අඹ වලට හැදෙන ලෙඩ

අඹ වලට හැදෙන ලෙඩ

ad-bannerLifestyle

Published on 2/2/2020

147 Views

1.  ඇන්ත්‍රැක්නෝස් රෝගය

 

මෙය අඹවලට බහුලවම වැළදෙන දිලීර රෝගයකි. Colletorichum gloeosporioides නම් දිලීරය නිසා මෙම රෝගය වැලදේ. බොහෝ අඹ ගෙඩිවල ලපටි කාලයේදීම මෙම දිලීරය ආසාදනය වී තිබිය හැක. නමුත් ගෙඩි ඉදෙන  අවස්ථාවේදී දිලීරය වර්ධනය වී කළු/දුඹුරු පැහැති ලප ඇති වේ. මෙම ලප ආශ්‍රිතව දිලීරයේ ක්‍රියාකාරීත්වය බොහෝ විට පොත්තට පමණක් සීමා වන අතර සමහර අවස්ථා වලදී මාංසලයටද විහිදිය හැක. විලාඩ් හා බෙටි අඹ වල මෙම රෝගය බහුලව වැලදේ.

 

පාලනය

ගස තුලට හොදින් හිරැ එළිය පතිත වන පරිදි අනවශ්‍යය අතු කපා ඉවත් කරන්න. නෙලාගත් අඹ ගෙඩි සෙ.ග්‍රේ. අංශක 52 දක්වා රත්කර ගත් ජලයේ විනාඩි 03 – 05 අතර කාලයක් ගිල්වා තබන්න. (මෙම උෂ්ණත්වය අත දැමිය හැකි තරමේ උෂ්ණත්වයකි) හල් හටගැනීමට පෙර හා ගෙඩි කුඩා කාලයේදී ගසෙහි කදට හා අතුපතරට හොදින් වදින සේ නිර්දේශිත දිලීර නාශකයක් යොදන්න. මේ සදහා පහත සදහන් දිලීර නාශකයක් භාවිතා කල හැක.

 

මැන්කෝසෙබ් 80% WP                             20g                     

මැනෝබ් 80% WP                                        20g

තයෝෆනේට් මීතයිල් 70% WP               06g

කාබෙන්ඩසිම් 50% WP/Wb                      07g

කාබෙන්ඩසිම් 500g/l SC                             7ml

ක්ලෝරොතැලොනිල් 500g/l SC              15ml

ප්‍රොපිකොනසෝල් 250g/l EC                   10ml

ෆ්ලුසිලසෝල් 400g/l SC                                8ml

 

(ඉහත දක්වා ඇත්තේ ජලය ලීටර් 10 කට එකතු කල යුතු ප්‍රමාණයන්ය)

 

 

2. නටු අග කුණු වීම

 

මෙම රෝගය කරුතකොලොම්බන් අඹවලට බහුලව වැලදේ. රෝගකාරකයා වන්නේ Botryodiplodia theobromace නම් දිලීරයයි. මෙම දිලීරයද බොහෝ අවස්ථාවලදී අඹ ගසෙහිම තිබෙන බැවින් කුඩා කාලයේදීම ආසාදනය විය හැකියි. නමුත් මෙය ක්‍රියාකාරී වන්නේ ගෙඩි ඉදෙන කාලය වන විටය. එවිට මෙය ඉතා සීඝුයෙන් මාංසලයට ආසාධනය වේ.

 

පාලනය

අඹ ගස් කප්පාදු කිරීම මගින් ගස් තුලට හිරු එළිය වැටීමෙන් දිලීරය ගසේ පැතිරීම අඩු කිරීමෙන්ද ක්ෂේත්‍රෙය්දී සිදුවන ආසාදනය අඩු කළ හැකිය. එසේම දිලීර නාශකයක් (මැන්කොසෙබ්) මල් පීදුණු පසුවත් ගෙඩි මේරීමට පෙරත් ඉසීමෙන් ද ක්ෂේතුයේදී සිදුවන ආසාදනය අඩුකල හැකිය.

 

තවද ගෙඩි හොදින් මේරූ පසු කැඩීමෙන්. කිරිවලින් පිලිස්සීමෙන් වලකාලීමෙන් සහ යාන්ත්‍රික හානි සිදුවීම අවම කරගැනීම තුලින් බොහෝදුරට රෝගය පාලනය නරගත හැකිය.

 

ඔබේ ගෙවත්තෙහි ඇති අඹ ශාකයෙත් මෙම රෝග දක්නට ලැබේ නම් මෙම උපක්‍රම භාවිතයෙන් ඔබේ අස්වැන්න බේරාගත හැකිවනු ඇත. 

 

 

by Yasantha Mihiran

Photo Source : Internet                                      

ad-banner

0 Comments

Leave a comment

ad-banner