සිරගෙය තුළ පයිස 10ක් ලබා ගත් සුපිරි නළුවා

සිරගෙය තුළ පයිස 10ක් ලබා ගත් සුපිරි නළුවා

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 1/14/2020

138 Views

සංජේ දත් යනු 90 දශකයේ ප්‍රසිද්ධියට පත් වූ විශිෂ්ඨ රංගන ශිල්පීයෙකි. ඔහු තම ජීවිතයේ සාර්ථකත්වය, සැපපහසුව හා ප්‍රසාධයට පත්ව සිටි කාලයේ සිට අන්ත දුක්ඛිත පහත් මට්ටමට දක්වා ජීවිතයේ සෑම දෙයක්ම අත්දැකීමට හැකි වූ ජීවිතයක් ගත කළ පුද්ගලයෙකි. පයිස 10 ක් ලබා ගැනීමට සිරගෙදර ලියුම් කවර හා කඩදාසි බෑග් සෑදූ සංජේ දත් මෑතකදී එය පිළිබඳව ඔහුගේ අත්දැකීම් බෙදා ගත්තා.

අතීතයේ දී ඔහු නීති විරෝධී ආයුධ ළඟ තබා ගැනීම හේතුවෙන් සිරගෙවල්වල ගත කර ඇත. බොහෝ කලකට පසුව ඔහුට ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නැවත හැකියාව ලැබී තිබෙන නමුත් ඔහු එම සිරගෙවල තුළ දී කළ අරගලයන් සිහිපත් කිරීමට මෑතකදී අවස්ථාවක් කරගෙන තිබේ.

ඒ "ද කපිල් ෂර්මා" වැඩසටහනට සංජේ සහභාගි වූ අවස්ථාවේදීය. කපිල් ශර්මා විසින් මෙහෙයවන මෙම වැඩසටහනේ සංජේ සිරගතව සිටි කාලය ගැන හෙළිදරව් කිරීමක් සිදුකළා.

මෙම වැඩසටහනේදී කපිල් නළුවා සමඟ ඔහුගේ ජීවිතය පදනම් කරගත් "සංජු" චිත්‍රපටය ගැන කතා කරයි. චිත්‍රපටයේ රන්බීර් කපූර් ලියුම් කවර සහ කඩදාසි බෑග් සෑදීමට ඉගෙන ගන්නා අතර ගුවන් විදුලි වැඩසටහනක් පවා පවත්වයි.

ඉතින්, කපිල් ඔහුගෙන් මේ පිළිබඳව හා ඔහු එම කුසලතා ඉගෙන ගැනීමට කොපමණ කාලයක් ගතවේද යන්න විමසූ විට ඒ සඳහා සංජේ මෙසේ පිළිතුරු ඉදිරිපත් කළේය.

" කපිල්, මෙම කුසලතා ඉගෙන ගැනීමට මට බොහෝ කාලයක් ගත වුණා. ඇත්තටම, කෙනෙක් හිරේ වැඩ කරන්න ඕන. ඔබට නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැකියි. සිරගෙදර තුළ අප ගත කරන කාලය කෙටි කිරීමට අවශ්‍ය නම්, අපට හොඳින් සිට වැඩ කිරීමට සිදුවේ. කරන වැඩ සඳහා ලකුණු ලබා ගැනීමට අප පුරුදුව සිටියා."

" මම ලියුම් කවරයක් සාදන විට, මම ඒ සඳහා පයිස 10 ක් ලබා දුන්නා"

කපිල් ඔහු මෙසේ උපයාගත් මුදල් වලින් ඔහු කුමක් කළේදැයි විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.
"මම මගේ සහෝදරියන්ට රාඛි වලට තෑග්ගක් යැවීම සඳහා එම මුදල් එකතු කිරීමට පුරුදුව සිටියා"

සිරගෙය තුළ ඔහු ලැබූ අමිහිරි අත්දැකීම් අතර මෙය කෙතරම් මිහිරි වූයේද යන්න. ඔහුගේ මුවග රැදි මද සිනාවෙන් එය හොදාකාරවම පැහැදිලි විය.

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner