ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ad-bannerආර්ථික පුවත්

Published on 2/5/2020

452 Views

ලෝකයේ දෙවැනියට විශාලතම ආර්ථිකය වන චීන ආර්ථිකය මේ වන විට අකර්මණය තත්ත්යට පත්වීම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද බලාපොරොත්තු නොවූ පරිදි සීඝ්‍ර කඩා වැටීමක් වාර්තා කර ඇත.

 


කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විටත් චීනයේ මරණ 400 කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇති අතර එහි ව්‍යාපාරික හා කාර්මික ක්‍රියාකාරකම් අඩාල කිරීමට පමණක් නොව, එය පැතිරීම වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර සංචාරක සීමා කිරීම් නිසා චීනයේ තෙල් ඉල්ලුමද පහත දමා තිබේ. චීන ආර්ථිකය අකර්මණ්‍ය වීම මේ වන විට ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් වෙත ද බලපෑමක් වී ඇත.

 

 

අඟහරුවාදා (04) වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 55 සීමාවෙන් මෙපිට පැමිණි අතර මීට මාසයකට පෙර (ජනවාරි 06) එම අගය වාර්තා වූයේ ඩොලර් 68.51 ක් වශයෙනි. එසේම WTI බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 50 සීමාවට පැමිණ තිබේ. එය පසුගිය ජනවාරි 06 දින වන විට දැක්වුණේ ඩොලර් 63.27 ක් ලෙසිනි.

 


පවතින වාතාවරණය තුළ ඔපෙක් සංවිධානය විසින් වියානා නුවර සිය මූලස්ථානයේ දී අද (05) දින සිය සාමාජික රටවල් 14 හි හදිසි රැස්වීමක්  කැඳවීමට කටයුතු යොදා ඇත. මේ අනුව මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා ඉදිරි දින කිහිපය තුළ වෙළෙඳපොළට මුදාහරින නිෂ්පාදන ධාරිතාවෙහි කප්පාදුවක් සිදුකිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

 


පසුගිය වසර 5ක කාලය දෙස අවධානය යොමු කිරීමේ දී 2016 ජනවාරි 15 දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 28.94 ක් දක්වා පහත වැටුණු අතර එය 2018 ඔකතෝබර් 05 වන විට ඩොලර් 84.16 ක් දක්වා ඉහළ ගියේය.

 

එබැවින් ලෝක තෙල් මිල උච්ඡාවචනයන්ට මුහුණ දීම සඳහා ඔපෙක් රටවල් 14 සහ ඔපෙක් සංවිධානයට අයත් නොවන රටවල් 9 විසින් උපක්‍රමශීලීව කටයුතු කරනු ඇතැයි යන්න විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner