පුස්කොළ පොතේ වගතුග

පුස්කොළ පොතේ වගතුග

ad-bannerවිශේෂාංග

Published on 4/9/2020

171 Views

පුස්කොළ පොත් කියූ සැනින් ඔබගේ මතකයට නැගෙන්නේ හදහනක්ද. එසේත් නැත්නම් පැරණි විහාරස්ථානයක සුරක්ෂිතව තැන්පත් කර ඇති පුස්කොළ පොත් මිටියක්ද. අද අපි පුස්කොල පොත් ගැන කතා කරමු.

පුස්කොළ පොත් දකින විට අපගේ සිත තුළට නැගෙන්නේ වෙනස්ම ආකාරයක ගාම්භීරත්වයකි. අපේ කමකි. ඒ මත ඇඳුන නෙක ලියකම් සමග කළු පැහැති අලංකාර අක්ෂර වලින් ලියැවී ඇති වටිනා දෙයක් ගැන හැඟීමකි. සැබැවින්ම දේශීය දැනුම් සම්භාරය සියවස් ගණනාවක් තුළ සුරක්ෂිතව තබාගත් පුස්කොළ ලියවිලි අපට ඉතා වටිනා සම්පතකි. විදෙස් අධිරාජයන් හි පාලනයට නතු වන විට අප සතුව මෙසේ දේශීය දැනුම් සම්භාරය ගබඩා කරගත් පුස්කොළ පොත් දසලක්ෂ ගණනක් තිබුණු බවට සඳහන් වේ. එහෙත් වරින් වර ශ්‍රී ලංකාව සිය ආධිපත්‍යයට නතුකර ගත් විදේශිකයින් මෙම වටිනා දැනුම් සම්භාරය සහිත පුස්කොළ පොත් බොහෝමයක් සිය රටවල් වලට ගෙන ගොස් තිබේ. එමනිසාවෙන් අපේ රටේ ජනතාවගේ උරුමයක්ව පැවතිය යුතු බොහෝ වටිනා පුස්කොළ පොත් අදත් එංගලන්තයේ ඩෙන්මාර්කයේ මෙන්ම පෘතුගාලයේ කෞතුකාගාර වල කෞතුක භාණ්ඩ වශයෙන් තැන්පත් කර ඇත. අප රට නිදහස ලබා වසර ගණනාවක් ගත වුවද අපගේ එම උරුමය නැවත අප වෙත ලබා ගැනීමට ජාතියක් වශයෙන් අප අසමත් වී සිටි.

නමුත් තවමත් ශ්‍රී ලංකාව තුළ පුස්කොල පොත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් පවතින බව සඳහන් වේ. මෙයින් විශාලතම එකතුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර ඇත. කොළඹ කෞතුකාගාරයේ මෙන්ම කැළණිය විශ්ව විද්‍යාලය සතුව ද වටිනා පුස්කොළ පොත් එකතුවක් ඇත. මේ හැරුණු විට අදද පෞරාණික වෙහෙර විහාර ආශ්‍රිත පොත්ගුල්වල මෙන්ම වෙදකම යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය සහ සටන් කලාවන් රැක ගෙන එන පරම්පරාවන් සතුව ඇති පෞද්ගලික එකතු වන අතර ද පැරණි දැනුම ගබඩා වූ පුස්කොළ පොත් සුරැකිව ඇත. ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසේ දී පමණ සැකසුණු පුස්කොලපොත් වල ශේෂයන් අනුරාධපුර යුගයෙන් හමුවී තිබේ. කොළඹ කෞතුකාගාරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇති පැරණිම පුස්කොළ පොත ක්‍රිස්තු වර්ෂ 13දී සැකසූ චුල්ලවග්ග පාලියයි. බුදුදහම සමඟ බැඳුනු ඉතිහාසයක් ඇති අප රටේ බුදුදහම බොහෝවිට ලියැවී ඇත්තේ පුස්කොල පොත් වලයි. වළගම්බා රජ සමයේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද්දේද පුස්කොළ වල බව ඔබ දන්නා කරුණක්.

ධර්ම කරුණු සූත්‍ර ජාතක කථා හැරුණු විට ඉතිහාසය පාරම්පරික වෛද්‍ය විද්‍යාව පශු වෛද්‍ය විද්‍යාව නිදන් වදුලු පැරණි තාක්ෂණය ජ්‍යෝතිෂ විද්‍යාව තාරකා විද්‍යාව යන්ත්‍ර මන්ත්‍ර සහ භූත විද්‍යාව භාෂා සහ සාහිත්‍ය මෙන්ම සටන් කලාව ආදී විෂයයන් සම්බන්ධයෙන් පැරණි වටිනා දැනුම් සම්භාරයක් පුස්කොළ පොත් තුළ ලියැ වී තිබේ. යුග වෙනසකට සහ නවීන විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුනුවට හසුවුණු ලෝකය අද දැනුම ලියා තබන්නේ පැන්වලින් කඩදාසි මතයි. ඇතැමෙක් ඇතැම් තැනකදී ඩිජිටල් තාක්ෂණයෙන් හෝ පරිගණක අකුරු පුවරුවක ආධාරයෙන් පරිගණකයක් හෝ ජංගම දුරකථනයක් තුළ අතට හසු නොවන අවකාශයකයි. ලෝකය බිහිවූ දා සිට පැවැති ශිෂ්ටාචාරයන් සහ ඒවා විනාශ ව වැළලී ගිය අන්දම ගැන අවධානය යොමු කරන විට ස්වභාවික දේ යොදා ගෙන සකසා ගන්නා ප්‍රාථමික නිපදවීම් මිනිසාට ජීවියකු ලෙස පැවැත්මට ඉවහල් වන තවත් දෙයක් ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම්. එමනිසාවෙන් ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන නිපදවා ඇති දැනුම මිනිසාට සෑම කල්හිම ඉතාමත් වටිනා සම්පතකි.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner