බබාගේ එන්නත් ගැන දැනුවත් ද

බබාගේ එන්නත් ගැන දැනුවත් ද

ad-bannerLifestyle

Published on 2/2/2020

618 Views

මෙලොව එළිය දකින දරුවන්ට නිරෝගී ජීවිතයක් උරුම කරදීම සෑම දෙමාපියෙකුගේම වගකීමක් වෙනවා. පුංචි දරුවන්ට ලබාදෙන එන්නත් පිළිබඳ දෙමව්පියන් සතු අවබෝධය ඔවුන්ගේ නිරෝගී භාවයට සහ ප්‍රතිශක්තිකරණ වර්ධනයට ඉතාම වැදගත් වෙනවා. මේ ඒ පිළිබඳ පුංචි සටහනක්.

බිළිඳකු ඉපදී පළමු පැය 24 ඇතුලත රෝහලෙන් පිටවීමට පෙර පළමු ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස බී සී ජී එන්නත ලබා දෙනවා. මෙම එන්නත ඉපදී පළමු පැය 24 ඇතුලත ලබාදීම අනිවාර්ය වෙනවා. දරුවා ඉපදී මාස 2 4 6 කාලයේ පෙන්ටා වේලන්ට් නම් ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිවෙළට ලබාදිය යුතු වෙනවා. මෙම පෙන්ටා වේලන්ට් එන්නත ලබාදීම තුළින් බිළිඳුන් ගලපටලය කක්කල් කැස්ස පිටගැස්ම හෙපටයිටිස් බී හිමෝෆිලස් ඉන්ෆ්ලුවන්සා බී වැනි රෝග වලින් ආරක්ෂා වන බව වෛද්‍ය නිර්දේශයයි. මෙම පෙන්ටා වේලන්ට් එන්නත දුන් විගස මුඛ පෝලියෝ එන්නත දරුවන්ට ලබා දෙනවා.

ඒ වගේම බිලින්දාට වයස මාස නමය සම්පූර්ණ වූ විට සරම්ප එන්නත ලබා දෙනවා. එම එන්නත එම් එම් ආර් නමින් හඳුන්වනවා. එහිදී දරුවන්ට කම්මුල්ගාය සරම්ප රුබෙල්ලා වැනි රෝග ගොදුරු වීමේ අවදානම අඩු කරනවා.
දරුවාට මාස 12 දොළහෙන් පසු සජීවී ජැපනීස් එන්සපලයිටීස් එන්නත ලබා දෙනවා.

ඒ වගේම දරුවාට අවුරුදු එක හමාර සම්පූර්ණ වූ පසු ඩී පී ටී එන්නත ලබාදිය යුතු වෙනවා. එය දරුවාට ලබාදෙන ප්‍රතිශක්තිකරණ එන්නතේ ඇති හතරවෙනි මාත්‍රාවයි. එමගින් ගලපටලය කක්කල් කැස්ස පිටගැස්ම හා පෝලියෝ එන්නතත් ලැබෙනවා.

බබාට වයස අවුරුදු පහ 5 සම්පූර්ණ වූ විට පිටගැස්ම ගලපටලය සහ ටීටී නමින් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙනවා. ඒ සමඟ මුඛ පෝලියෝ එන්නතක් ලබා දෙනවා. වයස අවුරුදු එකොළහේ දරුවාට පාසලේ 7 වසරේ දී වැඩිහිටි පිටගැස්ම ගලපටලය හා ATD ලෙස හඳුන්වන ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙනවා.

මෙම එන්නත් මාලාවන් ලබානොදිය යුතු අවස්ථාත් දක්නට ලැබෙනවා. දරුවා HIV ආසාදිතයෙක් නම් උපන් පළමු පැය විසි හතරේ දෙන බීසීජී එන්නත ලබා නොදෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. යම් එන්නතකට හෝ එන්නතේ ඇති සංඝටකයකට ආසාත්මිකතා ඇති වුවහොත් එවැනි දරුවන්ට ආසාත්මිකතා නැති ඒවා දියයුතු වෙනවා. ඒ හැර මෙවැනි ගැටලු ඇති වූ දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් නතර කරන්නේ නැහැ. එන්නතකින් පසු ගැටලු ඇති වූ දරුවන්ට නැවත ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන්නේ රෝහලක නතර කර තබා ගැනීමෙන් පසුවයි. ප්‍රතිශක්තිකරණ එන්නතක් ආසාත්මික වූ විට ඒ ගැන නැවත එන්නත් ලබා දීමේදී පැවසිය යුතු නමුත් කෑම ආසාත්මික වීම මේ සඳහා බලපාන්නේ නැහැ. ඒ වගේම දරුවාට ෆිට් එක නැත්නම් වලිප්පුව හැදෙනවා නම් රෝගය නොහැදී වසරක් යනතුරු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොදිය යුතු බව මතක තබාගත යුතු වෙනවා.

පුංචි දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙලෙස ඔවුන්ට ලබා දියදිය යුතු එන්නත් පිළිබඳ නිවැරදි අවබෝධයක් සෑම වැඩිහිටියෙකුටම තිබිය යුතු වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

Tags:
ad-banner

0 Comments

Leave a comment

ad-banner