රුව සුරකින යෝගට්

රුව සුරකින යෝගට්

ad-bannerLifestyle

Published on 2/15/2020

1029 Views

නැවුම් යෝගට් කෝප්පයක අපට හිතකර වූ බැක්ටීරියා අසීමිත සංඛ්‍යාවක් තිබෙනවා. මේවා ජීරණයට සහ අහිතකර වෛරසය විනාශ කිරීමට උපකාරී වෙනවා. නැවුම් යෝගට් කියන්නේ සීත කළ යෝගට් නොවෙයි. මෙහි වටිනා ප්‍රතිඵල ලබා ගැනීමට පැස්චරීකරණය කළ හෝ නිවසේ පිළියෙල කළ යෝගට් ආහාරයට ගැනීම අනිවාර්යයි. සීත කල යෝගට් වල අපට හිතකර බැක්ටීරියා වැඩි ප්‍රමාණයක් විනාශවී තිබෙනවා. එක යෝගට් කෝප්පයක ප්‍රෝටීන් ග්‍රෑම් 13ක්ද විටමින් බී කාණ්ඩය කැල්සියම් මිලි ග්‍රෑම් 450ක් ද පොටෑසියම් පොස්පරස් ෆෝලික් අම්ලයද අඩංගුවෙනවා. කිසියම් රෝගී තත්ත්වයකට ප්‍රතිජීවකයක් ලබාගත් විට වෛද්‍යවරුන් යෝගට් කෑමට උපදෙස් දෙන්නේ ඒ නිසයි.

කාය වර්ධන ශිල්පීන්ට ප්‍රෝටීන අධිකව අවශ්‍ය අයට යෝගට් තරම් ප්‍රෝටීන් ලබා ගත හැකි තවත් රසවත් ආහාරයක් නැති තරම්. යෝගට් ග්‍රෑම් 200 ප්‍රෝටීන් ග්‍රෑම් 12 ක් අඩංගු වෙනවා. යෝගට් සමේ සහ හිසකෙස් වල සුවතාව රැක ගැනීමටද උපකාරී වෙනවා. මේ නිසාම එය රුව රකින රසවත් ආහාරයක් ලෙස සලකනවා.

මෘදු ලෙස දිදුලන කෙස් කළඹකට යෝගට් කෝප්ප භාගයකට මී පැණි මේස හැදි දෙකක් එක් කර හිස මුල හොඳින් ගල්වා සම්බාහනය කර මිනිත්තු 30කින් පමණ පසු සෝදා හරින්න. යෝගට් ප්‍රෝටීන් වලින් හොදින් සාරවත් නිසා කෙස් මුල් හොඳින් පෝෂණය වෙනවා. පැහැපත් සමක් ලබා ගැනීමට නැවුම් රෝස පෙති හය හතක් රෝස වතුර මේස හැදි දෙකක් යෝගට් මේස හැන්දක් මී පැණි තේ හැන්දක් හොඳටම ප්‍රමාණවත්. රෝස පෙති තලා ඊට රෝස වතුර යෝගට් මී පැණි හොදින් මිශ්‍රකර මිශ්‍ර කර මුහුණේ සහ ගෙලේ ගල්වා මිනිත්තු 10 කින් පසු සෝදා හරින්න. යෝගට් වලට කිසිවක් මිශ්‍ර නොකර දවසට දෙතුන් වරක් ගැල්වීමෙන් සිනිදු වියලි නැති සමක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. හිරු එළියෙන් සමට වන හානිය අඩුකර ගැනීමට හැකියාව ලැබෙනවා.

යෝගට් කියන්නේ ස්වභාවික බැක්ටීරියා දිලීර නාශකයක්. ඒ නිසා කුරුලෑ ඉවත් කිරීමට උපකාරී වෙනවා. සමේ අවපැහැගැන්වීම වලක්වන්නේ යෝගට් සතුව තියෙන සම සුදු කරන ගුණය නිසයි. අවපැහැ ගැන්වූ තැන්වලට යෝගට් මේස හැඳි කිහිපයකට දෙහි යුෂ බිංදු කීපයක් එක් කර ගැල්වීමෙන් යහපත් ප්‍රතිඵල රැසක් උදාවෙනවා. යෝගට් හිස කෙස්වලට කන්ඩිෂනර් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. යෝගට් මේස හැඳි හතරක් කෝමාරිකා මේස හැදි දෙකක් පොල් තෙල් මේස හැදි දෙකක් මිශ්‍ර කර හිස් කබලේ ගල්වන්න පුලුවන්. ඉන්පසු පැයක් පමණ තබා සෝදාහරින්න. මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර හොදින් සෝදා හිස කෙස් ගැලවී යාම අඩු කිරීමට යෝගට් කෝප්ප භාගයකට අඹරාගත් උළුහාල් දමා ගැල්වීමත් හොඳ සත්කාරයක්. මේ නිසාම නිතර යෝගට් ආහාරයට ගන්න උත්සහ කරන්න

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Interent

ad-banner

0 Comments

Leave a comment

ad-banner