අලුත් මාළු අදුරගන්නෙ කොහොමද?

අලුත් මාළු අදුරගන්නෙ කොහොමද?

ad-bannerවිශේෂාංග

Published on 3/21/2020

469 Views

වැඩි දෙනෙක් අලුත් මාළු පරණ මාළු වලින් අඳුර ගන්න විදිය හරිහැටි දන්නේ නැහැ. පරණ මාළු පෝෂණ ගුණයෙන් අඩු වෙනවා වගේම ඒවා ආහාරයට ගැනීමෙන් විවිධ ලෙඩ රෝග සහ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. අලුත් මාළු පරණ මාලු වලින් වෙන් කර හදුනා ගන්නේ කොහොමද කියන එක මේ ලිපිය හරහා දැනුවත් වෙමු.

අලුත් මාළුන්ගේ සිරුරේ දිලිසෙන දීප්තියක් දකින්න ලැබෙනවා. බුබුලක ආකාරයෙන් මාළුවාගේ පැහැදිලිව විනිවිද පෙනෙන දීප්තිමත් තියුණු බවක් ඇස් වල දකින්න පුළුවන්. පරණ මාළුන්ගේ සමේ දීප්තිමත් බව දකින්න නැහැ. ඇස් ගිලාබැස සමතලා වී ඇති බවක් දකින්න ලැබෙනවා. ඒ වගේම ඇස් වියළී අඳුරු ලේ පැහැයක් ගන්නවා.

අලුත් මාළුවකුගේ කරමල පැහැදිලි ලේ පැහැති රතු පාටක් දකින්න ලැබෙනවා. මාළු පරණ වෙනවත් එක්කම එය රතු මිශ්‍ර රෝස පැහැයට හැරෙනවා. නැත්නම් දුඹුරු මිශ්‍ර රතු පැහැය කළු පැහැයක් තියෙනවා නම් ඒ මාළු ගොඩක් පරණයි.

සමේ දීප්තිමත්ව පැහැදිලි සෙවල තරලයක් තියෙන්නේ අලුත් මාළු වල. ඒවාගේ විනිවිද පෙනෙන බවක් දකින්න පුළුවන්. කල් ගත වෙද්දී පළමුව කිරි පැහැයක් සේ දිස් වී ක්‍රමයෙන් අඳුරු බොර පැහැයට පත් වෙනවා. කොරපොතු ශරීරයට ඇලී තිබීම අලුත් මාළුන්ගේ ස්වභාවය. පරණ මාළුන්ගේ කොරපොතු ලිහිල්ව දක්නට ලැබෙනවා.

අලුත් මාළුන්ගෙ මස තද ස්වභාවයක් ගන්නවා. මස මතුපිට ඇඟිලි තුඩ තබා එබීමේදී ඇගිල්ල ඉවත් කළ සැනින් යථා තත්ත්වයට පත්වෙනවා. පරණ මාළු සඳහා මේ පරීක්ෂාවක් කළ විට ඔබන ලද තැන වල ගැසී එසේම තියෙනවා. මොළොක් බවක් දකින්න පුළුවන්.

අසුරන විට වගේම අක්‍රමවත් ප්‍රවාහනයේදි මාළුන්ගෙ මතුපිට තුවාල සීරීම් තැලීම් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මෙයින් මසුන්ගෙ තත්ත්වය බාල වෙනවා. මෙබඳු ස්ථානවලින් විසබීජ බැක්ටීරියා ක්ෂුද්‍රජීවීන් ක්‍රියාකර මාළු නරක් වෙන්න බලනවා.

අධිශීතකරණයේ තබා ඇති විටෙක මේ ලක්ෂණ සියයට සියයක්ම නිවැරැදි ලෙස පෙන්වන්නේ නැහැ. විශේෂයෙන්ම කොරපොතු සහ සෙවල තරල ගති පරික්ෂා කර බැලීම හරිම අපහසුයි. ඒ නිසා මාළු කැබැල්ලක් වතුරෙන් තම්බා බැලූ විට පිටවන හුමාලයේ ගඳ සුවඳින් මෙන්ම කුඩා කැබැල්ලක් සපා බැලීමේදී ඇතිවන රසයෙන් අලුත් පරණ බව හඳුනා ගන්න පුළුවන්. යම් ලෙසකින් අවන්හලකදී ඔබ මිලදී ගන්නා මාලු ආහාරයක් අනුභව කිරීමේදී මුඛය කසන ස්වභාවයක් එනවා නම් ඒවා බොහෝ සෙයින් පරණ වූ මාළු.

මේ උපදෙස් අනුව පරණ මාළුවලින් අලුත් මාළු වෙන්කර හඳුනා ගන්න උත්සාහ කරන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

ad-banner

0 Comments

Leave a comment

ad-banner