අඛණ්ඩ මිනිස් පරිණාමයේ සාක්ෂි

අඛණ්ඩ මිනිස් පරිණාමයේ සාක්ෂි

ad-bannerවිශේෂාංග

Published on 4/10/2020

122 Views

නිරිතදිග පිලිපීනයේ මලයානු සම්භවයක් සහිත බජාඕ ජන වර්ගය සම්පූර්ණයෙන්ම පාහේ සාගරය මත යැපෙන ජනවර්ගයක්. එක් තැනක ජීවත් නොවී මුහුද ආශ්‍රිත ස්ථාන තමන්ගේ වාසස්ථානය කර ගනිමින් වසර දහස් ගණනක් මොවුන් සිය මුහුද වාසස්ථානය බවට පත්කර ගන්නවා. නොගැඹුරු ජලය මත අටවාගත් පැල්පත් නිවාස ඔරු පාරු ආදියේ තමයි මොවුන්ගේ සම්පූර්ණ ජීවිත කාලයම ගත වෙන්නේ. බජාඕ දරුවෙක් බහා තෝරන වයසට එළඹිමටත් පෙර කිමිදීම ඉගෙන ගැනීමට සිදුවෙනවා.
ලෝකයේ විවිධ ජන වර්ග විවිධ කාල පරාසයන් අතරතුර සාගරයෙන් සම්පූර්ණයෙන්ම යැපෙන දිවිපැවැත්මකට හුරු වුනත් වර්තමාන ලෝකය තුළ අඛණ්ඩව පැවැතිමේ  දිවි පැවැත්ම පවතින්නේ බජාඕවරැන්ගේ පමණයි.

*මුහුදේම ගත කරන ජීවිතේ හැරෙන්නට බජාඕවරුන්ගේ තිබෙන සුවිශේෂී ලක්ෂණය කුමක්ද ?

සාමාන්‍යයෙන් ජලය යටදි හුස්ම නොගෙන සිටීම සාමාන්‍යයෙන් පුද්ගලයකුට හැකියාව ලැබෙන්නේ විනාඩි කිහිපයක් පමනියි. නමුත් ඔවුන්ට හැකියාව තිබෙනවා විනාඩි 13 ක් පමණ කාලයක් හුස්ම නොගෙන කිමිදීමට. එපමණක් නොවෙයි අඩි 200 ක පමණ ගැඹුරක් දක්වා මේ කිමිදුම් සිදුකරන්නට මොවුන්ට හැකියාව තිබෙනවා.( කිසිම ආධාරකයක්, ඔක්සිජන් ටැංකියක්  නොමැතිව)
 දැන් යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් පුහුණුවෙන් ලැබෙන දෙයක් වෙන්න පුළුවන් කියලා මේ හැකියාව. නමුත් මේ කාරණයේ විද්‍යාත්මක පසුබිම වෙත දැන් හැරෙමු. ඔබ නහය වසාගෙන මුහුදු ජල බඳුනක් තුළට යොමු කරොත් ඔබේ ශරීරය ස්වාභාවිකම කිම්දුන් ප්‍රතික්‍රියාව අවස්ථාවට පත්වෙනවා.
එහි ප්‍රතිඵලය තමයි ඔබේ හෘද ස්පන්දනය වේගය අඩාල වීමත්, රුධිර වාහිනී සහ ප්ලීහාව යම් ආකාරයකින් හැකිලීමට ලක් වීම. මේ ප්‍රතික්‍රියාව ස්වභාවිකවම ඇතිවෙන්නේ අඩු ඔක්සිජන්  තත්ත්වයකදී ශක්ති ආරක්ෂා කර ගැනීම සඳහාය.
 සාමාන්‍යයෙන් ප්ලීහාව යම් යම් හේතූන් මත ශල්‍යකර්ම තුළින් ඉවත් කිරීමෙන් පසු පුද්ගලයකුට ජීවත් විය හැකි නමුත් එය පවතින විට විවිධ ශරීර කෘත්‍ය සඳහා එයට දායකත්වය සපයනවා. පරිනාමය තුල මෙය වැදගත් වන්නේ තල්මසුන් ,ඩොල්පින් මුහුදු සිංහයා ආදී සාගරවාසී ක්ෂීරපායි ගෝත්‍ර තුළ මේ ප්ලීහාව නැමැති අවයව අසාමාන්‍ය ලෙස වැඩී තිබෙනවා.
බජාඕ ජනවර්ගයට තිබෙන සුවිශේෂීම ලක්ෂණය තමයි අසාමාන්‍ය ලෙස විශාල ප්ලීහාව. බජාඕ ජන වර්ගයට සමීප ඥාතීත්වයක් දක්වන අදාළ ප්‍රදේශයේම ජිවත්වන නමුත් සාගරවාසී දිවියක් ගතකර නොකරන සාලුවාන් ජන වර්ගය හා සසඳන විට සාලුවාන් පුද්ගලයකුගේ ප්ලීහාව මෙන් 50% විශාල ප්ලීහාවක් පිහිටනවා බජාඕ  ජනවර්ගයට.
 බජාඕ ජනවර්ගය ආශ්‍රයෙන්ම කෙරෙන අනෙක් පර්යේෂණ වල දී ඔවුන්ට පිහිටන PDE 10A ජාන ගැන විශේෂ අවධානයක් යොමු වෙනවා.
බජාඕවරුන්ගෙ දීර්ඝකාලීන මුහුදු ජීවිතය ඔවුන් වාරණයකට ලක්කර තිබෙනවා. සාගරවාසී දිවියකට අවශ්‍ය අනුවර්තන ක්‍රමයෙන් ඔවුනට ප්‍රදානය කරමින්.

 මිනිසාගේ අඛණ්ඩ පරිණාමය සාක්ෂි සාධක තමයි බජාඕවරුන්ගෙ සාගරවාසී ජීවිතයේ අනුවර්තන. එවැනි තවත් සුවිශේෂී ලක්ෂණ වර්තමානයේ දී දියුණුවෙමින් පවතින ජන වර්ග ගණනාවක තිබෙනවා.

පරිණාමිය වෙනස්කම් යනු ඉතා සුළු කාල පරාසයක් තුළ දැකගත නොහැකි වෙනස්කම් හා දීර්ඝ කාල පරාසයක් අතරතුර අධ්‍යයනය කිරීමට අසීරු මන්දගාමී බවකින් සිදුවන වෙනස්කම් වේ.

 

 

by Avishka dulshan

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner