අලුත් ගැජට් ඇප්ස්-4

අලුත් ගැජට් ඇප්ස්-4

ad-bannerවිශේෂාංග

Published on 3/12/2020

261 Views

අලුත් ගැජට් සහ ඇප්ස් තුළින් මේ සූදානම් වෙන්නේ එදිනෙදා ජීවිතයේදී ජීවිතයේදී යොදා ගන්න පුළුවන් මෝටිවේශනල් ඇප්ස් කීපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි.

1.දිරිමත් කරන ඇප් එකක්: fabulous
එදිනෙදා ජීවිතයේ වෙහෙස වී එකම ආකාරයෙන් දවස ගත කරනවිට ටික කාලයක් යනකොට හැමදේම එපා වෙනවා. හැමදාම එකම දේ එකම විදියට කරන විට කම්මැලිකමක් ඇති වෙනවා. ඒසදහා අපිට කුමක් අපිට motivation එකක් එහෙමත් නැත්නම් පුංචියට බලගැන්වීමක් අවශ්‍ය වෙනවා. වැඩක් අලුතෙන් පටන් ගන්න විට එහෙමත් නැත්නම් ප්‍රශ්නවලින් පීඩා විඳිමින් ඉන්නා විට අපිට කුමක් හෝ motivation එකක් අවශ්‍ය වෙනවා. දැන් ඔබේ ජංගම දුරකථනයටත් එය කරන්න පුළුවන්. ඒ පුංචි ඇප් එකකින්. ඒ ඇප් එකේ නම fabulous: daily Motivation. මුලින්ම මේ ඇප් එක ඔබේ ජංගම දුරකථනයට බාගත කරගෙන එහි ඔබේ නම ඊමේල් ඇතුළු පෞද්ගලික විස්තර සපයන්න ඕන. ඉන්පසුව ඇප් එක විසින් ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ඔබ සාමාන්‍යයෙන් නිදාගන්න වෙලාව වගේ දේවල්. ඒ වගේම ඔබ හිතන පතන ආකාරය ගැනත් ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනවා.. ඒ ඇසුරෙන් මේ ඇප් එක ඔබ කොයි වගේ චරිතයද කියන එක තරමක් දුරට මනෝවිද්‍යාත්මකව කියවීමක් කරන ඉන්පසු ඔබ ජීවිතය ළඟා කරගත යුතු දේවල් ගැන අහනවා.ඉන් පසු ඔබ විසින් ඔබ බලාපොරොත්තු වුන සාර්ථක ජීවිතය ලගා කරගැනීමට කකලයුතු දේ මොනවාද කියලා කියනවා. මෙහිදී ඔබට මේ app එකේ එකේ සාර්ථකත්වය දැන ගැනීමට දින හතක ට්‍රයල් වර්ශන් එකක් තමයි ලැබෙන්නේ. ඉන් පසු ඔබ කිසියම් ගෙවීමක් කලයුතුයි. ඉතින් මේ ඇප් එක ඔබට පහසුවෙන් ඔබේ ජංගම දුරකතනයට බාගත කරගන්න පුලුවන් play store එක හරහා. මේ සඳහා දැනටමත් 4.5 ක රේටින් අගයක් ලැබී තිබෙනවා.

2.Deepstash ඇප් එක
Deepstash ඇප් එක අනිත් ඇප් වලට සාපේක්ෂව හරි වෙනස් සහ ප්‍රයෝජනවත් app එකක්. මේ ඇප් එක ඔබේ සිතේ ඇති වන ඍණාත්මක සිතිවිලි වලට එරෙහිව ධනාත්මක සිතිවිලි ඇති කරනවා. කෙටියෙන්ම කියනවා motivate කරනවා. අලුත් දේවල් ගැන ජීවිතය ජයගත් මිනිස්සු කිව්ව අපූරු රුවන් වැකි වගේම නිවැරදි කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද මානසිකව වැටිලා ඉන්න වෙලාවක අපි කියවන්න ඕන මොනවද අපිව inspire කරන සිතුවිලි මොනවද කියල මේ ඇප් එකෙන් කියලා දෙනවා. ඉතින් හරිම සරලයි ඔබට තියෙන්නේ play store එකෙන් මේ ඇප් එක බාගත කර ගන්න. එය මෙගාබයිට් හතක පමණ ප්‍රමාණයේ ඇප් එකක්. යූසර්ස්ලා වෙතින් 4.7 ratings අගයක් ලැබූ හොද ඇප් එකක්. මේ ඇප් එක බාගත කළ පසුව ඔබෙන් කිහිපයක් අහනවා. ඔබ වඩාත් සංවේදී නව දැනුම උත්පාදනය කරන්න ද එහෙමත් නැත්නම් motivation speaker ද නැත්නම් time management මේ ඕනෑම title එකක් යටතේ ක්ලික් කළ විට ඔබට ඊට අදාළ ලිපි සහ තොරතුරු නොමිලේ කියවන්න පුලුවන්. මේ ඇප් එකේ තවත් විශේෂත්වයක් තිබෙනවා ඒ තමයි දවස පටන් ගත් සැණින් උදේම ඔබේ දුරකතනයට මේ app එක මගින් දවසේ සිතිවිල්ල ලෙස රුවන් වැකියක් එවනවා. එමගින් ඔබේ මුළු දවසම ප්‍රාණවත් වෙනවා. ඉතින් ඔබේ ජංගම දුරකතනයේ තිබිය යුතුම app එකක් තමයි Deepstash කියන්නේ.

 

 

by Dilki Shamani

Photo Source: Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner