මාධ්‍යයෙන් ප්‍රචාරය වන හැම හඬ පටයක්ම මගේ නොවෙයි - රන්ජන් බබා වෙයි

මාධ්‍යයෙන් ප්‍රචාරය වන හැම හඬ පටයක්ම මගේ නොවෙයි - රන්ජන් බබා වෙයි

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 1/10/2020

384 Views

තමාගේ දුරකථන සංවාද බව පවසමින් සමාජ ජාල මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය නාලිකාවල ප‍්‍රචාරය වන හඬ පට සියල්ල තමන්ගේ හඬ ඇතුළත් ඒවා බව කිව නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක මහතා ‘දිවයින’ පුවත්පතට පවසා තිබෙනවා.

 

ඇතැම් හඬ පට තමන්ගේ යැයි කීමට බිය නොවන බවත් සංස්කරණය කළ හෝ විකෘති කර අලූතින් හඬ එකතු කළ ඒවාත් තිබිය හැකි බව ද, ඔහු පැවසූ බව සදහන්.

 

යහපාලන රජය හොරු ඇල්ලීම අමතක කරද්දී තමා හුදකලාව සටන් කළ බව කී රන්ජන් රාමනායක මහතා ඒ වෙනුවෙන් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග සභ්‍යත්වයෙන් තොර විය හැකි බවත් කියා තිබෙනවා.

 

එසේ නොමැතිව හොරු ඇල්ලීම හෝ සත්‍ය අනාවරණය කර ගැනීම හීනයක් බවත් තමන්ගේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යන බවත් ඒ මහතා පැවසුවා.   

 

හඬ පට යම් ප‍්‍රමාණයක් පමණක් මාධ්‍ය වෙත නිකුත් වුවද තවත් හොඳ හොඳ හඬපට තමන් සතුව පවතින බවත් ඒවා ඉදිරියේදී රටට හෙළි කරන බවත් කී රන්ජන් රාමනායක මහතා එහිදී රෙදි ගැලවෙන ප‍්‍රමාණය තවත් වැඩිවනු ඇතැයි ද වැඩිදුරටත් කියා තිබෙනවා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner