රුධිර පරීක්ෂණ වර්ග

රුධිර පරීක්ෂණ වර්ග

ad-bannerLifestyle

Published on 4/7/2020

201 Views

සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් ජීවිතේ එක් වරක් හෝ රුධිර පරීක්ෂාවක් සිදු කරනවා. නමුත් ඔබ විවිධ රුධිර පරික්ෂාව ගැන හරියටම දැනුවත්ද? මේ පිළිබඳ සටහනක්.

සම්පූර්ණ රුධිර පරීක්ෂාව

මේ පරීක්ෂාව මගින් අපේ රුධිරයේ විවිධ සෛල වර්ග කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද කියන එක පරික්ෂා කරනවා. උදාහරණයක් විදියට රතු රුධිරාණු සුදු රුධිරානු රුධිර පට්ටිකා කොපමණ ප්‍රමාණයක් තිබෙනවා දැයි මෙමගින් දැන ගන්න පුළුවන්. සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් අපිට උණ හැදුණු විට උණට හේතුව බැක්ටීරියාවක් ද එහෙමත් නැත්නම් ඩෙංගු වැනි මාරාන්තික වෛරසයක් දෙන තහවුරු කර ගනිමට සිදුකරනවා. සම්පූර්ණ රුධිර පරීක්ෂාව මඟින් රුධිරයේ ඇති හිමොග්ලොබින් ප්‍රමාණය මනින අතර එමගින් රෝගියා නීරක්තියෙන් පෙළෙනවා ද නැද්ද යන්න හඳුනා ගන්නවා.

හිමෝග්ග්ලොබින් පරීක්ෂාව

මෙමගින් සිදුකරන්නේ රුධිරයේ ඇති රතු රුධිර සෛලවල හිමෝග්ලොබින් ප්‍රමාණය ගණනය කිරීම. මෙම පරීක්ෂාව ගර්භනී මව්වරුන්ට පාසල් වයසේ දරුවන්ට පණු රෝග තත්ත්වයක් දැයි සැක ඇති විට වැඩිහිටි අයගේ අතපය වේදනාවන් හන්දිපත් අමාරු වලදී සිදුකරනු ලබනවා. නිරෝගී වැඩිහිටි කෙනෙකුගේ රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය ඩෙසි ලීටරයකට ග්‍රෑම් 11ත් 13 අතර විය යුතුයි. දරුවන්ගේ මෙම අගය වයස අනුව වෙනස් වන අතර අලුත උපන් බිළිඳකුගේ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය වඩාත් වැඩි අගයක් ගන්නවා. සමවයසේ පිරිමියෙකු සහ කාන්තාවකගේ රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය සංසන්දනය කිරීමේදී කාන්තාවකගෙ මාසෙකට වරක් ආර්ථවය සිදුවන නිසා රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය පිරිමියාට වඩා අඩු වෙනවා. එම නිසා ආර්තවයේදී රුධිරයේ වැඩි වශයෙන් පිටවන කාන්තාවන් සහ රුධිරය කැටි වශයෙන් පිටවන කාන්තාවන්ට රුධිරගත හිමොග්ලොබින් පරීක්ෂාවන් සිදු කර ගැනීම වැදගත් වෙනවා. රුධිරයේ හිමෝග්ලොබින් අඩු වූ විට නීරක්තිය ලෙස හඳුන්වන රෝගී තත්ත්වය ඇති වෙනවා. එවැනි රෝගීන්ට යකඩ ෆෝලික් අම්ලය වැනි පෝෂණය සංඝටක පිටතින් ලබා දීමට වෛද්‍යවරුන් තීරණය කරනවා.

රුධිර පට්ටිකා පරීක්ෂාව

වර්තමානයේ වරින් වර වරින්වර භයානක ලෙස හිස ඔසවන ඩෙංගු රෝගී තත්ත්වයේදී රුධිර පට්ටිකා පරීක්ෂාව ඉතාම වැදගත් වෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී රුධිරයේ ඇති රුධිර පට්ටිකා විනාශ වීම නිසා රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවෙනවා. එවැනි අවස්ථාවේදී මෙම රෝගයේ සංකූලතා කලින් දැන ගැනීමට දිනකට දෙවරක් රුධිරගත පට්ටිකා ප්‍රමාණය පරික්ෂා කිරීමට සිදුවෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී අයකුගේ රුධිර පට්ටිකා ප්‍රමාණය මයික්‍රො ලීටරයකට 50000-450000 අතර තිබිය යුතුයි.

යම් යම් අවස්ථාවන් වලදී සිදු කරනු ලබන මෙවැනි රුධිර පරීක්ෂණ ගැන සාමාන්‍ය අවබෝධයක් අපි සියලු දෙනාටම තිබිය යුතු වෙනවා.

 

 

 

 

 

 

 

by Dilki Shamani

photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner