දිගට කොන්ඩය වවන්න අවුරුදු  15 වෙනකල් ඉන්න

දිගට කොන්ඩය වවන්න අවුරුදු 15 වෙනකල් ඉන්න

ad-bannerLifestyle

Published on 2/8/2020

2131 Views

තරුණ කාන්තාවන්ගේ සුන්දරත්වයට බලපාන ප්‍රධානතම අංගය තමයි නිරෝගී දිගු කෙස් වැටිය. නමුත් අද තරුණ තරුණියන් අතර හිසකෙස් සම්බන්ධ ගැටලු ඉතාම සුලභයි. අකාලයේ හිසකෙස් සුදුවීම කෙස් හැලීයාම කැඩීයාම වගේ තත්ව වලින් පෙලෙන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. විශේෂයෙන්ම කෙස්කලඹ නිරෝගී එකක් කර ගැනීමේ අඩිතාලම දැමිය යුත්තේ කුඩා වයසේදීමයි.

පාසල් යන වයස්වල පසුවන කුඩා දරුවන්ට තමන්ගේ කෙස් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා එහි වගකීම දැරිය යුත්තේ ගෙදර මවයි. ගැහැණු දරුවන් කුඩා වයසේ සිටම හිසකෙස් දිගට වැවීම සුදුසු නැහැ. මේ වයස්වල පසුවන දරුවන්ට තම දිගු හිසකෙස් නඩත්තු කිරීමට පවත්වා ගැනීමට හැකියාවක් නැහැ. එසේම තරුණ වයසේදී හොඳ නිරෝගී කෙස් කලඹක් අවශ්‍යනම් හිසකෙස් වැවීම ආරම්භ කළ යුත්තේ වයස අවුරුදු පහළොවක් දාසයක් පමණ වන විටයි. එම වයස වන විට දරුවන්ට තමන්ගේ කෙස් රැක බලාගැනීමේ හැකියාව තියෙනවා. තරුණ දැරිවියන්ගේ හිසකෙස් නිරෝගීව පවත්වා ගැනීමට නම් ප්‍රධාන ලෙසම ආහාරවේල් සමබරව පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා.

එසේම හොඳින් කුනු දූවිලි ඉවත් කරන ලෙස කොණ්ඩය සෝදා වියළා ගෙන තෙල් සාත්තුවක් කිරීමට පුළුවන්. ඒ සඳහා වඩාත් උචිත වන්නේ අපි කාලාන්තරයක් තිස්සේ භාවිතා කරන පිරිසිදු පොල්තෙල්. නමුත් අද වන විට වෙළඳපලේ පිරිසුදු පොල්තෙල් සොයා ගැනීම ඉතාම අපහසුයි.

කෘතිම වර්ණකාරක සුවඳ කාරක අඩංගු කර තිබෙන තෙල් වර්ගවල සමහර රසායන වර්ග අඩංගු වෙනවා. ඒ නිසා පිරිසිදු පොල්තෙල් ටිකක් හිසකෙස් වලට බදන ලෙස හොඳින් ආලේප කරන්න. කොණ්ඩය ගොතන හෝ ගැටගසන්න දරුවෙකුට මේ තෙල් දවසක් හමාරක් හිසකෙස්වල තිබුනාට ගැටලුවක් නැහැ.

එසේම හිසකේ සේදීම සඳහා වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයයි. නිතරම උණු ජලය ස්නානය හිසකෙස් වල ගැටලු වැඩි කිරීමට හේතු වෙනවා. ෂැම්පු යොදා ස්නානය කිරීමෙන් පසුව හොඳින් කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කළ යුතුමයි. එසේම හිස පිස ගැනීම සඳහා වෙනම තුවායක් තබා ගැනීමත් වැදගත් වෙනවා. හිස පිස දැමීම සඳහා භාවිතා කරන කුඩා තුවාය අවම වශයෙන් සතියකට වරක්වත් සෝදා වියළා ගන්න. එසේම බොහෝ දෙනා අමතක කරන්නේ හිස පීරන පනාවයි. හිස මොනතරම් නම් පිරිසිදු කරගෙන වුවද හිස පීරන පනාව අපිරිසිදු නම් නම් හිසකෙස් අපිරිසිදු වෙනවා. ඒ නිසා පනාව හොදින් පිරිසිදුව තබාගන්න සැමවිටම මතක තබාගන්න. මේ වයසේ දරුවන් හිසකෙස් කෙලින් කිරීම රැලි කිරීම වර්ණ ගැන්වීම වගේ දේවල් වලට යොමු කිරීමෙන් වලකින්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Interent

ad-banner

0 Comments

Leave a comment

ad-banner