නිරෝගි දරුවෙකු හදන්න උපදෙස් - 1

නිරෝගි දරුවෙකු හදන්න උපදෙස් - 1

ad-bannerLifestyle

Published on 4/7/2020

165 Views

දරුවකු මානසික හා කායික නිරෝගී බවෙන් උපත ලැබුවත් දරුවා සහ අම්මා අතර බැඳීම ඇති වන්නේ දරුවා උපන් මුල් කාලයේ පටන් ය.ඒ කායික මානසික ක්‍රියාකාරකම් වැඩිවීමට මව දරුවා හා පවත්වන සම්බන්ධතාවයෙනි. ඒත් ඒ ගැන නොදන්නා බොහෝ මව්වරු අලුත උපන් දරුවා පළමු මාසයේ පැය විසි හතරෙන් පැය විසි දෙකක් ම නිදා ගන්නා බැවින් මව දරුවා නිදා සිටින විට තම වැඩ කටයුතු කර ගැනීමට පෙළඹෙති.ඒත් දරුවා අවදි ව සිටින සුළු කාලෙදි මව පුංචි සිඟිත්තා සමඟ කතා කිරීම තුළින් දරුවා ගේ මානසික හා කායික නිරෝගී බව වර්ධනය වන බවබොහෝ මව්වරු නොදන්නා දන්නා කරුණකි.

දරුවා ඉපදී පළමු සති දෙක පමණ කාලයක් දරුවා ඇස් හැර බලන්නේ නැත දරුවා අපහසුවෙන් හෝ ඇස් ඇර බලන්නේ සති දෙකක් පමණ ගිය විට ය .එසේ ඇස් හැර බැලුවද යමක් දෙස බැලීමට දරුවා නොදනී.ඒ නිසා හැර ඇස් හැර සුළු වෙලාවක් ඔහේ බලාගෙන සිටි .ඒ නිසා ඔබ ඒ පිලිබඳව එතරම් අවධානය යොමු නොකෙරේ .ඊට හේතුව අවදිව සිටින කාලයේදී දරුවා මුත්‍රා පිට කර හෝ මළපහ කර ඒ අපහසුතාවයට හැඬීම මිස වෙන ක්‍රියාකාරකමක් සිදු නොකරන නිසාය .නමුත් ඒ අවස්ථාවලදී මව විසින් සිදුකරන පුංචි ක්‍රියාකාරකම් තුලින් පවා අලුත උපන් දරුවාගේ මානසික හා කායික ක්‍රියාකාරකම් වර්ධනයවේ.

ඉපදී පළමු සති දෙකකට පමණ පසු දරුවා අවදි ව සිටින විට අම්මා දරුවාගේ මුහුණට මුහුණ තබා කතා කරන්න.එහෙත් දරුවාට කතාව නොතේරුණත් උපන් මුල් කාලයේදී පටන් සෙල්ලම් බඩු වලට වඩා මිනිස් මුහුණට දරුවා කැමති බැවින් මව සහ දරුවා අතර පවතින සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමට උපකාරී වේ .


බොහෝ මව්වරු සිතන්නේ වෙළඳ ප්‍රචාරණ වලින් කියවෙන පිටි වර්ග ගර්භනීය කාලයේත් ඉන්පසුව පානය කළ විට උපදින දරුවාගේ මොලේ වැඩෙන බවයි.එම පිටි බීමෙන් සිදු වන්නේ මුදල් නාස්තියක් පමණි ඒ හැර ඉන් උපදින දරුවාගේ මොළය වැඩෙන්නේ නැත .දරුවාගේ මොලය වැඩෙන්නේ පළමු මාස හය දක්වා දෙන මවුකිරිවලින් සහ ඉන් පසු දරුවාට ලැබෙන ක්‍රියාකාරකම් වලිනි .මේ නිසා දරුවාට මව්කිරි වලට අමතරව ඒ ඒ වයසට ගැලපෙන ක්‍රියාකාරකම් සිදු විය යුතුයි ඒ නිසා දරුවා උපන් දා පටන් විශේෂයෙන් සති දෙකක් පමණ ගතවූ පසු මව පුංචි පුංචි ක්‍රියාකාරකම් වලට දරුවාව හුරු කර ගත යුතුයි .

දරුවාට උපන්දා පටන් කන් ඇසෙයි.මේ නිසා දරුවා අවදිව සිටින විට අම්මා දරුවා දෙස බලා ගීත ගායනා කරන්න .කතාකරන්න .ගීත ගායනා හෝ පිරිත් වැනි දෑ මවුකුසේ දී දරුවාට ඇසෙන්නට සැලසුවහොත් දරුවා උපන් පසුත් ඒවා නැවත ඇසීමට සැලැස්වීමදී දරුවා ඒ හඬ පෙර අසා තිබෙන බැවින් දරුවා එහි හඬට වඩාත් අවධානය යොමු කරයි.එම හඬට නැලවෙයි .අපහසුවක් නොමැතිව ම දරුවා නිදා ගනියි .එසේ උපන් මුල් කාලයේ පටන් මව තමන්ගේ වැඩ කරමින් නොසිට දරුවා හා කතා කිරීම තුළින් දරුවාගේ මානසික ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීමට ඉතාමත් වැදගත්ය .

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

 

ad-banner

0 Comments

Leave a comment

ad-banner