ලෝක රූ රැජින කිරුළ පළන් ප්‍රියංකා චොප්රා

ලෝක රූ රැජින කිරුළ පළන් ප්‍රියංකා චොප්රා

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 3/29/2020

114 Views

1982 වර්ෂයේ ජූලි 18 වන දින ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උපත ලැබූ ප්‍රියංකා චොප්රා 2000 වර්ෂයේ ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ පැළැන්දුවා. ඇගේ මවුපියන් හමුදා වෛද්‍යවරුන් වුනා. ඉන්දියානු කාන්තාර ප්‍රදේශයක අනෙක් හමුදා නිලධාරීන්ගේ ළමයි සමඟ දුව පැන ඇවිදිමින් කාලය ගත කළ ඇගේ ළමා කාලය වෙනස් වූයේ ඇයට 13 වැනි වියේදී. ඒ ඇගේ මවුපියන්ට ඇය ඇමරිකා එක්සත් ජනපදයට පිටත් කර යැවීමත් සමඟයි. ප්‍රියංකාගේ ඇමෙරිකානු ජීවිතය ඉන්දියාවේ තමන්ගේ අය හා ගෙවූ කාලය තරම් සුන්දර නොවූවා. ඇගේ හමේ පැහැය නිසා ඇයව ඉන්දියානුවකු ලෙස උසුළු විසුළු හිරිහැරයට ලක් වුණා. මේ සම්බන්ධව ප්‍රියංකා වරක් පවසා සිටියේ "මම ආත්ම අභිමානය අඩු නිහතමානි මධ්‍යම පන්තිය පසුබිමකින් පැමිණි කෙනෙක්. නමුත් මම ඉතා වෙහෙස මහන්සි වී වැඩ කලා" යනුවෙන්. පසුව නැවත ඉන්දියාවට පැමිණි උසස් අධ්‍යාපනය නිමකරන ප්‍රියංකා ෆෙමිනා මිස් ඉන්දියා තරගාවලියෙන් ජය ලබා 2000 වසරේ මිස් වර්ල්ඩ් කිරුළ හිමිකරගැනීමට වාසනාව ලබනවා. ඉන්පසු "ද රේස් එගේන්ස්ට් ටයිම්" චිත්‍රපටයේ කුඩා චරිතයට එක්වෙමින් ඉන්දියානු සිනමාවට පා තබන ඇය ඉන්දියානු විලාසිතා කර්මාන්තය පිළිබඳ වාණිජමය වශයෙන් සාර්ථක වූ මධූර් භාණ්ඩාර්කාර්ගේ විලාසිතා චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව උදා කර ගන්නවා. එතැන් පටන් චිත්‍රපට රාශියකට දායක වන ප්‍රියංකා රංගනයෙන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පිනියක් බවට පත්වෙනවා.

whats your rashee නවකතාව පදනම් කරගෙන නිපදවූ රාශි චක්‍ර 12ට සම්බන්ධ ගෑනු ළමයි දොළොස් දෙනෙකුගේ පිළිබඳ කතාව චරිත දොළහම ඇය රඟපාමින් හොඳම නිළිය වූ අතර එක් චිත්‍රපටයක සුවිශේෂී චරිත දොළහක් නිරූපණය කළ පළමු සිනමා නිළිය ලෙස ඇය ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළු වෙනවා. ඇය විසින් තම ජීවිතයේ අත්දැකීම් සහිත වීඩියෝ අන්තර්ජාලය පුරා ඕනෑම රටක කෙනෙකුට ඉතා වටිනා අදහස් ගෙන දෙනවා. වර්ෂ 2010 හා 2016දී පරිසරය කාන්තා ළමා අයිතිවාසිකම් පිළිබඳ ගෝලීය යුනිසෙෆ් තානාපතිනිය ලෙස ප්‍රියංකා කටයුතු කළා. ඇගේ පෞද්ගලික ධනයෙන් 10% යොදවන ප්‍රියංකා චොප්රා පදනමෙන් ලෝකය පුරා ගෑණු ළමයින්ගේ සෞඛ්‍ය අධ්‍යාපනය සුභසාධනය ඇතුළු සේවාවන් රැසකට ආධාර සපයනවා. 2016 දී ඉන්දීය රජය පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2017, 2018 වසරවලදී ප්‍රියංකා ලොව බලවත්ම කාන්තාවන් සියදෙනා අතරට ඇතුළත් කරනු ලැබුවේ සුප්‍රසිද්ධ ෆෝර්බ්ස් සගරාව විසින්. සෑම විටම ආන්දෝලනාත්මක චරිතයක් වූ ඇගේ විවාහය ද මාධ්‍ය ලෝකයේ ආන්දෝලනයට ලක්කලා. ඒ ඇගේ විවාහය සිදු වූයේ ඇයට වඩා වයසින් බාල ඇමරිකානු ගායකයකු සහ සහ නළුවෙක් වන නික් ජෝනාස් සමග නිසයි.

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner