ආකර්ෂණීය යුවතියක් වීමට ඔබත් සිහින දකිනවාද

ආකර්ෂණීය යුවතියක් වීමට ඔබත් සිහින දකිනවාද

ad-bannerLifestyle

Published on 2/1/2020

214 Views

තාරුණ්‍යය යනු ජීවිතයේ වටිනාම නැතහොත් සුන්දරම කාල පරිච්ඡේදයකි. ගෙවී ගිය තාරුණ්‍යය කිසිදා කිසිවෙකුටත් නැවත ලබාගන්නට හැකියාවක් නොමැත. තරුණ කාලයේදී නු ලබන තීරණ මුළු ජීවිත කාලයටම බලපෑමක් සිදු කරන අතර ඔබ තරුණයෙක් තරුණියක් නම් බොහොම බුද්ධියෙන් සිතා තීරණ ගත යුතු කාලයක් ලෙස තාරුණ්‍ය පෙන්වා දිය හැකියි. තරුණ කාලයේදී සෑම යුවතියක්ම කැමතියි කැපී පෙනෙන්න. අන් අයගේ ආකර්ශනය දිනා ගන්න, ලස්සනට අඳින්න පලඳින්න, ගමන් බිමන් යන්න, ආලේපන භාවිතා කරන්න සෑම යුවතියක්ම මහත් රුචියක් දක්වයි. නමුත් ඔබ කැපී පෙනෙන්නට යැයි සිතා සිදු කරන සෑම දෙයක්ම වඩාත් අවබෝධයෙන් සිදුකළ යුතු අතර එය අන් අයගේ උසුළු විසුළුවට ලක් නොවිය යුතුයි.

 

යුවතියකගේ සුන්දරත්වය ඇත්තේ චාම් බව තුළ වන අතර ඇගේ සුන්දරත්වය වඩාත් කැපී පෙනෙන්නේ ඇය තව තවත් සරල වන තරමටයි. කිසියම් යුවතියකට සිතෙනවානම් හැමදාමත් එකම කොණ්ඩ මෝස්තරය එකම විලාසිතාවේ ඇඳුම් තමා විසින් අඳිනවා කියා ඔබට පුළුවන් ඔබේ ඇඳුම් විලාසිතා කොණ්ඩ මෝස්තරය ටිකක් වෙනස් කරගන්න. අලුත් වෙන්න. ඒ තුලින් ඔබට අපේක්ෂා නොකළ තරමේ ආකර්ෂණයක් ලැබෙන්නට පුළුවනි. නමුත් එම වෙනස තුළින් ඔබේ පෞරුෂත්වයට කිසිදු බාධාවක් නොවීමට ඔබ විසින් වගබලා ගැනීම කළ යුතු වෙයි. තවද යම් යම් ආලේපන බාහිරින් ආලේප කරනවාට වඩා ඔබගේ සිතින් ඔබ ලස්සන වීමට උත්සාහ දැරීම වඩාත් වැදගත්.

 

සිත ලස්සන වන තරමටම ඔබේ සම පැහැපත් වී වඩාත් චාම් සරල සුන්දරත්වයත් ඔබෙන් දිස්වනු ඇත. එලෙසින්ම යුවතියක් සැමවිටම අන් අයට ප්‍රිය වන ආකාරයෙන් කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ ආදරයෙන් යුතුව හැසිරෙන්නේ නම් තවදුරටත් ඔබගේ සුන්දරත්වය වර්ධනය කර ගැනීමට හැකියාවක් ලැබේවි. ඔබ විවාහක කාන්තාවක් නම් ඔබගේ පවුලේ ප්‍රධාන පුරුක ඔබ වේ. ඔබ විසින් පවුලේ අනෙකුත් සියලු දෙනාම ඔබ තුළ රඳවා තබාගැනීම වඩාත් අත්‍යවශ්‍ය වන අතර සෑම කටයුත්තක්ම නිවසේ දී ගොඩනැගෙන්නේ ඔබගේ මැදිහත්වීමෙනි. එනිසාවෙන් ඔබ සැම විටම ඔබගේ ආදරණීයයන් සතුටින් තබන්නට ගතහැකි සෑම පියවරක්ම ගැනීමෙන් ඔබට වඩාත් ආකර්ෂණීය බිරිඳක්, මවක්, සොහොයුරියක් වන්නට ද අවස්ථාව උදා වනු ඇත.

 

තවද ඔබ පාසල් සමය ගතකරන යොවුන් යුවතියක් නම් ඔබගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වේ. අන් අයගේ ආකර්ශනය දිනා ගැනීමට නොයෙකුත් නොගැලපෙන ඇඳුම් විලාසිතාවන්ට හුරුවීම තුළින් ඔබගේ මෙන්ම ඔබගේ දෙමාපියන්ගේ ද ගෞරවයට කැළලක් වන්නට පුළුවන. එනිසාවෙන් තම සිරුරේ ස්වභාවයට අනුව සුදුසු ඇඳුම් තෝරා දීම මවුපියන්ගේද වගකීමක් බව මෙහිදී සිහිපත් කළ යුතුවේ. හිසකෙස් වලට සිදුකරන විලාසිතාවන් වලදීද තමාගේ අනන්‍යතාවය ට තමාගේ වයසට සුදුසු දේ කරන්නට ද ඇය විසින් බුද්ධිමත් විය යුතුමයි. සුන්දර යුවතියක් වීමට නම් ඔබ සැම විටම ස්වභාවික සුන්දරත්වයට ඉඩ ලබාදෙමින් කෘත්‍රිම ආලේපන වලින් තොර වන්නට වග බලා ගන්න. වෙළඳපලට දවසින් දවස ලැබෙන නිෂ්පාදන භාවිතා කිරීමට ගොස් ඔබගේ පවතින සුන්දරත්වයට හානි කර ගැනීමෙන් වලකින්න. එවැනි සරල ජීවිතයකට හුරුවීම තුළින් ඔබට වඩාත් ඉක්මණින් සුන්දර ආකර්ෂණීය යුවතියක් වීමට වැඩි ඉඩකඩක් ලැබෙනු ඇත.

 

 

 

 

 

 

 

 

by  Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner