දරුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ ව්‍යාපාරිකයාට 30 වසරක් සිරදඬුවමක්

දරුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනය කළ ව්‍යාපාරිකයාට 30 වසරක් සිරදඬුවමක්

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 1/13/2020

280 Views

බාල වයස්කාර පිරිමි දරුවෙකුව බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ව්‍යාපාරිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් විසින් 30 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

 

2013-2014 වර්ෂයේදී එම ව්‍යාපාරිකයා විසින් මෙම බාල වයස්කාර දරුවාව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවයි අධිකරණය හමුවේ කරුණු හෙළිවී ඇත්තේ. 

 

30 වසරක සිර දඬුවම් නියම කරමින් අපයෝජනයට ලක්වූ දරුවාට රුපියල් ලක්ෂ 06ක වන්දියක් ගෙවන ලෙස මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා චුදිතයාට නියෝග කර තිබෙනවා. 

 

එම දඩය නොගවන්නේ නම් තවත් වසර 06ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව තවත් රුපියල් 30,000ක දඩයක් නියම කරනු ලැබුවා. එම දඩ මුදල නොපියවන්නේ නම් තවත් මාස 18ක ලිහිල් සිර දඬුවමක් පනවන ලෙසයි මෙහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ.

 

මෙලෙස දඬුවම් නියමවී ඇත්තේ කිරුළපන පූර්වාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටයි.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner