පිළිකාව වලකන බිම්මල්

පිළිකාව වලකන බිම්මල්

ad-bannerLifestyle

Published on 4/8/2020

187 Views

ඛනිජ ලවණ වලින් ඉතාම පොහොසත් මේද රහිත බිම්මල්වලට ලොව සෑම සංස්කෘතිකම මිනිසුන් කැමැත්තක් දක්වනවා. සමහර බිම්මල් ප්‍රතිශක්තිකරණ හැකියාවන්ගෙන් යුක්ත වෙනවා. ගල් යුගයේ ජීවත් වූ මිනිසුන් වහා ඇවිලෙන ඉන්ධනයක් ලෙස වියළාගත් බිම් මල් ප්‍රයෝජනයට ගෙන තියෙනවා. විද්‍යාඥයන් පවසන්නේ පිලිකා සමග සටන් වැද පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් මේ බිම්මල්වලට සතු බවයි.

බිම්මල්වල අඩංගු ඇමයිනෝ අම්ලයක් වන ග්ලූටමික් අම්ලය මගින් විවිධ ප්‍රතිශක්තිකරණ ආබාධ වලට එරෙහිව ක්‍රියා කරවීමේ බලයක් බිම්මල් මගින් සිරුරට ලබා දෙනවා. කොලෙස්ටරෝල් අධි රුධිර පීඩනය හෘදයාබාධ හා පිළිකා අවදානම පහත හෙලන සංයෝග කිහිපයක්ම එහි සතුවෙනවා. රුධිර පීඩනය අඩු කිරීමට අත්‍යවශ්‍යම පෝෂණ සංඝටකයක් වන පොටෑසියම් සෑම බිම්මල් විෂයකම අඩංගුවෙනවා. පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවදානම දුරුකරන සෙලිනියම් නම් රසායනික සංයෝගය පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල් වල බහුලව අඩංගු බව සොයාගෙන තියෙනවා. සෙලිනියම් නම් රසායනික සංයෝගය පැතලි හා බොත්තම් හැඩයේ බිම්මල් වල බහුලව අඩංගු බව සොයාගෙන තියෙනවා. රුධිරයේ අඩංගු සෙලිනියම් අඩු ප්‍රතිශතයක් සහිත වූවන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවන්ගෙන් මිදීමට හොඳම ඖෂධය වන්නේ බිම්මල් ආහාරයට ගැනීම බව ඇමෙරිකාවේ බැල්ටිමෝර් හි සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනය මගින් සිදුකළ සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. ඒ වගේම ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි පිළිකා මධ්‍යස්ථානයේදී සිදුකළ පර්යේෂණ වලට අනුව ආර්තවහරණයට ලක් වූ වයස අවුරුදු 45 ඉක්මවූ කාන්තාවන්ට බහුලව වැලඳෙන පියයුරු පිලිකා ඇති වීමේ අවදානමෙන් මිදීමට බොත්තම් බිම්මල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායක වෙනවා.

බොත්තම් බිම්මල් ආහාරයට ගැනීමෙන් ආර්තවහරණයත් සමඟ ක්‍රමයෙන් කාන්තාවන්ගේ සිරුරක අඩුවෙමින් යන ඊස්ට්‍රජන් හෝමෝනය මට්ටම ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකි වන බව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. බොත්තම් බිම්මල් වල ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නංවන ග්ලූටමික් යහමින් අඩංගු වීම ඊට හේතුවයි.

ශාක හා සතුන් මෙන්ම තම වර්ගයා බෝ කිරීමේ යෙදෙන බිම්මල් බීජානු ආධාරයෙන් බිම්මල් තමන්ගේ තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්නවා. බිම්මලක බීජාණු තැන්පත් වන්නේ බිම්මලේ යටි පැත්තේ පිහිටන රැලි කොටස් අතරයි. සතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම සුළං ආධාරයෙන් බිම්මල්වල මේ බීජාණු ව්‍යාප්ත වෙනවා. එලෙස තැන්පත් වන බීජාණු ප්‍රාථමික දිලීරයක් නිර්මාණය කරනවා. එවැනි දිලීර එකතුවී සුදුසු පරිසර තත්ත්ව යටතේ බිම්මල් උපත ලබනවා. මේ නිසා අපරිමිත ගුණ දින හොඳ බිම්මල් විෂ සහිත නොවන ඒවා නිතර ආහාරයට එකතු කරගන්න උත්සහ කරන්න.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner