ඇස පිනවන ලිප්ස්ටික් හෙවත් තොල් ආලේපන

ඇස පිනවන ලිප්ස්ටික් හෙවත් තොල් ආලේපන

ad-bannerLifestyle

Published on 2/2/2020

319 Views

කාන්තාවන් වශයෙන් සමාජයේ කැපී පෙනෙන්නට කවුරුත් පාහේ කැමැත්තක් දක්වන අතර ලස්සනට ඉන්න හැඩවැඩ වෙන්න ඔවුන් තුළ පවතින්නේ දැඩි උනන්දුවකි. විශේෂයෙන්ම මෙහිදී කාන්තාවකගේ රූපයට සුවිශේෂී ස්ථානයක් ලැබෙන අතර බොහෝ කාන්තාවන් තමාගේ රූපය අනෙකාට වඩා ඉස්මතු කර පෙන්වීම සදහා විවිධ වූ ආලේපන වර්ග භාවිතා කරයි.

 

ඒ අතරින් තොල් ආලේපන හෙවත් lipstick වලට මූලික තැනක් හිමි වේ. දිනපතාම තොල් ආලේපන ගල්වන කාන්තාවන් මෙන්ම උත්සව අවස්ථාවකදී සුළු වශයෙන් තොල් ආලේපන භාවිතා කරන කාන්තාවන්ද අද වන විට දක්නට ලැබේ. මෙසේ ආලේප කරන තොල් ආලේපන ඉතා කුඩා ප්‍රමාණවලින් වුවද ශරීරගත වීමට අවස්ථාවක් පවතින අතර කාන්තාවන්ගෙන් බහුතරයක් මේ පිළිබඳව සැලකිල්ලක් නොදක්වයි. අතීතයේදී මෙම තොල් ආලේපන නිපදවූයේ යුරෝපීය කාන්තාවන් වෙනුවෙන් වන අතර ප්‍රධානතම හේතුව වූයේ යුරෝපීය කාන්තාවන් දුම්වැටි හා මත්ද්‍රව්‍ය වලට වඩාත් හුරු වී සිටීමයි. කාලයක් පුරා දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම තුළින් ඔවුන්ගේ දෙතොල් අවපැහැ ගැන්වීමක් සිදු වූ අතර දෙතොල් මලානික ස්වරූපයක් ගැනුණි. එම නිසා ඔවුන්ට තොල් ආලේපන වල අවශ්‍යතාවය දැඩි ලෙස ඉස්මතු විය. පසුකාලයේදී තොල් ආලේපන තුළින් ඇතිවන සුන්දරත්වය හේතුකොටගෙන යුරෝපීය කාන්තාවන් මෙන්ම ආසියාතික කාන්තාවන් ද දැඩි ලෙස තොල් අලේපන වලට නැඹුරු වීමක් දක්නට ලැබුණි.

 

ලිප්ස්ටික් සකස් කරනුයේ රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන වන අතර එම ද්‍රව්‍යවල ඇති බන්ධන වාතය, ජලය ආදිය එක් වීමෙන් ලිහිල් වීමක් සිදුවන අතර එම රසායනික ද්‍රව්‍ය සමට සියුම්ව කාවැදීමේ හැකියාවක් තිබේ. මේවායෙහි වැඩිපුරම අඩංගු වනුයේ ඇලුමිනියම්, රසදිය, මැග්නීසියම්, ක්‍රොමියම් හා කැඩ්මියම් වැනි රසායනික ද්‍රව්‍ය යි. කිසිදු තොල් ආලේපණයක් ශාකසාරවලින් හෝ ස්වභාවික දේ මගින් නිෂ්පාදනය නොකරනු ලබන අතර දිනපතා භාවිතා කරන තොල් ආලේපන නිසා පුද්ගල ශරීරයට කොතරම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් ලැබෙනවාද යන්න තීරණාත්මක ගැටලුවකි. පුද්ගලයෙකුගේ රුධිරයේ ඊයම් සුළු ප්‍රමාණයක් අඩංගු වන අතර මෙම තොල් ආලේපන වල අඩංගු ඊයම් ද පුද්ගල රුධිරයට එකතු වීමෙන් ස්නායු පද්ධතියට දැඩි හානි සිදුවිය හැකිය. තොල් ආලේපන භාවිතයෙන් වැලකී සිටීමට කාන්තාවන්ට හැකියාවක් ඇත්තෙන්ම නොමැති නිසාවෙන් ඔවුන්ට සිදුකළ හැක්කේ ඉහල ප්‍රමිතියෙන් යුතු තොල් ආලේපණයක් මිලට ගැනීම පමණි. මක්නිසාද දෙතොල් වල සම ඉතා සංවේදී සමකි. ස්වභාවධර්මයෙන් උරුම වූ රූපයේ සුන්දරත්වය අන් සැමට වඩා ලස්සන වන අතර බාහිරින් සුන්දර වන්නට ගොස් පවතින සුන්දරත්වයද අඩුකරගැනීම වර්තමානයේ ජීවත්වන කාන්තාවන්ගේ එක් දුර්වලකමක් ලෙස හඳුනාගත හැකි වේ

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner