දෑත් වලට මෙනික්‍යු එකක් ගෙදරදීම කරමු

දෑත් වලට මෙනික්‍යු එකක් ගෙදරදීම කරමු

ad-bannerLifestyle

Published on 4/14/2020

2631 Views

දෑත් සුන්දර කරන මෙනික්‍යු සත්කාරය පිළිබඳව ඔබ කොතෙකුත් අසා ඇති. නමුත් නිවසේදීම එම සත්කාරය නිවැරදිව කරගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත් වී නොසිටින්නට පුලුවනි. නිවසේදීම නිවැරදිව අවබෝධයකින් යුක්තව මෙනික්‍යු සත්කාරයක් ඔබගේ දෑත් වලට ලබාදීමට හැකි නම් එය කෙතරම් වටිනවාද. වර්තමානයේ දී කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගෘහණියන්ට ද මෙම ලිපිය මහත් අස්වැසිල්ලක් මෙන්ම උපකාරයක් ද වනු ඇත. ඔබගේ එදිනෙදා වැඩ කටයුතු වලින් සියල්ලක්ම පාහේ සිදු කිරීමට ඔබට උදව් වන්නේ ඔබගේ දෑත් යුගලයයි. එම දෑත් වලට අවශ්‍ය නිසි පෝෂණය ලබා දීම ඔබගේ යුතුකමක් නොවේද. නිරෝගිමත් සහ සුන්දර දෑත් යුගලයක් තිබීම තුළින් ඔබ අන් අය අතර කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වීමට ද හැකියාවක් පවතී. ඔබේ දෑත් වලට නිවැරදිව මෙනික්‍යු සත්කාරයක් සිදුකර ගන්නා ආකාරය දැන් විමසා බලමු.

මෙහිදී ඔබ විසින් පළමුව ක්ලෙන්සර් එකක් යොදා ගනිමින් අත් හොඳින් පිරිසිදු කළ යුතුයි. ඔබගේ නිය පොතු වල ක්‍යූටෙක්ස් තවරා තිබේ නම් ඒවා ඉවත් කරගන්න. ඒ සඳහා තත්වයෙන් ඉහල ගුණයක් සහිත remover එකක් යොදා ගැනීමට වග බලා ගන්න. බාල වර්ගයේ remover එකක් භාවිතා කිරීම තුලින් ඔබගේ නියපොතු අවපැහැ ගැන්වීමට හැකියාවක් පවතී. ඉන් අනතුරුව nail cutter එකක් භාවිතා කරමින් නියපොතු එක ගානකට පිළිවෙළට කපාගන්න. සාමාන්‍ය රස්නයක් සහිත පිරිසිදු වතුරට ඩෙටෝල් ටිකක් දිය කරගනිමින් nail බ්‍රෂ් එකකින් නියපොතු හොඳින් මැදගන්න. පසුව අත් දෙකම තුවායක් යොදා ගනිමින් තෙත මාත්තු කරන්න. අනතුරුව ඔබ විසින් කියුටිකල් වලට සත්කාරය ආරම්භ කළ යුතුයි. cuticle cream එකක් මගින් කියුටිකල් හොඳින් මසාජ් කරගන්න. කියුටිකල් pressure එකක් ආධාරයෙන් කියුටිකල් එක පිටිපස්සට තද කර රවුමට හදාගන්න. ඒ වගේම cuticle කටර් එකෙන් අනවශ්‍ය කොටස් කපා ඉවත් කර ගැනීමට ඔබට පුළුවනි. ඉන් අනතුරුව ස්ක්‍රබ් කිරීම සිදු කළ යුතු වේ. දෑත් වලට සුදුසු ස්ක්‍රබ් එකක් ආලේප කර විනාඩි 5ක් පමණ හොඳින් ස්ක්‍රබ් කරගන්න. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ඔබ විසින් මෙවැනි මෙනික්‍යු සත්කාරයක් සිදුකිරීමේදී මසකට වතාවක් පමණ මෙම ස්ක්‍රබ් එක සිදු කළ යුතු බවයි. ආමන්ඩ් කුඩු, අරළු කුඩු, නෙල්ලි කුඩු, වැල්මදටිය කුඩු සමසමව රැගෙන මී කිරි හෝ යෝගට් කලවම් කර අත් දෙකේ ආලේප කර රවුමට ඇඟිලි තුඩුවලින් ස්ක්‍රබ් කිරීම සිදුකරන්න. දැන් ඔබ විසින් පැක් එක සූදානම් කරගත යුතුයි. ඔබගේ දෑත් හොඳින් සෝදා පැක් එක දමා විනාඩි විස්සක් පමණ තබන්න. වැල්මී කුඩු, ප්‍ රත් හඳුන් කුඩු, ඉරමුසු කුඩු සම සමව ගෙන මී කිරි සමග කලවම් කර දෑත්වල විනාඩි විස්සක් පමණ ආලේප කර තබන්න. ඉන් පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න. ඉන් අනතුරුව මසාජ් ක්‍රීම් ගල්වා අත්දෙක හොඳින් මසාජ් කරගන්න. එක් අතක් මසාජ් කර අවසන් වූ පසු අනෙක් අත මසාජ් කර ඉවර වන තුරු මසාජ් කරපු අත තුවායකින් ඔතා තැබීමට අමතක නොකරන්න. අවසාන වශයෙන් මද රස්නයක් සහිත පිරිසිදු වතුරෙන් තෙමා දියකරගත් තුවායකින් අත් පිහදාගෙන අත් දෙකේම suncream සහ මොයිස්චරයිසර් ක්‍රීම් ආලේප කර ගන්න.


මේ ආකාරයට ඔබටත් නිවසේදීම සාර්ථකව මෙනික්‍යු සත්කාරයක් ඔබේ දෑත් වලට සිදුකර ගැනීමට හැකියාවක් පවතී. මෙවැනි දේ කිරීම තුළින් ඔබේ දෑත් වලට අලුත් ජීවයක් ලබාදීමට ඔබටත් හැකියාවක් ලැබේවි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner