කොරෝනා වැලදුන ඔස්කාර් නළු ටොම් හෑන්ක්ස්

කොරෝනා වැලදුන ඔස්කාර් නළු ටොම් හෑන්ක්ස්

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 4/4/2020

67 Views

පුද්ගලයනගේ තරාතිරම පක්ෂ පාට නොබලා ගිල ගනිමින් සිටින කොරෝනා වසංගතයට ගොදුරු වූ සුප්‍රසිද්ධ නළුවෙක් තමයි ටොම් හෑන්ක්ස් කියන්නේ. 1980 දශකයේ සිට සිනමා නළුවකු ලෙස ජනප්‍රියත්වයට පත්වූ ඔහු මේ වන විට චිත්‍රපට අති විශාල සංඛ්‍යාවක රඟපා ඇති අතර ඔහු රඟපෑ චරිත වෙනුවෙන් බොහෝ අවස්ථාවන්වල සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. 1997 සහ 95 වසර වලදී හොඳම නළුවා ලෙස ඔස්කාර් සම්මානය දිනා ගත්තේ ඔහු. ටොම් ගේ බිරිඳ වන රීටා විල්සන්ද ජනප්‍රිය කලා ශිල්පිනියක්. ඇයද චිත්‍රපට ටෙලිනාට්‍ය වේදිකා නාට්‍ය රැසක රඟපා ඇති අතර ගායිකාව ලෙසත් ඇය හොඳ නමක් දිනාගෙන සිටිනවා.


පසුගියදා චිත්‍රපටයක වැඩ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ මේ යුවළට සිය රසික රසිකාවියන් අතරින් මේ වෛරසය ආසාදනය වී තිබෙන්නට ඇති බව බලධාරීන් සැක කරනවා. හැට තුන් හැවිරිදි වියේ සිටින ටොම් ඕස්ට්‍රේලියාවේ දී සුප්‍රසිද්ධ ගායන ශිල්පියකුවූ එල්විස් ප්‍රෙස්ලිගේ ජීවිත කතාව පසුබිම් කරගත් කර ගත් නිර්මාණයක් සඳහා දායක වීමටයි සූදානම් වුනේ. එම චිත්‍රපටයේ ඔහු එල්විස් ගේ කළමනාකාරවරයා ලෙස කර්නල් ටොම් පාකර්ගේ චරිතය රඟ දැක්වීමට නියමිතව තිබුණා.
රෝගය ආසාදනය වීම නිසා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි රෝහලකට ඇතුළත් කර තිබූ අතර එහි ඔවුන් වෙනම හුදෙකලා කර ප්‍රතිකාර දෙමින් තිබුණු බව පැවසෙනවා. මේ අතරට ටොම්ගේ බිරිඳ ට්විටර් ගිණුමේ පලකල තිබූ විට සටහනකින් දක්වා තියෙන්නේ රෝහලේ ගත කරන ඔවුන් දෙදෙනා හුදෙකලාව පහකර ගැනීම සඳහා සංගීතය භාවිතා කරන බවයි.

නිරෝධායනයේ යෙදෙන ඕනෑම කෙනෙකුට ප්‍රයෝජනවත් වන ගීත ලැයිස්තුවක් සකස් කරන්න ටොම්ගේ බිරිඳ වූ රීටාට හැකියාව ලැබුණා. එම ලයිස්තුවට ඇගේ රසික රසිකාවියන්ගේ ඉල්ලීම් පරිදි එක් වූ ගීතත් ඇතුළත් කරමින් එය හඳුන්වා තියෙන්නේ ක්වොරන්ටියුන්ස් යන නමින්. ටොම් හෑන්ක්ස් කාලයක් සිටම දියවැඩියා රෝගීන් පීඩා විඳින කෙනෙක් නිසා මෙම වෛරසයේ වැඩි බලපෑමක් ඔහුට එල්ල විය හැකියි. ඒ නිසාම ඔවුන් වෛද්‍යවරුන්ගේ විශේෂ අවධානය අවධානයක් යොමු වෙමින් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර වලින් අනතුරුව නිවසේ ස්වයං නිරෝධායන කටයුතු වලට සහභාගීවී සිටින බව වාර්තා වෙනවා. මෙම වෛරසය ආසාදනය වූ සුප්‍රසිද්ධ තරු අතරින් එක් අයෙක් පමණයි ටොම් හෑන්ක්ස් කියන්නේ. තව කී දෙනෙකුට මේ වෛරසය ආසාදනය වේ දැයි අනුමානයක්වත් නැහැ. මුලු ලෝකයෙන්ම මේ වසංගතය ඉක්මනින් දුරු වී නැවත යථා තත්වයට පත්වේ යැයි හැමදෙනාම බලාපොරොත්තුවෙන් සිටිනවා.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner