ස්වාභාවික සත්කාර වලින් කුරුලෑ, ලප කැළැල් නැති කරමු

ස්වාභාවික සත්කාර වලින් කුරුලෑ, ලප කැළැල් නැති කරමු

ad-bannerLifestyle

Published on 2/20/2020

2513 Views

සම සිරුරට හැඩයක් සුන්දරත්වයක් ලබා දී පුද්ගල අනන්‍යතාවය ආරක්ෂා කරයි.  මෙහිදී මුහුණේ සම රැක ගැනීම සඳහා සියලු දෙනා දක්වන්නේ වැඩි උනන්දුවක්. මෙම සුන්දරත්වයට බලපෑම් කරන ප්‍රධාන සාධක වන්නේ සමේ හට ගන්නා කුරුලෑ හා ලප කැළැල් ය. බොහෝ විට කුරුලෑ හට ගන්නා සම තෙල් සහිත සමක් විය හැක.නමුත් මිශ්‍ර සම හා සංවේදී සමෙහි ද කුරුලෑ හට ගැනීමේ හැකියාව ඇත .

ඇල්ලූ විට තෙල් සහිත ස්වභාවයක් තිබීම, සුදු ලප සහ කළු ලප තැනින් තැන දැකිය හැකි වීම තෙල් සහිත සමේ ස්වභාවයයි.

මිශ්‍ර සම තෙල් හා වියළි ස්වභාවයක් ඇත. සම රළුය. ලප කැළැල් බහුලව ම ඇති වේ .

සංවේදී සම, එක් වරම රත් පැහැ වී ස්වල්ප වේලාවකින් යළි යථා තත්ත්වයට පත් වෙයි. සමට ඉතා ඉක්මනින් හානි සිදුවේ. ආලේපන වර්ගයන්ට හා හිරු එළියට අහිතකර ලෙස ප්‍රතික්‍රියා කරයි. අසාත්මිකතා බහුලව ඇති වේ.

ඔබේ සම නිවැරදිව හඳුනා ගෙන ඇති වන ගැටලු සඳහා පිළියම් යොදන්න.

     මී පැණි

ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයකින් යුතු මී පැණි පැහැපත් සමක් ලබා ගැනීමට සෑම විටම උපකාරී වේ. එසේම කුරුලෑ වියළීමට ද උදව් වේ.

කුරුඳු කුඩු ස්වල්පයකට මී පැණි මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

මී පැණි සහ කඩල පිටි මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 15 තබා සෝදා හරින්න .

     කහ

කහ මගින් ස්වභාවිකව සම පැහැපත් කරන අතර ඔබේ සම පිරිසිදු කරයි.

කහ, යෝගට්, සුදු හඳුන් එකට මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හරින්න .

ගස්ලබු සහ කහ මිශ්‍ර කර මුහුණේ ආලේප කර වියළුණු පසු සෝදන්න.   

     කෝමාරිකා

සම පැහැපත් කිරීමට සහ දීප්තිමත් කිරීමට සුවිශේෂී හැකියාවක් කෝමාරිකා තුළ පවතී.

කුරුඳු, මී පැණි, කෝමාරිකා මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.

     කඩල පිටි

සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සම පැහැපත් කිරීමට කඩල පිටි යොදා ගත හැකි ය.

කඩල ඇට කොටා පිටි ලබා ගන්න. එයට රෝස වතුර මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 15ක් තබා සෝදා හරින්න .

     ලෙමන්

ස්වභාවික බ්ලීචිං එකක් වන ලෙමන් වල විටමින් C බහුලව අන්තර්ගත .

ලෙමන් යුෂ තේ හැන්දකට ජලය මේස හැදි තුනක් මිශ්‍ර කර කොට්න් කැබැල්ලක පොඟවා මුහුණ ක්ලෙන්සර් කරන්න .

ලෙමන් යුෂ, ජලය, කහ මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි දහයක් තබා සෝදා හරින්න.

 

 

by Nuwandara Mudalige

Photo source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner