ඔබේත් අතේ මැණික් කටුව වේදනා ගෙන දෙනවාද

ඔබේත් අතේ මැණික් කටුව වේදනා ගෙන දෙනවාද

ad-bannerLifestyle

Published on 2/13/2020

362 Views

අපේ සිරුරේ විවිධ හේතූන් නිසා වේදනාකාරී තත්ත්ව ඇති වෙනවා. එයට ගැහැනු පිරිමි භේදයක් නැතත් මේ දැනුවත් කරන්න සූදානම් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණයක් වන මැණික් කටුවේ වේදනාව පිළිබඳවයි.

නිතරම කාන්තාවන්ගෙන් අහන්න ලැබෙන දෙයක් තමයි ඇඟිලි නැමීමට අපහසුයි පොල් මිරිකීමේදී රෙදි මිරිකීමේදී ඇඟිලි සහ මැණික් කටුව ආශ්‍රිතව අධික වේදනාවක් දැනීම ඇඟිලි හිරිවැටීම ඇගිලි ටික දිගහැරීම අපහසුවීම යමක් ඇල්ලීමේදී ඇඟිලිවල දැඩි වේදනාවක් ඇතිවීම අත ලොක් වූවා සේ දැනීම වගේ දේවල් ඇතිවෙනවා කියන එක. මෙයට ප්‍රධාන හේතුව වෙන්නේ දෑත් වලට සම්බන්ධ ස්නායු ශරීරය කුමන හෝ ස්ථානයකදී තෙරපීමකට හෝ පීඩාවකට ලක් වීම ආසාදනය වීම හෝ හානි සිදුවීමයි. මෙම තත්ත්වය විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන් කියලයි වෛද්‍යවරුන් පවසන්නේ. ඇතැම් ස්නායු රෝගවල පූර්ව රෝග ලක්ෂණයක් ලෙස මෙය ඇති වන අතර අත ඇදීමකට ලක්වීම නැත්නම් තැලීමකට ලක්වීම ඇඟිලි වැඩිපුර වෙහෙසෙන ක්‍රියාවල නිරතවීම මැණික් කටු ආශ්‍රිත මාංශපේශි වලට ලැබෙන රුධිර සැපයුම අඩුවීම නිසා ඒ ආශ්‍රිත පෝෂණ ඌනතා ඇතිවීම මැණික් කටු ආශිතව මාංශපේෂි වල කැල්සියම් යුරික් ඇසිඩ් තැන්පත් වීම නිසා එම වේදනා තත්ත්වන් ඇති විය හැකියි.

තවද දීර්ඝ වේලාවක් සිටගෙන සිටින රැකියාවල නිරත නිරතවීම අඩි උස සෙරෙප්පු පැලඳීම නිසා යටි පතුලට වැඩි පීඩනයකපතුලට වැඩි පීඩනයක් දරාගෙන සිටීමට සිදුවීම බොහෝ දුර පයින් ඇවිදගෙන යන පුද්ගලයෙක් වීම පාදයට නොගැළපෙන සුවපහසු නැති පාවහන් දීර්ඝ කාලයක් පැලදීම වගේ හේතු නිසා යටි පතුලේ වේදනාවල්ද දැඩි ලෙස ඇති වෙන්න පුළුවන්. සිරුරේ ඇති වන මෙවැනි වේදනාකාරී තත්ත්වයන් සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීමේදී ශල්‍යකර්ම වලට යොමු වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. නමුත් ආයුර්වේද වෛද්‍යට අනුව ශල්‍යකර්මවලට නොගොස් සාර්ථකව මෙම රෝගී තත්ත්වයන් සුව කර ගැනීමට හැකියාවක් ඔබට පවතිනවා. මාංශපේශී වල සිදුවන ප්‍රදාහය අවම කර ගැනීම සහ චලන පරාසය වැඩිකර ගැනීම මෙම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වල ප්‍රධාන අරමුණ වෙනවා. යෝග පත්තු සහ තෙල් වර්ග මේ සඳහා ඔවුන් වැඩි වශයෙන් භාවිතා කරනවා. ඒ වගේම අන්නාසි තක්කාලි අච්චාරු බලමාළු සැමන් ආදී උෂ්ණාධික ආහාර ලබා ගැනීම රෝගී තත්වයන් උත්සන්න වීමට හේතුව බවයි ඔවුන් පවසා සිටින්නේ.

මේ වගේ අවස්ථාවලදී ජලය සහ වලදී ජලය සහ ශරීරය සිසිල් කරන දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතාම වැදගත් වෙනවා. තවද අත් බෙහෙතක් ලෙස දිවිකදුරු ගෙඩියක් පොල්තෙල් පහනක දැල්ලෙන් රත්කර තැබීම මගින් සහනයක් ලබාගත හැකි වෙනවා. කෙසේ වෙතත් ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ මෙය ඔබේ ස්නායු රෝගයක රෝග ලක්ෂණයක් වන බැවින් සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍ය හෝ බටහිර වෛද්‍යවරයකු වෙත ගොස් ඊට අදාළ ප්‍රතිකාර ලබාගැනීම පමා නොකළ යුතු බවයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner