ලොව සිදුවූ විශාලතම වඳවීම්

ලොව සිදුවූ විශාලතම වඳවීම්

ad-bannerවිශේෂාංග

Published on 3/14/2020

251 Views

වසර බිලියන 4.6 ක් පැරණි පෘථිවියේ වංශකතාවේ සඳහන් වන මහා වඳ වීයෑම් පහක් සිදුව තියෙනවා. මේ ඒ පිළිබඳ සටහනක්.

ඕඩොවීසියානු මහා වදවී යෑම

ලොව මහා වදවී යෑම් අතරින් පළමුවැන්න වනුයේ ඕඩොවීසියානු මහා වඳ වී යෑමයි. අදින් වසර මිලියන 440 කට පෙර සිදු වූ මේ මහා වඳ වී යෑම පැලියොසොයික යුගයට අයත් ඕඩොවීසියානු අවධියේ අවසානය සනිටුහන් කරනවා. මේ කාලයේදී විශාල ප්‍රමාණයේ සාගර ජීවීන් බහුල වශයෙන් බිහි වූ අතර ගොඩබිම මතද යම් ජීව විශේෂ පැවැති තියෙනවා. මේ වඳ වී යෑමට හේතුව වී තිබෙන්නේ මේ කාලයේ මහද්වීප තල්ලු වීම් වලට සමගාමීව සිදු ප්‍රභල දේශගුණික විපර්යාසයන්. ඉන් පළමුවැන්න මුළු පෘථිවියම වසාගෙන පැතිරුණු අයිස් යුගය සහ ඉන්පසුව සාගර ජල මට්ටම වේගයෙන් ඉහළ යෑම සිදුවීම් නිසා. මේ වඳ වී යාමේදී මිහිමත සිටින ජීවීන් අතරින් සියයට 85ක් මිහිතලයෙන් තුරන් වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. නැවත තැනින් තැන පාරිසරික වෙනස්කම් වලට අනුරූපව ජීවය බිහිවී තිබෙනවා.

ඩෙවෝනීය වඳවීම


අදින් වසර මිලියන 375කට පමණ පෙර පැවති පැලියෝසික යුගයට අයත් ඩෙවෝනීයඅවධියේදීත් එවැනි දැවැන්තම ජීව වඳවී යෑමක් සිදුවෙනවා. මෙය පළමු වදවී යෑමෙන් පසු ජීවය නැවත අතු ඉතිරි වී පැවැත්වුණු කාලයක සිදු වූ වඳ වී යෑමක්.

පර්මියානු මහා වඳ වී යාම

මේ වඳවීයාම අදින් වසර මිලියන 250 කට පමණ පෙර පැලියොසොයික යුගයට අයත් පර්මියානු අවධියේදී තුන්වෙනි මහා වඳ වී යැම සිදුවෙනවා. මෙය එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ පැවති දරුණුතම වඳවීයාම ලෙස සැලකෙනවා. මේ මිහි මතින් ජීවීන් විශේෂ 96% ක් පමණ විනාශවී යනවා. ඊට බලපෑ හේතුව නිශ්චිතව අනාවරණය කරගැනීමට කර ගැනීමට විද්‍යාඥයින්ට තවම නොහැකි වුවත් එය දැවැන්ත ගිනිකඳු පිපිරීමක් නිසා සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ට්‍රයැසික් මහා වඳ වීම

ට්‍රයැසික් මහා වඳවීයාම ඉතිහාසයේ හතර වැනි මහා වඳ වී යෑම සිදු වන්නේ අදින් වසර මිලියන 200කට පමණ පෙරයි. මියෝසික යුගයට අයත් ට්‍රයැසික් අවධියේ අවසානයේ වසර මිලියන 18ක කාලයක් පුරා විටින් විට සිදු වූ වඳ වී යෑමේ ගණනාවක එකතුවක් ලෙස සැලකෙනවා. මේවා බොහොමයක් ගැට ගැසී ඇත්තේ වරින් වර සිදු වූ දැවැන්ත ගිනි කදු පිපිරීම් ලෝ දිය ගලා යෑම නිසා මෙන්ම ගිනිකඳු මගින් පිට කෙරෙන දූලි වලා වායුගෝලයට එක්වීම හරහා සිදු වූ දේශගුණික විපර්යාස හරහා සාගර මට්ටම වෙනස් වීම්.

ක්‍රිටේසිය වඳවීයාම


ලොව පස්වෙනි මහා වඳ වී යැම හෙවත් ක්‍රිටේසීය මහා වඳවීයාම මේ සියලු සිදුවීම් අතරින් බොහෝ දෙනා දන්නා මහ වඳවීයාමක්. අදින් වසර මිලියන 66 කට පමණ පෙර මියෝසික යුගයට අයත් ක්‍රිටේසීය අවධිය අවසන් කරමින් සිදුවන මේ මහා වඳවී යෑමෙන් මිහිතලය මත ජීවත් වූ දැවැන්ත ඩයිනෝසරයන්ගේ අවසානය සනිටුහන් කරනවා. ඒ වගේම මිහිතලය මත ජීවත් වූ විශේෂ 75%ක් සහමුලින්ම මෙහිදී විනාශවී යනවා. මෙම වඳ වී යෑමට හේතුව වී ඇත්තේ ඇස්ටරොයිඩයක් පොළොව හා ගැටීමයි. ඒ බව තහවුරු කිරීමට සමත් සාක්ෂි ගණනාවක් විද්‍යාඥයන් දැනට අනාවරණය කරගෙන තියෙනවා. මින් ඇතිවූ ප්‍රතිඵලයක් ලෙස සත්වයින්ගේ ආහාර සඳහා අවශ්‍ය ශාක තවදුරටත් පොළොව මත වර්ධනය නොවීම සිදුවුණා. කාලයාගේ ඇවෑමෙන් සොබාදහම නැවතත් යථා තත්වයට පත්වෙනවා.

අද වන විට මිනිසාගේ දියුණුව වේගයෙන් සිදු වූ පසු පසුගිය ශත වර්ෂ කිහිපය තුළ ලෝකයේ ජිවත් වූ ජීව විශේෂ ගණනාවක් ලොවෙන් තුරන්වී තිබෙනවා. මෙය ලොව සයවෙනි වඳවීයාමේ ආරම්භය ලෙස විද්‍යාඥයන් මත පළ කරනවා. ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ මේ ශත වර්ෂය තුළ සත්ත්ව හා ශාක ප්‍රජාවන්ගෙන් විශාල ප්‍රමාණයක් වඳ වීමේ තර්ජනයට මුහුණදී ඇතැයි ඔවුන් අනාවැකි පලකරනවා.

 

 

 

 

 

 

by Dilki Shamani 

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner