අයිස්වර්යා සහ අභිශේක් දික්කසාද මගට?

අයිස්වර්යා සහ අභිශේක් දික්කසාද මගට?

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 1/13/2020

237 Views

සෙලිබ්‍රටීස්ලා එහෙම නැතිනම් ප්‍රසිද්ධ පුද්ගලයන් හට මීඩියා වලින් බේරී සිටීම තරම් අමාරු වැඩක් සමහර වෙලාවල් වලට තවත් නැති තරම්. මාධ්‍යවේදීන්ගේ රේඩාර් පද්ධති ඒ තරම්ම ප්‍රබලයි. ඉන්දියාව වගේ රටවල මේ තත්වය බොහෝ ලෙස දැකගන්න පුළුවන්. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වෘත්තීය ජීවිතයේ සිට පෞද්ගලික ජීවිතය දක්වාම සිදුවන දේවල් දිහා ඇස් යොමාගෙන සිටින මාධ්‍යවේදීන් කිසියම් හෝ දෙයක් හුවා දක්වමින් හා ප්‍රසිද්ධියක් ලබා දෙමින් කතිකාවතක් ආරම්භ කරනවා. බොලිවුඩය කියන්නේ එලෙස මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස් නිතර ගැවසෙන තැනක්.

ඉතින් බච්චන් පවුල කියන්නේත් බොලිවුඩයේ පුවත් මවන පවුලක්. ඒ එම පවුලේ ආදරණීය ලේලි, අයිස්වර්යා රායි බච්චන් නිසා. මීට අවුරුදු කිහිපයකට කලින් කිසියම් උත්සවයක් අතරතුර ලබාගත් අයිස්වර්යා සහ අභිශේක්ගේ වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිර ගියා. එහි නිගමනය වුණේ මොවුන් දෙදෙනා අතර විරසකයක් ඇති බව. මාධ්‍යවේදීන් වැඩි දෙනෙකු පැවසුවේ ඔවුන් ඉතා ඉක්මනින් දික්කසාද වෙනු ඇති බවයි.

 


අභිශේක් මේ කටකතා පිලිබඳව දැඩි කෝපයකින් පසු වී තිබෙනවා. ප්‍රසිද්ධ දිනපතා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබුණා. "මම දන්නවා මොකක්ද ඇත්ත කියලා. ඒ වගේම මම දන්නවා මීඩියා කොතරම් දුරකට බැරෑරුම් ලෙස සැලකිය යුතුද කියලත්. කිසිම තෙවන පාර්ශවයකට, මගේත් අයිස්වර්යාගේත් ජීවිත වලට බලපෑම් කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. අපි දන්නවා අපි කොහොමද අපේ ජීවිත ගත කල යුත්තේ කියලා. ඇය දන්නවා මම ඇයට කෙතරම් ආදරෙයිද කියලා. ඒ වගේම මමත් දන්නවා ඇය මට කෙතරම් ආදරෙයිද කියලා."

මිනිසුන්ගේ අවදානය ලබා ගන්න පුවත් වැරදි ලෙස අර්තකතනය කර මාධ්‍යට මුදාහැරීම පිලිබඳවත් අභිශේක් මෙලෙස පැවසුවා. " ඔබලාගේ පහසුවට හෝ වාසියක් සදහා පුවත් වැරදි ලෙස අර්තකතනය කිරීම හෝ විකෘති කිරීම සිදුකරනවානම්, මට කියන්න තියෙන්නෙ දිගටම එය සිදු කරන්න කියලා. මමත් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම සෑම වෙලාවකම මාධ්‍ය සතුටු කරන්න මට හැකියාවක් නැහැ. මාධ්‍ය කියන දේවල් වලින් මගේ පෞද්ගලික ජීවිතයටවත්, මගේ කසාද ජීවිතයටවත් බලපෑමක් සිදුකරන්න බැහැ. ඉතින් ඒක මට පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් නෙමේ."

වරක් ෆිල්ම්ෆෙයාර් සගරාවට තමන්ගේ සාර්තක යුග ජීවිතය ගැන අදහස් දක්වමින් අභිශේක් පවසා තිබුණේ දෙදෙනා හොඳින් කතාබහ කිරීම, එකිනෙකා කෙරෙහි අන්‍යොන්‍ය අවබෝධය සහ ගෞරවය, සාර්තක විවාහයකට අඩිතාලමක් වන බවයි. "ඒ වගේම විවිධාකාර හැඩගැසීම් වගේම අතහැරීම් සහ ලබාගැනීම් රැසක් සිදුකල යුතු වෙනවා. එකගවීම් සහ නොවීම් තිබෙන්නට පුළුවන්. නමුත් වඩාත් වැදගත්ම දේ දෙදෙනා අතර මනා සන්නිවේදනයක් පවත්වා ගැනීමයි. මම සෑම විටම විශ්වාස කරන දෙයක් තමයි ඒ."

අයිස්වර්යා සහ අභිශේක් ඔවුන්ගේ 12 වෙනි විවාහ සංවත්සරය මේ වසරේ අප්‍රේල් 20 වෙනි දින සමරනු ලැබුවා. ඒ වගේම ඔවුන්ගේ එකම දියණිය ආරාධ්‍යා බච්චන්ගේ 8 වෙනි උපන් දිනය පසුගිය 16 වෙනිදා සැමරුවා.

ඉතින් පැතිරුණු කටකතා සියල්ලම පුස්සක් කරමින්, සාර්තක විවාහ දිවියක් ගත කරන ඔවුන් දෙපළට සුභ පැතුම් එක් කරමින් ලිපිය අවසන් කරනවා.

 

 

 

by Nimanthi Muthukudaarachchi

Photo source : Internet

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner