අපේ දත් අපි රැක ගනිමු

අපේ දත් අපි රැක ගනිමු

ad-bannerLifestyle

Published on 2/2/2020

323 Views

දන්ත සෞඛ්‍යය වෙනුවෙන් ඇති දන්තාලේප සහ අනෙකුත් නිෂ්පාදන මගින් දත් දිරායාම වැලැක්වීම විදුරුමස් දිය වීම වැලැක්වීම මුඛ දුර්ගන්ධය නැති කිරීම ආදිය දිනෙන් දින තහවුරු කළ ද දත් සම්බන්ධ ගැටළු වලින් තවදුරටත් බොහෝ දෙනෙක් පීඩා විඳින දැකිය හැකිය. මේ ගැටලු අතරින් වැඩි ඉඩක් පවතින්නේ දත් නරක් වීම හෙවත් පණුවන් කෑම ආශ්‍රිතවයි දත් නරක් වන්නේ කෙසේද මුල් කාලයේ දතේ එනමලය විඛාදනය වීම හෙවත් දත මතුපිට සුදු පැහැති ලප මතුවනු දැකිය හැක. මේ සරල සාමාන්‍ය තත්වයකි. දත්වල ආරක්ෂාව වෙනුවෙන් ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් දිනපතා භාවිතා කළ යුතු බව වෙළඳ දැන්වීම් වලින් පවා කියා සිටින්නේ මේ සාමාන්‍ය තත්වය අවම කිරීම වෙනුවෙනි. නමුත් මේ පිළිබඳ සැලකිලිමත් නොවන කෙනෙකුට කල් ගතවීමත්ම දත් නරක් වීම යන බර පතල තත්ත්වයට ගැටළුවට මුහුණ දිය සිදුවෙයි. කලු ලප සහිත සුළු කුහර මතු වන තත්ත්වයේදී දන්තාලේපයක් පමණක් භාවිතා කිරීමේ ප්‍රමාණවත් නොවේ. මෙවන් තත්වයක දී සුළු පිරුමක් මගින් දත්ත තවදුරටත් රැකගත හැකි වේ.

මේ සඳහා අප කළ යුත්තේ කුමක්ද?

දත් ගැන නිරන්තර සෙවිල්ලෙන් සිටීම සුදු පැහැති ලප ඇති වී තිබේ නම් හඳුනා ගැනීමට උපකාරී වනු ඇත. මුල් අවස්ථාවේදීම එවන් තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාරයකට යොමු වීම වඩා වැදගත්ය සුදු ලප අපේ සාමාන්‍ය ඇසට නොපෙනෙන්න පුළුවන් එසේ වුවද දත් කැක්කුමක් හිරිවැටීමක් නැත්නම් පහසුවෙන් පෙනෙන කළු හෝ දුඹුරු ලප ඇති වී තිබේ. නම් පූර්ව නිගමනය වන්නේ දත් නරක් වීම ඇරඹේ ඇති බවයි.

ඒ අතරතුර සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු කළ හැකි සරල පුරුදු වලින් වැඩි කලක් රැක ගැනීමට හැකිවනු ඇත.


* සාමාන්‍යයෙන් දත් මත දැකිය හැකි දුඹුරු පැහැ තත්ත්වයක් මකා දැමීම වෙනුවෙන් තදින් දත් මැදීම නොකළ යුතුය. එයින් දතේ එනමලය පළුදුවී දත් නරක් වීම ඉක්මන් කරවීමයි.

*සෑම ප්‍රධාන කෑම වේලකින් පසුව සහ රාත්‍රී නින්දට පෙර ලුණු මිශ්‍ර ජලයෙන් මුඛය සේදීම.

කෑම ගැනීමෙන් පසුව දත් අතර රැඳුණු කෑම කැබලි ඉවත් කිරීම සහ දිව මත රැදෙන සුදු පැහැති පටලය බුරුසුවෙන් මැද ඉවත් කර ගැනීම.

*දත් අතර දත් මතුපිට රැදෙන කෑම කැබලි සා අංශු ඉවත් කිරීමේ එන්සයිම අන්නාසිවල අඩංගු වන නිසා අන්නාසි කැබලි මදවේලාවක් සපමින් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත්ය

 

 

by Kanushka Gayan

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner