සෞදියේ ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

සෞදියේ ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

ad-bannerආර්ථික පුවත්

Published on 9/16/2019

209 Views

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහල ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ මාස 04කට පමණ පසුව තෙල් මිල වැඩිම අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවයි. 

 

සෞදියේ ප‍්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර එල්ල වුණු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පසුවයි මෙම ඉහළ අගය වාර්තා වුණේ. 

 

 

එක්සත් ජනපද බොරතෙල් නිව් යෝර්ක් වෙළඳ හුවමාරුවේ ඉලෙක්ට්‍රොනික වෙළඳාමේ දී බැරලයකට ඩොලර් 5.61 ක් හෙවත් 10.2% කින් ඩොලර් 60.46 ක් දක්වා ඉහළ ගියා. ජාත්‍යන්තර ප්‍රමිතිය වන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට ඩොලර් 7.84 ක් හෙවත් 13% කින් ඉහළ ගොස් ඩොලර් 68.06 ක් වනවා.

 

 

යේමනයේ ඉරානයේ පිටුබලය ලබන හූටි කැරලිකරුවන් සෞදි අරාබියේ විශාලතම තෙල් සැකසුම් කම්හල වන සවුදි සෞදි රජයට අයත් සුප‍්‍රකට ඇරැම්කෝ සමාගමේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන ප්‍රහාර ඒල්ල කිරීමේ වගකීම භාර ගත්තා. එයින් දිනකට පසු ඇරැම්කෝ සමාගම බොරතෙල් බැරල් මිලියන 5.7 ක් නිෂ්පාදනය කිරීම නවතා දැමූවා.

 

 

සෞදි අරාබිය ගෝලීය දෛනික අපනයනයෙන් අඩකට වඩා සහ ලෝකයේ දෛනික බොරතෙල් නිෂ්පාදනයෙන් 5% කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවනවා. ඒ අනුව සෞදිය ලෝක වෙළඳපලට සිදු කරන දෛනික ඉන්ධන සහ ගෑස් සැපයුම හරි අඩකින් කප්පාදු කර තිබෙනවා. 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner