඤ්ඤොක්කා මුල් සහ පත්‍ර වල අන්තර්ගත විවිධ සයනොජෙනික් ග්ලූකොසයිඩ් වර්ග අතුරින් 80% ක් පමණ ඇත්තේ ලිනමරීන් වේ. එහි විටමින් B17 අඩංගු වන බවත් එයට නොමේරූ පිළිකා සෛල විනාශ කිරීමට හැකියාව පවතින බවත් බොහෝ පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ. එබැවින් වර්තමානයේ දී ලොවට අභියෝගයක්ව පවතින පිළිකා මර්දනය කිරීම සදහා මඤ්ඤොක්කා භාවිතා කිරීම සම්බන්ධව ලෝකයේම අවධානය යොමු වී තිබේ.

 

 

by Avishka dulshan

Photo Source: Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner