2020 දී බලවත් කේන්ද්‍ර හිමි දරුවන් ලබා ගැනීමට නම්

2020 දී බලවත් කේන්ද්‍ර හිමි දරුවන් ලබා ගැනීමට නම්

ad-bannerLifestyle

Published on 2/1/2020

346 Views

බලවත් කේන්ද්‍රය යනුවෙන් අදහස් කරන්නේ සුදුසු තැන්වල ග්‍රහයින් බලවත් ව සිටීමයි. බලවත්කම වැඩිම තැන ග්‍රහයා උච්ච වී තිබීමයි. දෙවන ස්ථානය ස්වක්ෂේත්‍ර වීමයි. තුන්වනුව මිත්‍ර හා සම අවස්ථා ද හතරවෙනුව සතුරු අවස්ථාවද අවසන් වශයෙන් නීච අවස්ථාවද ගත හැකිය. මෙය සාමාන්‍ය ක්‍රමයයි.


බලවත් හඳහනක් හිමි වීමෙන් බලවත්,ධනවත්,උගත් හොඳ රැකියාවක් කරන කෙනෙකු බොහෝ සැප සම්පත් ලබන කෙනෙකු වීමට හේතුවයි. එහෙත් කෙනකුගේ හදහනේ බලවත් ග්‍රහයින් පමණක් නොපිහිටයි. ලෝකයේ උසස්ම තනතුර වූ බුද්ධත්වයට පත් බුදුරජාණන් වහන්සේගේ හඳහනේ පවා සියලුම ග්‍රහයින් බලවත් නොවීය. විද්‍යාඥයින්ගේ නායකයින්ගේ හා විශාල ධනවතුන්ගේ හඳහන් වල බලවත් ග්‍රහයින් වැඩියෙන් ඇත. බොහෝවිට රවි බුද්ධ ගුරු චන්ද්‍ර වැනි ග්‍රහයින් බලවත් වීම උසස් තැනකට පත් වීමට හේතු වේ.


2019 වර්ෂයේ රවි හා බුධ බලවත් කාලයේ සිකුරු නීච නිසා 2019 වර්ෂය අත්හැර 2020 වර්ෂය තෝරා ගතිමි. මිනිස් කලලයක් හට ගැනීම හා උපත ලැබීම අවශ්‍ය පරිදි දැන් වෛද්‍ය විද්‍යාව අනුව කරගත හැකි වේ. අමාරුම කාර්යය වනුයේ අපට අවශ්‍ය දිනයේ දී පිළිසිඳ ගැන්වීමයි.

 


එහෙත් ඒ බොහෝ දුරට කරගත හැකි වේ. ඒ පිළිබඳව නොදන්නා කෙනෙකුට නම් එය පවුලෙ වෛද්‍යවරයාගෙන් අසා දැන ගත හැකි වේ. දරුවා බිහි කරවීම ශල්‍ය කර්මයකින් අවශ්‍ය වේලාවට කරගත හැකි වේ. එ් සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමෙන් එය කරගත හැකි වේ. විවාහක කාන්තාවක් තම ඔසප් දිනයේ සිට ඊළඟ මාසයේ ඒ ආසන්නයේ ඔසප්වීම සිදු නොවුනහොත් පිලිසිඳ ගැනීමක් සිදු වී ඇතැයි සැක කරනු ලැබේ. අවසන් සෘතුවේ මේ දිනයේ සිට දින 270කින් රුවා ප්‍රසූත වේ යැයි සලකනු ලැබේ. ඒ අනුව අවසන් සෘතු දිනය 2019 දෙසැම්බර් 17 ලෙස ගනිමු. එදිනට සිට දින දෙසිය හැත්තෑවක් ගතවනුයේ 2020 සැප්තැම්බර් 09 දිනටය. 2020 සැප්තැම්බර් 09 වන බදාදා 12.30ට කොළඹ දී දරුවා ලබා ගන්නවා යැයි සිතමු. එවිට දරුවාගේ හඳහන පහත සඳහන් පරිදි වේ.
මෙහි රවි සිටින්නේ දහයේය. ස්වක්ෂේත්‍රය බුධ උච්චය. චන්ද්‍රයා උච්චය. ගුරු කුජ ශනි ස්වක්ෂේත්‍රය. රාහු කේතු සාමාන්‍ය ලෙස බලවත්ය. සිකුරු දුර්වලය. මේ කාලයේ කුමන වේලාවක් ගත්තත් සිකුරු දුර්වල වීම වැළැක්විය නොහැකිය.


2020 වර්ෂයේදී මෙදින සහ මෙදිනට ආසන්නයේ පමණක් මෙම බලවත් පිහිටීම් ලැබෙනු ඇත. රවි දහයේ සිටීමත් බුද්ධ උච්ච වීමත් අනෙක් ග්‍රහයන්ගේ බලවත් වීමත් හේතුකොටගෙන මෙම දරුවාට වෛද්‍යවරයකු වීමේ හැකියාව තිබේ. සාමන්‍ය වෛද්‍යවරයෙකු පමණක් නොව විශේෂඥ උසස් වෛද්‍යවරයෙකු විය හැකිය. චන්ද්‍රයා උච්ච වන්නේ සැප්තැම්බර් 9,10 දින දෙකේදී පමණි. ඒ නිසා ලැබෙන්නේ දියණියක් නම් වඩාත් හොඳය. ස්ත්‍රී ලාලිත්‍යයෙන් හා රූප සම්පත්තියෙන් අනුන අයෙකු වේ.
2020 සැප්තැම්බර් 09 වන බදාදා රාත්‍රී 11.30 ට ශල්‍යකර්මයකින් දරුවා ලබාගන්නවා යයි සිතමු. එවිට දරුවාගේ හඳහන මෙසේය. කලින් දැක්වූ හදහනේ ග්‍රහයින් සිටින ස්ථාන වලට විරුද්ධ ස්ථානවල මෙහි ග්‍රහයින් පිහිටා ඇත. මෙහි ලග්නයේ සිටින චන්ද්‍රයා උච්චය. හතරවැන්නාධිපති හතරේම ය. මේ නිසා මැති,ඇමති,දිසාපති,තානාපති හෝ පළාතකට නායක වේ. පස්වැන්නාධිපතියා පහේම ය. අටවැන්නාධිපතියා අටේමය. නවවැන්නාධිපතියා නවයේමය. දොළොස්වැන්නාධිපතියා දොළහේමය. මේ ඉතා යහපත් බලවත් පිහිටීම්ය. බොහෝ ඉහලට යා හැකිය.


ඔබේ ඉලක්කය ටිකක් වැරදුනත් දරුවා ඉපදීමේ කාලය සැප්තැම්බර් 03ත් 16ත් අතර වේ නම් ඉහත ග්‍රහ පිහිටීම් ඇති දරුවකු ලබාගත හැකි වේ. හඳහනේ ග්‍රහයින් සිටින ස්ථාන වෙනස්විය හැකිය. තවද පිළිසිඳ ගැනීමේ කාලයද මෙහි සඳහන් දිනට දින 15 ක පමණ වෙනසක් ඇති වුවත් සැප්තැම්බර් 3ත් 16ත් අතර කාලයේදී දරුවා ගැනීමට වෛද්‍යවරයා අකමැති නොවනු ඇත. ඒ ඒ දරුවා 2020 වර්ෂයේ උපදින ඉහළම ග්‍රහ පිහිටීම් ඒ ඇති දරුවෙකු වනු ඇත.
මෙහි සඳහන් ආකාරයේ කිසිම උත්සාහයක් නොගෙන වුවද 2020 සැප්තැම්බර් 03ත් 16ත් අතර දින උපදින දරුවන් ඉතා වාසනාවන්ත වනු ඇත.

 

 

by Gihan Hapuhetti

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner