පෝෂ්‍ය ගුණයෙන් අනූන පේර

පෝෂ්‍ය ගුණයෙන් අනූන පේර

ad-bannerLifestyle

Published on 2/14/2020

248 Views

පේර කියන නම ඇහෙනකොටම බොහෝදෙනෙක් වඩාත් ප්‍රියජනක භාවයක් දක්වයි. මක්නිසාද පේර වල පවතින ඉතාමත් මිහිරි රසය නිසාවෙනි. නිවසේදී අපට පේර නොයෙක් ආකාරයට සකසා ගැනීමෙන් ආහාරයට ගැනීමට හැකියාවක් තිබේ. කාලගුණික සහ දේශගුණික වෙනසකින් තොරව ඕනෑම පළාතක හොඳින් වැඩෙන ශාකයකි මෙම පේර ශාකය. පේර ගෙඩියක් තුළ අප දන්නවාට වඩා බොහෝමයක් පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ. ඔබේ ගෙවත්තේම පවතින රසයෙන් ගුණයෙන් අගතැන්පත් එලෙසින්ම බොහෝ පෝෂණ පදාර්ථ වලින් පරිපූර්ණ වූ පේර ශාකය පිළිබඳව ඔබව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

 

පුද්ගලයන් වශයෙන් පගේ මුඛ සෞඛ්‍ය අපට බොහොමත් වැදගත් වන අතර අපගේ දත් වල ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා පේර වඩාත් ගුණදායක වේ. මෙහිදී පේර ගෙඩියක් තුළ විටමින් ඒ, විටමින් බී, විටමින් සී, කැල්සියම්, තඹ, යකඩ, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, පොටෑසියම්, සිලෙනියම්, සින්ක් යන ක්ෂුද්‍ර පෝෂකද ප්‍රෝටීන් සහ ඇමයිනෝ අම්ලද අඩංගු වේ. තවද පෙර වල පවතින විශේෂ අන්තර්ගතය නිසාවෙන් ස්ථූලතාවය අවම කර ගත හැකි අතර දියවැඩියා රෝගීන්ටද පෙර වඩාත් ගුණදායකයි. ඊට හේතුව වනුයේ පේර රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට ඉමහත් ලෙසට උපකාරී වීමයි. තවද ඔබගේ ඇස් සඳහා අවශ්‍ය විටමින් a මෙම පේර වල අඩංගු බැවින් දිනපතා පේර ගෙඩියක් ආහාරයට ගැනීම තුළින් වඩාත් සෞඛ්‍ය සම්පන්න දෙනෙත් යුගලක් හිමි කරගැනීමට හැකිවේ. පේර වල අඩංගු තඹ ශරීරයේ පවතින තයිරොයිඩ් ග්‍රන්ථියේ නිරෝගීභාවයට වඩාත් උපකාරී වන අතර පේර තම සිරුරට ලබාගත හැකි හොඳම මගකි. වර්තමානයේ දී බොහෝ පුද්ගලයන් මලබද්ධය වැනි වේදනාකාරී රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින අතර එම රෝගීන් දිනකට පෙර ගෙඩියක් ගැනීම තුළින් බාහිරින් එම රෝග වලට බෙහෙත් වර්ග සහ කරල් වර්ග පාවිච්චි කරනවාට වඩා ඉක්මණින් සහනයක් ලබාගත හැකිවේ. තවද පුද්ගලයන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමට මෙන්ම මොළයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කිරීමටද පේර වලට හැකියාවක් පවතී.

 

තවද පෙර ගෙඩියේ පමණක් නොව පේර කොලයෙද ප්‍රතිඔක්සිකාරක, දිලීර, බැක්ටීරියා නසන ගුණය ඇති නිසා අත් බෙහෙතක් ලෙස ද ඉපැරණි වෛද්‍යවරුන් විසින් යොදාගෙන තිබේ. කාන්තාවන්ට පවතින වැඩිම කරදරකාරී ගැටළුවක් වන්නේ ඔවුන්ගේ හිසකෙස් වල පවතින අසාත්මිකතාවන් වේ. හිසකෙස් ගැලවී යාමේ ගැටළුවට පේරකොළ කදිම විසඳුමකි. පේර කොළ තැම්බූ ජලයෙන් හිස සේදීම තුලින් ඔබට වඩාත් ඔපවත් කෙස් කළඹක් මෙන්ම ශක්තිමත් කෙස් කළඹක්ද ලබා ගැනීමට හැකියාවක් ලැබේ. එපමනක් නොව මිනිස් සිරුරේ පවතින අහිතකර කොලෙස්ටරෝල් අඩු කිරීමේ ගුණයක්ද පේර වලට පවතින අතර පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා වළක්වන ආමාශයේ පිළිකා සෛල මර්දනය කරන ගුණයක් ද මේවායෙහි පවතී. තවද පීනස ඇදුම වැනි රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයන්ට මෙය වඩාත් ගුණදායක වන අතර කාන්තාවන්ගේ සමෙහි හටගන්නා කුරුලෑ සහ blackheads ඇත්නම් පේර කොළ තලා ඒ මත තබා විනාඩි කිහිපයකින් සෝදා හැරීමෙන් වඩාත් හොඳ ප්‍රතිපල ලබා ගැනීමට හැකියාවක් පවතී. මහලු වියේ පසුවන පුද්ගලයන්ට බොහෝ විට අස්ථි වේදනා කොන්දෙ වේදනා හට ගන්නා අතර පේර කොල වලින් සාදාගත් තලපයක් එම ඉදිමුණු අස්ථිවලට තබා තැබීමෙන් ඉක්මන් සුවයක් ලබා ගත හැකිවේ. තවද සමට සුසිනිඳු ඔපවත් බවක් එක් කිරීමට සහ සමෙහි මියගිය සෛල ඉවත් කිරීමට ද ඉඳුණු පේර ගෙඩියේ මාංසල කොටසට බිත්තර කහ මද එක්කර මුහුණේ ගැල්වීමෙන් හැකියාවක් ලැබේ.

 

රතු මදයක් සහිත පේර අනෙකුත් පේර විශේෂ වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථ අඩංගු පෙර විශේෂයකි. හිසරදය කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වෙහෙස සිරුරේ වේදනාව ඇති අයට පේර ගෙඩියක් ආහාරයට ගැනීමෙන්, පේර තේ බීමට ගැනීමෙන් වඩාත් සුවයක් ලබා ගැනීමටද හැකියාවක් පවතී. තවද කාන්තාවන්ට ඇතිවන ආර්තව ගැටලු සඳහා ද පේර වඩාත් ගුණදායක වන අතර අධික රුධිර පීඩනය ක්‍රමවත් කිරීමේ හැකියාවක්ද පේර සතුව පවතී. මෙවැනි පෝෂ්‍ය පදාර්ථ රැසකින් සමන්විත වූත් විවිධ වූ රෝග සුව කිරීමේ හැකියාවන්ගෙන් පරිපූර්ණ වූත් පේර ශාකයක් ඔබේ ගෙවත්තේ ද වගා කර ගනිමින් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ඔබටත් ඔබේ පවුලේ සාමාජිකයන්ටත් ලඟාකර දීම සියල්ලන්ගේම යුතුකමකි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner