චිනයේ නවතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ක්‍රියාත්මක කිරීමට සූදානමින්

චිනයේ නවතම න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය ක්‍රියාත්මක කිරීමට සූදානමින්

ad-bannerවිශේෂාංග

Published on 3/18/2020

4068 Views

පසුගිය දශකය තුළ, ශක්තිය නිපදවීම සඳහා ආලෝක මූලද්‍රව්‍යවල විලයනය උපයෝගී කර ගනිමින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක යොදාගෙන  “කෘත්‍රිම සූර්යයන්” නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් තිබුණි. සෑම විටම අහසේ තරුවල හැසිරීම අනුකරණය කිරීම මඟින් අසීමිත බලශක්තියක් ලබා ගත හැකි බවට විශ්වාස කරන බැවින් මෙම ප්‍රතික්‍රියාකාරක පිළිබඳ ජාත්‍යන්තර උනන්දුව මෑතකදී තීව්‍ර විය.

 

චීනයද මෙම අන්තර්ජාතික ප්‍රයත්නයන්හි කොටසකි. ඔවුන්ගේ දේශසීමා තුළ පර්යේෂණාත්මක ප්‍රතික්‍රියාකාරක තැනීමට ද ඔවුන් කැපවී සිටින අතර එහි නවතම නිපැයුම ඉතා ඉක්මනින් කරලියට ගෙන ඒමට ඔවුන් අපේක්ෂා කරයි. HL-2M නමින් හැඳින්වෙන එය චීනයේ ජාතික න්‍යෂ්ටික සංස්ථාව යටතේ Southwest Institute of Physics විසින් Sichuan හි Chengdu හි ඉදි කර ඇත.

 

මිට සති කිහිපයකට පෙර පැවති සමුළුවකදී ප්‍රතික්‍රියාකාරකයේ ඉදිකිරීම් ප්‍රගතිය ප්‍රකාශයට පත් කරන ලදී. HL-2M යනු tokamak ලෙස හැඳින්වෙන ප්‍රතික්‍රියාකාරක වර්ගයකි. මේවා ඩෝනට් මෙන් හැඩගස්වා ඇත, නමුත් එහි පිටි වෙනුවට, සූර්යයාගේ අභ්‍යන්තරයේ හරයට වඩා උණුසුම් ප්ලාස්මා වලල්ලක් ඇති අතර ශක්තිමත් චුම්බක ක්ෂේත්‍ර වලින් ද සමන්විත වේ.

 

HL-2M හි ඇති ප්ලාස්මාව සෙල්සියස් අංශක මිලියන 200 ක් නැතිනම් ෆැරන්හයිට් අංශක මිලියන 360ක් දක්වා ළඟා වනු ඇතැයි එහි නිෂ්පාදන  කණ්ඩායම අපේක්ෂා කරන අතර එය සෙසු tokamak EAST  (Experimental Advanced Superconducting Tokamak) නිපැයුම් විසින් අත්කර ගෙන ඇති වර්තමාන ඉහලම අගය මෙන් දෙගුණයක් වනු ඇත. චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ දායකත්වයෙන් යුරෝපා සංගමය විසින් අරමුදල් සපයනු ලබන ජාත්‍යන්තර සහයෝගීතාවක්  වන ITER සඳහා HL-2M හි අත්හදා බැලීම් වැදගත් වනු ඇත.

 

න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක ක්‍රියා කරන්නේ හයිඩ්‍රජන් හීලියම් බවට පත් කිරීමෙනි. එහි ඩෝනට් හැඩයේ මැද පිරිසිදු වායුව ඇතුළු කරන රික්ත කුටීරයකි. ප්‍රබල විද්‍යුත් ධාරාවක් එහි ඉලෙක්ට්‍රෝනවල වායුව ඉවත් කර එය ප්ලාස්මා බවට හරවනු ලැබේ. සංඝට්ටන සහ අමතර තාපන ක්‍රම මෙහි ඇදහිය  නොහැකි උෂ්ණත්ව හා පීඩන මට්ටම්වල හේතු වන අතර එම තත්වයන් යටතේ හයිඩ්‍රජන් න්‍යෂ්ටින් ඒකාබද්ධ වී හීලියම් සෑදේ. මෙය විශාල ශක්තියක් මුදා හරින අතර එයින් කොටසක් කුටියේ බිත්තියට හුවමාරු වන අතර එය උපයෝගී කරගෙන විදුලිය නිපදවයි.

 

කෙසේවෙතත් මෙය ITERහි නවතම පෙරැළිය  ලෙස පෙනුනද, එය යෝජිත ප්‍රථම න්‍යෂ්ටික විලයන බලාගාරය වන DEMO තරම් බලවත් නොවේ.

 

 

by Sajini Ishanthi

Photo Source: Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner